ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

Spread the love

පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඉදිරි පැය කිහිපයේදී කැලණි ගංගා ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ආශ්‍රිත ප්‍රදේශවල පහත් බිම්වල මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ.

මේ අතර කළු ඟග ද්‍රෝණියේ මධ්‍යම හා පහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතිනවා.

එසේම අත්තනගලු ඔය ද්‍රෝණියේද මධ්‍යම හා පහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතයක් ලැබීම හේතුවෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වලද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Related Posts