දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ අනතුරු ඇගවීම්

Spread the love

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, කලවාන සහ ඇලපාත සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි සඳහන් වන්නේ.

Related Posts