මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට දැනුම්දීමක්

Spread the love

පොලිස් ආඥා පනතේ පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා භාවිත නොකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබෙනවා.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව අවධාරණය කරනවා.

අද (02) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමන සඳහා අවසර ලබාගන්නා ලෙස පොලීසිය නීතිවිරෝධී ලෙස දැනුම් දී ඇති බවයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන චෝදනා කරන්නේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය බවත් මෙම අවස්ථාවේ දී යම් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් සිදුවුවහොත් එය රටට බරපතළ ප්‍රතිවිපාක ඇති වීමට හේතුවිය හැකි බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පොලීසිය වෙත පෙන්වා දෙන්නේ.

Related Posts