පොහොර සහනාධාරය ගන්න වී ගොවීන්ට අලුත් නීතියක්

Spread the love

මහ කන්නයෙන් නෙළන අස්වැන්නේ හෙක්ටයාරයකින් වී කිලෝ 1,000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දිය යුතු බවත්, එසේ ලබා නොදෙන ගොවීන් හට ඊළඟ කන්නය සඳහා පොහොර සහනාධාරය නොලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

වගා කර තිබෙන හෙක්ටයාර ප්‍රමාණය අනුව වී අලෙවි මණ්ඩලයට ලබා දිය යුතු වී කිලෝ ප්‍රමාණය අඩු වැඩි වන අතර නිශ්චිත ප්‍රමාණය දීමෙන් පසු වී අලෙවි මණ්ඩලයෙන් නිකුත් කරන කූපනය හා පස් පරීක්ෂා කිරීමේ වාර්තාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පසු අදාළ පොහොර සහනාධාරය දීමට කටයුතු සලසා ඇත.

මෙවර මහ කන්නයේදී වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ගොවීන්ගෙන් මිලදී ගැනීමට කටයුතු යොදා තිබෙන අතර එම මිලදී ගැනීම කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මගින් කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස්දී තිබේ.

මෙතෙක් බාහිර පාර්ශ්ව විසින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී අතරමැදියන් අතට මුදල් ලැබෙන බැවින් මින් පසු එය නතර කිරීමට විෂය භාර ඇමැතිවරයාගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඉහත කී පරිදි වී මිලට ගැනීමේ ක්‍රියාවලිය ගොවිජන සහකාර කොමසාරිස්වරුන්ගේ අධීක්ෂණය යටතේ කිරීමටද ඇමැතිවරයා උපදෙස්දී තිබේ.

RSL

Related Posts