දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට අවධානය

Spread the love

දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස්  වී ජයකොඩි සඳහන් කළේ, මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව විහාරස්ථානවල විදුලි බිල සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිර්දේශයක් ලබාදුන් පසු විදුලි බල මණ්ඩලය සහනදායිව විදුලිබිල නිර්මාණය වූ බවයි.

විදුලිබිල ගෙවීමට අපහසු දුෂ්කර විහාරස්ථාන සම්බන්ධයෙන් ලේඛනයක් සකස් කරමින් පවතින බවත් එම විහාරස්ථාන සඳහා පෙර පරිදි සහනය ලබාදෙන ලෙස නිර්දේශ ලබාදීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

පිරිවෙන් ඇතුළු අනෙකුත් විහාරස්ථාන සඳහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද බෞද්ධ කටයුතු කොමසාරිස් වී ජයකොඩි සඳහන් කළා.

Related Posts