බිල්පත් නොගෙවූ මැතිඇමතිවරුන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට පියවර

Spread the love

මෙතෙක් ජල බිල්පත් පියවා නොමැති මැතිඇමතිවරුන් තවත් මාස දෙකක් තුළ එය පියවීමට කටයුතු නොකරන්නේ නම් ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පවසනවා.

ඒ අනුව කතානායකවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ පසු ජල බිල්පත් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් ලබාදෙන ලෙස දැනුම් දුන් බවත් ඉන් පසු මාස දෙකක් තුළ අදාළ මුදල නොගෙවන්නේ නම් ජල සැපයුම විසන්ධි කිරීමට කටයුතු කරන ලෙස කතානායකවරයා දැනුම්දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙම වසරේ අගෝස්තු මාසය තුළ පමණක් ජල බිල්පත් නොගෙවූ ජල සැපයුම් විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් විසන්ධි කිරීමට පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts