නුවරඑළිය එළවළු මිල පහළට – ගොවීන්ගෙන් මැසිවිලි

Spread the love

නුවරඑළියේ වගා කරන එළවළු වර්ග රැසක මිල මේ වනවිට පහත වැටි ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි. 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද කීවේය. ‘‘ මේ වන විට එලවළු මිල පෙර මාසවලට සාපෙක්ෂව අඩුවක් පවතින අතර  ලික්ස් රුපියල් 160-170, ගෝවා රුපියල් 200 , කැරට් රුපියල් 400 , බිට්රුට් රුපියල් 300 සහ රාබු රුපියල් 40-50 වශයෙන් අලෙවි වෙනවා. නමුත් මේ මිල පහළ යාම හමුවේ ගොවියාට අසාධාරණයක් සිදුවෙනවා. ඒකට හේතුව තමයි මේ වන විට රුපියල් 1500ට පැවැති පොහොර මිටියක් රු 9500 යි, යුරියා මිටියක් රු 22500 ය , වැඩ කරන කම්කරුවෙකුට රු 2000 පමණ ගෙවා වගාකළ එළවළුවල මිල පහත වැටීම ගොවියන්ට විශාල පාඩුවක්. ඒ වගේම තමයි  එළවළු බිජ ලබා ගැනිමේදි පෙර ලැබුණු වට්ටම් කිසිවක් දැන් ගොවියට ලැබෙන්නෙත් නෑ. ඉස්සර බීජ ටින් ලබා ගැනිමේදි මුදල් ගෙවිමට යම් කාලයක් ලබා දුන්නා. නමුත් දැන් එලෙස කාලයක් දෙන්නෙත් නෑ. පොහොර ගැටලුව නිසා එළවළු වල ගුණාත්මකභාවය අඩු වෙලා තියෙනවා, ඒ නිසා එම එලවළු මිල දි ගැනිමට ව්‍යාපාරිකයන් කටයුතු කරන්නේ නැ , අඩු මිලට තමයි අලෙවි කරන්න වෙන්නේ. එළවළු මිල වැඩි වුණාම පාරිභෝගිකයන් මිල දි ගන්නේ ගුණාත්මකභාවයෙන් වැඩි එලවළු පමණයි. ගුණත්මක භාවයෙන් අඩු එළවළු මිල දි ගන්නේ නැ , ඒ නිසා ව්‍යාපාරිකයන් දැඩි වෙහෙසක් දරනවා එම එළවළු අලෙවි කරන්න‘‘

Related Posts