දෛනිකව පිරවුම්හල් 300ක් වැසෙන කතාව අසත්‍යයක් – CEYPETCO

Spread the love

ඉන්ධන නොමැතිව දෛනිකව ඉන්ධන පිරවුම්හල් 300ක් පමණ වසාදැමීමට සිදුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

පවතින ඉන්ධන තොග සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සාධාරණ පදනමකින් බෙදාහැරීමට අවශ්‍ය බැවින් විධිමත් කළමනාකරණයකින් යුක්තව ඉන්ධන තොග බෙදාහැරීමට ගෙන ඇති තීරණ අනුව යම් යම් තාවකාලික හා කෙටිකාලීන සීමාකම් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

මේ වනවිට දෛනිකව ඉන්ධනහල් වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් බෙදාහරින බවත් එය ඉන්ධන හිඟ කාලයට සාපේක්ෂව ඉහළ අගයක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related Posts