බැසිල්ගේ අයවැයෙන් ජනතාවට මොකද වෙන්නේ ? 43 සේනාංකයේ විග්‍රහය

Spread the love

43 සේනාංකයේ ආර්ථික කමිටුව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අය-වැය ලේඛණය සම්බන්ධයෙන් අද (නොවැම්බර් 15) දින මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබිණ.

එහිදී අදහස් දැක්වූ ආචාර්ය, නීතීඥ ශානුක සෙනරත් මහතා සඳහන් කළේ රාජ්‍ය අය-වැය ලේඛණයෙන් යෝජනා කර ඇති පරිදි රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සඳහා වක්‍ර බදු ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වයක් ලබා දීම සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාවට පත් කරවන ක්‍රියාවලියක් බවය.

බද්දක ප්‍රධාන ලක්ෂණ වන්නේ, සාධාරණ වීම, අය කර ගැනීම පහසු වීම,  සමාජයේ ආර්ථිකයේ සංකූලතා ඇති නොවීමය.

රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා ආණ්ඩුව වක්‍ර බදු ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබේ. වක්‍ර බද්ද ආදායම් විෂමතාවය තීව්‍ර කරයි. විශාල ආදායමක් ලබන පුද්ගලයකු හා සාමාන්‍ය ආදායමක් ලබන පුද්ගලයකු තම ආදායමෙන් සමාන ප්‍රතිශතයක් ලෙස බදු ගෙවන අතර ආදායම අඩු පුද්ගලයාට විසින් තම ආදායමෙන් විශාල කොටසක් බදු ලෙස ගෙවීමට සිදු වේ.

මෙවර අය-වැය ලේඛණය මගින් අලුත් බදු කිහිපයක් හඳුන්වා දීමට ද ආණ්ඩුව කටයුතු කර තිබේ. එක්වරක් පමණක් අයකරන අධිභාර බද්ද මින් එකකි. මෙයින් රුපියල් මිලියන දෙදාහට වඩා වැඩි බදු අය කළ හැකි ආදායමක් ලබන ආයතන වලින් අය කරන බද්ද මගින් බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට මූල්‍යමය පීඩනයක් ඇති කළ හැකිය.

පිරිවැටුම මත සමාජ ආරක්ෂණ දායක මුදලක් හඳුන්වා දී තිබේ. එහි බදු අනුපාතය වැඩිවීම  ආයතන මත. දැන් තිබෙන පීඩනයට අමතරව තවත් මූල්‍ය පීඩනයක් ඇති වේ.

එකතු කළ අගය මත අයකරන බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීම : එකතු කළ අගය මත අය කරන බද්දක ලක්ෂණය වන්නේ එය භාණ්ඩයේ මිලට එකතු වීමය.  පාරිභෝගිකයාට මේ බද්ද විතැන් වේ. මේ බද්ද පාරිභෝගිකයාට විතැන් නොකර සිටින්නේ කොහොමද එය ක්‍රියාවේ යොදවන්නේ කොහොමද යන්න අතිශය ගැටළුකාරීය.

වාහන අනතුරු සිදු වූ විටෙක රජයට බදු අය කර ගැනීම මෙවර අයවැයෙහි දක්වා ඇති අතර එම මුදල් රක්ෂණය මගින් ප්‍රතිපූර්නය කිරීමට හැකි බව දන්වා ඇත. එහිදී පාරිභෝගිකයාගෙන් රක්ෂණ සමාගම විසින් වැඩි මුදලක් අය කරගැනීමට යොමු විය හැක.

දේශීය ආයෝජකයින් දිරිමත් කිරීම සදහා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු ඉවත් කර ඇති අතර ආයෝජකයින් හට අපහසු වන්නේ ලියාපදිංචි ගාස්තු ගෙවීමට නොව මූලික පහසුකම් සපයා ගැනීමේ සිට මෙහෙයුම් ක්‍රියාවලියයි.

විශ්‍රාම වැටුප අවු. 65 දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව යෝජනා කර තිබේ.  ලංකාවේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති නමුත් ලංකාවේ සේවා වියුක්තිය විශාල වශයෙන් තිබෙන තත්ත්වයක් තුළ තරුණ ජනගහනයට රැකියා අවස්ථා දුලබ අවස්ථාවක සේවයේ නියුතු අය තවත් වසර කිහිපයක් සේවයේ යෙදීම, තරුණයන්ට රැකියා නොලැබීමත්, අඩුවීමත්, එමගින් තරුණ වෙනත් ප්‍රශ්න ඇතිවීමත්, ඔවුන්ගේ කාර්යක්ෂම බව නැතිවීමත්, අපේක්ෂා භංගත්වයත් ඇති වේ. වියපත් ජනතාව තම සේවය සැපයීම තුළ, කොතරම් කාර්යක්ෂමද, නවීන තාක්ෂණයත් සමඟ කොයිතරම් ඔවුන් කාර්යක්ෂමද? යන්න තවත් ගැටලුවකි.

“ජාත්යන්තරව පිළිගත්ත මුදල් ඒකකයක් නොවන, ලංකාවේ රුපියල දිගින් දිගටම අච්චු ගහන්න ගත්තහම, එක පැත්තකින් අපේ ආර්ථිකය සමාභාර  සැපයුම එහෙම නැත්නම් රටේ නිෂ්පාදනය වැඩි නොවන අවස්ථාවක, එහෙම නැත්නම් නිෂ්පාදනය යම් ස්ථාවරව තිබෙන අවස්ථාවක මුදල් ප්‍රමාණය වැඩිවීම තුළ අනිවාර්යෙන්ම උද්ධමනය ඇති කරනවා. එක කොහොමටවත් ලංකාවට ගැලපෙන් නැහැ. ලංකාවට එහෙම එකකුත් නැහැ. එහෙම තිබ්බත් ඒක ලංකාවට කිසිම ආකාරයකින් යොදාගන්න බැහැ. අනිවාර්යෙන්ම මුදල් අච්චු ගැසීම සිද්ධවෙන්නේ. උද්ධමනය සිදුවීම.

මෙහිදී අදහස් දැක්වූ 43 සේනාංක කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක බන්දුල චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ, ගොවියන්, රාජ්‍ය සේවකයන්, කුඩා ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් ද දැඩි ආර්ථික අර්බුදයකට පත් ව තිබෙන බවය.

අයවැයෙන් විවිධාකාර වක්‍ර බදු පනවමින් ආදායම වැඩි කර ගැනීමට ගන්නා බදු ප් රතිපත්තිය වෙනස් කරලා ඉහළම ධනපතියන්ට බදු සහන දුන්නේය.

“රාජ්‍ය සේවකයන් ආණ්ඩුවට බරක් වෙලා කියන මුදල් ඇමැති ත් හිටපු ආණ්ඩුවෙන් ලක්ෂ නමයක රාජ්‍ය සේවකයන්, ලක්ෂ පහළොව දක්වා වැඩි කළා.” අමනෝඥ විදිහට තම පාක්ෂිකයන්ට රැකියාවල් දෙන තම පාක්ෂිකයන්ගේ දරුවන්ට රැකියාවල් දෙන මුවාවෙන් කිසිම විද්‍යානුකූල පදනමක් නැතිව රාජ්‍ය පුළුල් කළේ රාජපක්ෂ ආණ්ඩුව බව ද හෙතෙම පෙන්වා දෙයි.

Related Posts