පුංචි ඡන්දයට වියදම් කරලා රට බංකලොත් වුණොත් ඡන්ද තියන්නත් රටක් නැති වෙනවා

Spread the love

පුංචි ඡන්දයට වියදම් කොට රට බංකොලොත් වුවහොත් නැවත ඡන්ද තැබීමට රටක් ඉතිරි නොවනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (පෙබ.10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

“රාජ්‍යයක් පවත්වාගෙන යාමට ඉතා අත්‍යාවශ්‍ය කාරණයක් තමයි බදු. රාජ්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය කරන යටිතල පහසුකම්, ආරක්ෂාව, සුබසාධනය කිරීම සඳහා බදු අත්‍යාවශ්‍ය වෙනවා. ඒ බදු එකතු කර ගැනීම ප්‍රධාන වශයෙන්ම ඇතිවෙන මූලධර්මයක් තමයි රටේ ආර්ථික තත්ත්වයට සාපේක්ෂව රටේ දළ දේශීය නිෂ්පාදනයට සහ ඒ බදු වල වටිනාකම වැඩි කර ගැනීම, සමාජ සුබසාධනය /සමාජ සාධාරණත්වය ඉටුවන ආකාරයට බදු අයකර ගැනීම. මේ රටේ මේ දෙකම අද උල්ලංඝනය වෙලා තියෙනවා.” 1978 දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 27% – 28% වූ බදු ආදායම අද 10% දක්වා අඩු වී තිබේ. අද සමාජ සාධාරණත්වය බදුවලින් කිසිම ආකාරයකට නිරූපණය නොවේ.  සෘජු බදු මේ රටේ බදු ආදායමෙන් 18% කි. සියළුම ජනතාව ගෙවන බදු 82% කි.

Related Posts