දත්ත මැකී යෑම ගැන ඇමති චන්න ජයසුමනගෙන් මැති සබයේදී විශේෂ ප්‍රකාශයක්

Spread the love

ඖෂධ නියාමන අධිකාරියේ ( NMRA) දත්ත මැකී ගොස්  ඇත්තේ පසුගිය රජය සමයේදී කෝටි ප්‍රකෝටි ගණනක් පාඩුවූ ඖෂධ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන්  පසුව යැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී  අද (21) පැවසීය.

මැකී ගොස් ඇති එම දත්ත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එම  සිද්ධියට සම්බන්ධවූ සියලුම දෙනාට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ  මතු කළ ප්‍රශ්නවලට  පිළිතුරු දෙමිනි.

ජාතික වශයෙන් අතිෂයින් වැදගත් කරුණක් හෙයින් රාජ්‍ය අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න සහ ඒ වෙනුවෙන් ඔහු ලබා දුන් පිළිතුරු සම්පූර්ණයෙන් පහත පළ වේ.

ප්‍රශ්න අංක 1

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගරු අධිකරණයට දැක්වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදුකරගෙන යන විමර්ෂණ මත පදනම් වූවත්, ඖෂධ මාෆියාව මෙරට තුළ 2015 – 2019 තුළ පෙර කිසි දිනක නොවූ විරූ පරිදි බලවත් විය. මේ වන විට ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසි සේ කටයුතු කිරීමට නොහැකි වී ඇති නිසා ඉච්ඡාභංගත්වය, අසීමිත මූල්‍ය වාසි නොලැබීම, හේතුවෙන් ඇති වූ ද්වේශය මත දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකිය. මෙහි සත්‍ය කරුණු සහ මේ පිටුපස සිටින්නේ කවුරුන් ද යන වග අපරාධ පිරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  විමර්ෂණ මගින් අනාවරණය කෙරෙමින් පවති.

විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මනාව දැනුවත් වී ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ e-NMRA දත්ත පද්ධතියට අදාළ සියලු උපදේශන සේවා සහ පිරිවිතරයන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය Information and Communication Technology Agency of Sri Lanka (ICTA) වෙතින් ලබාගෙන ඇත. මේ සඳහා ICTA සහ NMRA අතර අවබෝධතා ගිවිසුමක් 2018 ජුනි මස 25 වන දින  අත්සන් කර ඇත.

මෙම දත්ත පද්ධතිය “සකස් කිරීම සහ සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා” NMRA විසින් 2018 වර්ෂයේ දී “Epic Lanka Technologies (Pvt) Ltd” ආයතන තෝරාගෙන ඇත. NMRA සහ EPIC ආයතනය අතර මෙම තොරතුරු පද්ධතිය නිරිමානය කර, පවත්වාගෙන යාම සම්බන්ධයෙන් 2018.05.03 දින සිට වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගතවී ඇත. එම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ එවකට NMRA සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, NMRA ප්‍රධාන විධායක නිලධාරී සහ EPIC ප්‍රධාන විධායක නිලධාරී තරීන්ද්‍ර කල්පගේ මහත්වරුන්ය (annex1)

2021 ජූලි මස 10 වන දින සිට eNMRA තොරතුරු පද්ධතියෙහි ඇතිවූ ගැටලුකාරී තත්ත්වය මගින් මෙම පද්ධතියට 2019 සැප්තැම්බර් මස සිට 2021 ජූලි මස 09 දින දක්වා ඇතුළත් කර තිබූ NMRA ආයතනය වෙත ඉදිරිපත් කළ අයදුම්පත් වලට අදාල අමතර ලේඛන (Supported Documents) වලට ප්‍රවේශ වීම අවහිර වී ඇත.

2018 වර්ෂයේදී NMRA මගින් තෝරාගෙන තීබූ EPIC ආයතනයේ අපරික්ෂාකාරී, වගකීම් විරහිත සහ ගිවිසුම් ප්‍රකාරව Backup පද්ධතිය යාවත්කාලීනව පවත්වා නොගැනීම මත මෙම තත්වය උද්ගත වී ඇත.

ICTA ආයතනය මගින් පවත්වාගෙන යන ක්ලවුඩ් පහසුකම තුල NMRA ආයතනයට වෙනම අවකාශයක් වෙන්කර ඇති අතර එම අවකාශය තුළ තොරතුරු පද්ධතියෙහි තාක්ෂණික මෙහෙයවීම් සම්පූර්ණයෙන්ම කළමනාකරණය කිරීම NMRA ආයතනනය වෙනුවෙන් EPIC ආයතනය විසින් සිදුකර ඇත.

EPIC ආයතනය විසින් ගිවිසුම් ප්‍රකාරව ගබඩා කර තිබිය යුතු බැකප් දත්ත (Backups) ප්‍රයෝජනයට ගෙන යලි ප්‍රතිස්ථාපනය (Restore) කළ යුතුව තිබුනි. එහෙත් EPIC  ආයතනය මගින් ඒවැනි දත්ත Backup නඩත්තු නොකිරීම නිසා ඔවුන්ගේ ඉල්ලීම මත ICTA ආයතනය පහසුකම් සපයන ලංකා රාජ්‍ය ක්ලවුඩ් Backup ප්‍රයෝජනයට ගෙන තොරතුරු පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම කරන අවස්ථාවේ අධිකරණ නියෝගයක් මත අදාළ කටයුතු නවතා දැමීමට කටයුතු කර ඇත.

ඒ ඒ රජයේ ආයතන වල තොරතුරු පද්ධති කළමනාරණය කරනු ලබන්නේ එම රජයේ ආයතනයනහි අදාල තාක්ෂණික අංශ හෝ  මේ සඳහා තෝරාගත් තොරතුරු පද්ධති සේවා සපයන ආයතන මගිනි. මෙම හේතුව නිසා ICTA ආයතනය මගින් ක්ලවුඩ් පහසුකම් ලබා දී ඇති ඒ ඒ රාජ්‍ය ආයතන වලට අයත් තොරතුරු පද්ධති වලට කිසිම අනතුරක් සිදුවීමට ඉඩකඩක් නොමැති බව ICTA ආයතනය ප්‍රකාශ කර ඇත.

ප්‍රශ්න අංක 02

පිළිතුර:  ඒ සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පූර්ණ පරීක්ෂණයක් සිදු කරමින් පවති. මෙයට අමතරව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය (School of Computing) මගින් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇත.

පිළිතුර: CERT ආයතනය මේ වන විටත් දත්ත ප්රතිස්ථාපනය කිරීම පිලිබඳ තාක්ෂණික වාර්තාවක් සකස් කරමින් සිටින අතර එය අනාගතයේදී සභා ගත කිරීමට කටයුතු කරනු ලැබේ.

  • ‍රීන් පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් ඒකපාර්ශවීය ප්‍රකාශ නිකුත් කිරීම පරීක්ෂණ වෙනත් අතකට යොමු කිරීමේ වෑයමක් නොවේද?

පිළිතුර : නැත.

ප්‍රශ්න අංක 03

  • ආයතනය ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමට ගෙන තිබූ ක්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර:

ICTA ආයතනය NMRA ආයතනයේ ඉල්ලීම පරිදි මෙම පද්ධතිය ක්රියාවට නැංවීම සඳහා තාක්ෂණික උපදෙස් සපයන්නා ලෙස කටයුතු කරන අතර  හරහා පහත සඳහන් පරිදි දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා උපදෙස් ලබාදී ඇත.

  1. පද්ධතියේ සහ එහි දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාල වන සියලුම කොන්දේසි මෙම ගිවිසුමට එක් කරන ලද්දේ ICTA ආයතනයයි. මෙම ගිවිසුමට එක් කල  සියලුම කොන්දේසි සහ නිශ්චිත වගන්ති පහත 3 වන  ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ලබා දී ඇත.
  2. ප්‍රසම්පාදන අවදියේදී EPIC ආයතනය මගින් ලබාදී තිබු යෝජනාවලියේ තිබු අඩුපාඩු සහ එම ආයතනය ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව එකඟ විය යුතු කරුණුවල තිබු අඩු ලුහුඩුකම් පෙන්වා දෙමින් උපදෙස් ලබා දී ඇත්තේ ICTA ආයතනයයි. මෙම පැහැදිලි කිරීම් ඉල්ලුම් කිරීම “Appendix J: Clarifications obtained during Bid Evaluation (ඇමුණුම 2 හි යොමුව 8)” ලබා දී ඇත.
  3. කාල පරිචේදයේදී (2018) NMRA ආයතනයට තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් නොතිබුන අතර එලෙස පහසුකම් ස්ථාපනය කිරීමට සුදුසු ස්ථානයක් (server room) හෝ නොතිබුණි. එසේම මෙම පද්ධතිය නිර්මාණය කර සේවා සපයන්නා ගේ තොරතුරු තාක්ෂණ යටිතල  පහසුකම් (server room facility of the service provider)  මත ක්‍රියාත්මක කිරීමට ද ICTA ආයතනය එකග නොවූ අතර,  ලංකා රාජ්‍ය ක්ලවුඩයේ මෙම පද්ධතිය ක්‍රියාවට නැංවීම අනුමත කර ඇත. 
  4. යෝජනාවට අනුව NMRA ආයතනය සඳහා එහි ගිවිසුම් ගත කොන්ත්‍රාත්කරු වන EPIC ආයතනය ඉල්ලුම් කල සියලු ලංකා රාජ්‍ය ක්ලවුඩයේ පහසුකම්, “තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සේවාවක් ලෙස” යන කොන්දේසිය යටතේ ලබා දී ඇත (Infrastructure as a Service – IaaS). මෙසේ සේවාවන් සැපයීමේදී NMRA ආයතනය ටෙනන්ට් භාරකරු (tenant owner) ලෙස ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ සේවා සැපයුම්කරු වන EPIC ආයතනය NMRAහි ගිවිසුම් ප්‍රකාරව සහ අවසරය මත අදාල tenant අවකාශය කළමනාකරණය කරනු ලබයි. 
  5. ලබාදුන් තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ එහි ස්ථාපිත මෘදුකාංග සහ දත්ත වල වගකීම සියලු ආකාරයෙන්ම අදාල ගිවිසුම් ගත ආයතනයට ගිවිසුම් සහ කොන්දේසි ප්‍රකාරව නිශ්චිතව පවරා දී ඇත.
  6. ඉහත සඳහන්  තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වලට බාහිරව බලපෑමක් හෝ තර්ජනයක් එල්ල වීම නවතාලීම සඳහා ලංකා රාජ්‍ය ක්ලවුඩයේ “Firewall cluster” දෘඩාංග සහ මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර සයිබර් ප්‍රහාරයන්ගෙන් වන බලපෑම කළමනාකරණය  සඳහා “Intrusion Prevention System” පද්ධතියක් ස්ථාපනය කර ඇත.
  • දත්ත පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය EPIC Lanka Technology ආයතනය සමග අත්සන් කල ගිවිසුමෙහි දත්ත පද්ධතියේ Backup හා ක්ලවුඩ ගත කිරීම වෙනුවෙන් නිශ්චිත වගන්ති ඇතුලත් කර ඇත් ද ?

පිලිතුර: ඔව්

  • ICTA ආයතනයේ උපදේශනය යටතේ ඇතුළත් කල කොන්දේසි ද?

පිලිතුර: ඔව්

නම් එම ගිවිසුම හා අදාළ වගන්ති සභා ගත කරන්නේද ?

පිලිතුර: ඔව්, (ඇමුණුම 2)

  • නිශ්චිතවම ක්‍රියාත්මක කලේද යන්න පිලිබදව ICTA ආයතනය විසින් පසුවිපරම් සිදු කලේ ද?

පිලිතුර: ඔව්

  • නම් Disaster Recovery පද්ධතියක් නොමැති ක්ලවුඩයකට දත්ත ක්ලවුඩකරන ලෙස හෝ අවම ආරක්ෂණ ක්‍රමවේදයක්වත් අනුගමනය නොකරන Epic Lanka Technology ආයතනයට උපදෙස් ලබා දුන්නේ කුමන පදනමින් ද ?

පිලිතුර:

Disaster Recovery (ආපදා ප්රතිසාධනයයනු දත්ත මධ්යස්ථානය (data center) වෙනස් භූගෝලීය ස්ථානයන් දෙකක පවත්වාගෙන යාමයිමෙහිදී මුලිකවම බලාපොරොත්තු වන්නේ යම් භූගෝලීය ස්ථානයක සිදුවන විනාශයකින් දත්ත වලට වන හානිය අවම කිරීමයිනමුත් මෙම සිද්ධිය අදාළ වන්නේ Disaster Recovery සම්බන්ධව නොවේඅදාළ සේවා සපයන්නා විසින් ගිවිසුම්ගත කරුණු වලට පටහැනිව ක්රියා කර ඇති අතර ගිවිසුම පැහැර හැර ඇත.

මෙම සිදුවීම2018.05.03 දින සිට වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගතවී ඇති EPIC ආයතනයේ අපරික්ෂාකාරී සහ නොසැලිකිලිමත් බව මත සිදු වූ සිදුවීමක් නිසාමෙසේ දත්ත backup නොකර  ඇති අවස්ථාවකදී, disaster recovery සේවාව ලබාදී තිබුනදවිනාශ වූ දත්ත ප්රතිස්ථාපනය කිරීමටවෝහාරික පරිගණක ක්රියාවලියකින්  හැර  අවකාශයක් නැත.

ප්‍රශ්න අංක 04

  • පද්ධතීන් බිඳවැටීමකදී හෝ දත්ත මැකී යාමකදී ලංකා ආණ්ඩු ක්ලවුඩයේ හෝ ICTA ආයතනය සතුව දත්ත හෝ පද්ධති නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් නොමැතිද?

පිලිතුර:

ලංකා රාජ් ක්ලවුඩය තුල backup ලබා ගැනීම සඳහා සහ එම backup ආරක්ෂිතව ප්‍රතිස්ථාපනය (Restore)  සඳහා අවශ් වන මෙවලම් ලබාදී ඇතතවද ව්යසනකාරී තත්ත්වයකදී හෝ මනුෂ් අත් වැරදීමකින් වන හානියකදීබාධාවකින් තොරව ලංකා රාජ් ක්ලවුඩය තොරතුරු ප්රතිස්ථාපනය කිරීමට පහසුකම් සපයා ඇතනමුත් මෙම අවස්ථාවේදී EPIC ආයතනයලංකා රාජ් ක්ලවුඩය ලබාදෙන backup පහසුකම් භාවිතා කර  නොමැති අතර ගිවිසුම් ප්රකාර කොන්දේසි කඩකර ඇත.  ගිවිසුම්ගත EPIC ආයතනයෙහි නිලධාරිවරයෙක් පරිගණක කේත භාවිතා කරමින් ෆයිල් සේවරය මකා දැමීම ප්රශ්නයට තුඩු දෙන කරුණකිමේ පිළිබඳව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණ ක්රියාත්මක වන අතර එම පරීක්ෂණ සඳහා ICTA ආයතනය සහය දක්වයි.

  • ඖෂධ නියාමන අධිකාරියේ  දත්ත පද්ධතිය සුරක්ෂිත කිරීමේ උපදේශන ආයතනය ලෙස ක්‍රියා කරනු ලබන ICTA ආයතනය රජය, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්  සිදු වු මෙම කැළලට සෘජුවම වගකිව යුතු නොවේද?
  • ‍ය ආරක්ෂාව හා මහජන සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් සිදු වු මෙම ව්‍යසනයට සාමුහික වගකීමකින් යුතුව මුහුණ දී කඩිනමින් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග නොගෙන ICTA අධ්‍යක්ෂ මණ්ඩලය සියලු වගකීම් පෞද්ගලික ආයතනයක් වෙත පවරන්නේ කවර පදනමකින්ද?

පිළිතුර : නැත.

ICTA ආයතනය තම වගකීම් ප්රකාරව කටයුතු කර ඇති අතර ඉහත ප්රශ්න අංක 3 යටතේ අසා ඇති ප්රශ්න සහ ඒවාට ලබාදී ඇති පිළිතුරු සහ සාක්ෂි මගින් ඒ බව සනාථ වේ.

තවද ඉහත සඳහන් කල පරිදි, NMRA ආයතනය සඳහා එහි ගිවිසුම් ගත කොන්ත්රාත්කරු වන EPIC ආයතනය ඉල්ලුම් කල සියලු ලංකා රාජ් ක්ලවුඩ පහසුකම්, “තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සේවාවක් ලෙස” යන කොන්දේසිය යටතේ ලබා දී ඇත (Infrastructure as a Service – IaaS). මෙසේ සේවාවන් සැපයීමේදී NMRA ආයතනය ටෙනන්ට් භාරකරු (tenant owner) ලෙස ක්රියාත්මක වන අතර ඔවුන්ගේ සේවා සැපයුම්කරු වන EPIC ආයතනය NMRAහි ගිවිසුම් ප්රකාරව සහ අවසරය මත අදාල tenant අවකාශය කළමනාකරණය කරනු ලබයි.  ලංකා රාජ් ක්ලවුඩයේ භාරකරු වන ICTA ආයතනයටඅදාල tenant අවකාශයට පිවිසීමට  හෝ කළමනාකරණය කිරීමට, IaaS ක්රමවේදය යටතේ අවසර නැත.

තොරතුරු තාක්ෂණ ව්යසනකාරී තත්වයකදී (Catastrophic failure) හෝ මනුෂ් අත්වැරදීමක දී ICTA ආයතනය තොරතුරු කඩිනමින් ප්රතිස්ථාපනය කිරීමට බැඳී සිටී.

මෙම සිදුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දැනටමත් විමර්ශනයට භාජනය වන බැවින්මේ සම්බන්ධව අධිකරණය මගින් නිකුත් කර ඇති නියෝගයන්ට යටත්වඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි උපදෙස් මත eNMRA පද්ධතිය ප්රතිස්ථාපනය සඳහා ICTA ආයතනය අවශ් තාක්ෂණික සහය ලබාදෙමින් දැනටමත්   ක්රියාත්මක වී ඇත.

ප්‍රශ්න අංක 05

  • දත්ත අතුරුදහන් වීම මඟින් බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ ඖෂධ වෙළඳපලට නිකුත් කිරීම මෙන්ම,එකම ඖෂධය විවිධ වෙළඳනාම වලින් ආනයනය කරනු ලබන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේද අවධානමක් පවතින හෙයින් එම තත්ත්වය වලක්වාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද?

පිළිතුර :

මෙම දත්ත මැකී යාමේ ගැටලුව තුළ පැහැදිලිවම මැකී ගොස් ඇත්තේ ඖෂධ,වෛද් උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන නියාමනය සඳහා ඊට අදාළ පාර්ශවයන් විසින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ඇතුළත් ගොනු සාමාන්‍ය ඔසුසැල් ලියාපදිංචිය සහ ලියාපදිංචිය අලුත් කිරීමට අදාල ගොනු  පමණි (annex3)

 අනුව ඉහත කී සියලු කරුණු නියාමනය කොට අධිකාරිය විසින් නිකුත් කර ඇති ලියාපදිංචි සහතික සහ බලපත් හෝ වෙනත් යම් අනුමැතීන්ට අදාල දත්ත පද්ධතියට (data base) කිසිදු හානියක් සිදු වී නොමැත.

එබැවින් පැන නැගී ඇති මෙම ගැටලුව හරහා බාල ඖෂධ හෝ විවිධ ක්රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ ඖෂධ වෙළඳපලට නිකුත් කිරීම මෙන්ම, එකම ඖෂධය විවිධ වෙළඳනාම වලින් ආනයනය කරනු ලබන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේ කිසිදු  අවධානමක් ඇතිවිය නොහැක.

 අනුව මෙම ත්ත්වය මත දිවයින පුරා ඖෂධ හිඟවීමක් සම්බන්ධයෙන් හෝ තත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් මහජනතාව ඇති කරගත යුතු නොමැති අතර අත්යාවශ් ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් වන දැනට පවතින බලපත්වල වලංගු කාලය දීර්ඝකර ඇති බව මෙහිලා සඳහන් කරමි.  එමෙන්ම ඉල්ලුම් කරන නව බලපත්  සඳහා සහ Covid 19 වසංගත ත්ත්වයට අදාල වන පරිදි අත්යාවශ් ඖෂධ ගෙන්වීම සඳහා බලපත්  නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු කෙරෙමින් පවතින බවද අවධාරණය කරමි.

තවද විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ Covid 19 වසංගත ත්ත්වයට අදාල වන පරිදි අත්යාවශ් ඖෂධ ගෙන්වීම සඳහා බලපත්  නිකුත් කිරීම යනාදී සියලු කටයුතු manual ක්රමවේදය ඔස්සේ සිදු කර ඇති බැවින් මෙම  පද්ධතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී ත්ත්වය එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ Covid 19 වසංගත ත්ත්වයට අදාල වන පරිදි අත්යාවශ් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ නොවන බව ප්රකාශ කරනු කැමැත්තෙමි.

ගරු විපක්ෂනායකතුමනි, ඇත්තටම දැන් ගොඩදෙනෙක් අහනව eNMRA පද්ධතියක් තිබෙද්දී ඇයි කියල කොවිඩ් 19 වසංගත තත්ත්වයට අදාළවෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ මේ පද්ධතිය හරහා ගියේ නැත්තේ, ඒකට හේතුව තමයි ගරු විපක්ෂ නායක තුමනි, මේ පද්ධතිය පටන්ගත්ත දවසේ සිටම මේක අබ්භගාත පද්ධතියක්, අසංවිධානාත්මක ක්‍රමානුකූල බවක් නැති ප්‍රතිපල දායක නැති පද්ධතියක්. මම අමාත්‍ය ධුරය භාරගත්තට පස්සේ පළවෙනි සති දෙකේදිම මෙම සියලුම පාර්ශවකරුවන්, ව්‍යාපාරිකයන් ඒ වගේම ඖෂධ ආනයනයකරුවන් ෆාමසි ඔසු සැල් හිමියන්, සියලු දෙනා ඇවිත් කියු දේ තමයි මේ eNMRA පද්දධතියේ ‍ ෆේලියර් එකක්. මේකෙ වැඩ කරන්න බෑ කියලා. ඒ අනුව ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ එවකට හිටිය අධ්‍යක්ෂක මණ්ඩලය කැඳවලා මම කිවුවා මේක ක්‍රමාණුකූල කරන්න කියලා. මට ලිඛිතව වෛද්‍ය කමල් ජයසිංහ CEO ජාතික ඖෂධ නියාමන අධාකාරියේ 2020/09/07 ලිපියක් භාර දුන්නා මේ ඇතිවෙලා තියෙන ප්‍රමාදයන්, මේ තියෙන ක්‍රමානුකූල නැති බව වහාම නිවැරදි කරන්න කටයුතු යොදනවා කියල. ඔවුන් මට දින වකවානු සහිතව ලිපියකින් දැනුම් දුන්නා නිල වශයෙන් මේ කටයුත්ත කරනවා කියල (annex.4). හැබැයි එහෙම කිව්වට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටිය අධ්‍යක්ෂ මණ්ඩලය ඒ කටයුත්ත සිදුකරේ නෑ ගරු විපක්ෂ නායකතුමනි.

ඒක නිසා මම නැවතත් 2020/10/20 එවකට සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මැතිතුමාට, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට වගේම සියලුම අධ්‍යක්ෂ අධ්‍යක්ෂ මණ්ඩලයට නැවතත් ලිපියක් යොමු කරනවා. මම කැමතියි ගරු කතානායකතුමනි, ඒක පැහැදිළි කරන්න (annex.5) මේක මම ගිය අවුරුද්දේ ඔක්තොම්බර් මාසයේ තමයි එවකට සභාපතිවරයා ඇතුළු සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට දැනුම් දුන්නේ. හැබැයි ඒ කිව්වත් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට සමත් වුනේ නැහැ එය නිවැරදි කිරීම සඳහා. ඒක නිසා තමයි කියන දේවල් කරන්නෙ නැති නිසා, අකාර්යක්ෂම නිසා තමයි NMRA  එකේ  බෝඩ් එක අපිට ඉවත් කරන්න සිද්ද වුනේ. නව කණ්ඩායමක් පත් කරන්න සිදු වුනේ. මේ eNMRA පද්ධතියේ තියන අකාර්යක්ෂම බව නිසා තමයි කොවිඩ් 19 රෝගයට අදාළ සියලු ඩොකියුමන්ට් මේ සිස්ටම් එකට දාන්නේ නැතුව මැනුවලි ගෙනල්ල භාර දෙන්න කිව්වේ. කොටින්ම මේ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක් වුනාට ඒක හරහා යනවට වැඩිය ඉක්මනට කරන්න පුළුවන් අතින් ෆයිල් ටික හාර්ඩ් කොපි එක ගෙනල්ල දුන්නට පස්සේ ඒක නිසා තමයි අතින් ගෙනල්ල භාරදෙන්න කියල ඉවර වෙලා කිව්වේ  කොවිඩ් 19 රෝගයට අදාළ දේවල්.

එතකොට මේ මැකිල ගිය දත්ත ඇතුලේ මොනවාද තිබුනේ කියන එක ගැන මම කෙටියෙන් පැහැදිළි කරලා මගේ පිළිතුර නිමා කරනවා. විශේෂයෙන්ම 2015 – 2019 කාලයේ දී ඖෂධ මිල දී ගැනීමේ දී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිලක් රජය වියදම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොනවාද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ෂණයක් සිදුකරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ වාගේම තමයි අපි මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා.

මේ ඒ වගේ ඖෂධ කිහිපයක් ගරු කතා නායකතුමනි, Captopril 5mg Syrup එක 2019 දි මිල දී අරගෙන තියෙන්නේ රුපියල් 55,185.00 කට අපි ආවට පස්සේ 2020 අවුරුද්දේ දී රුපියල් 395.00 කට ගරු කතානායකතුමනි, 138 වතාවක් මිල ඉහළයි Lorazepam ඉංජෙක්ෂන් එක රුපියල් 17,957.00 කට මිල දී අරගෙන තියෙන්නේ, අපි ආවට පස්සේ රුපියල් 373.00 කට මිල දි ගත්තේ ගරු කතානායකතුමනි Metaraminol ඉංජෙක්ෂන් එක රුපියල් 16,736.00 කට මිල දී ගත්තේ ඒක රුපියල් 3,875.00 කට අඩු වුනා. මේ සියලු ලැයිස්තුව මේ මිල අධික අපි විමර්ෂණය සඳහා භාර දීල තියන මිල අධික ඖෂධ 35ක ලැයිස්තුව මම සභාගත කරනවා (annex.7) ගරු කතානායකතුමනි, ඒ වගේම තමයි හදිසි මිලදී ගැනීම් ලෙස හුවා දක්වමින් රුපියල් මිලියන 1140 කට ආසන්න ප්‍රමාණයක වටිනාකමින් යුතු ඖෂධ මිල දී අරන් තියනවා. අසාමාන්‍ය වියදමක් වියදම් කරලා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා, ඉල්ලීමක් කරා, අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කෙරෙනවා. උදාහරණයක් කියනවා නම් Rituximab ඉංජෙක්ෂන් එක රුපියල් 55,000.00 කට අරන් තියෙන්නේ හැබැයි අපි ඒක රුපියල් 17,735.00 කට ගත්තා.

එමගින් ඉතිරි වුන මුදල පමණක් රුපියල් මිලියන 128 ක් වෙනවා. මේ අකාරයේ මේ ඖෂධ ලැයිස්තුව මම මේ සභාවට සභාගත කරන්න කැමැතියි ගරු කතානායකතුමනි, ඒ වගේම තමයි මේ ඇතැම් ඖෂධ මම  කියන්නම් කොයි වගේ දෙයක් ද කරල තියෙන්නෙ කියලා උදාහරණයක් හැටියට අපි ගත්තොත් Paracetamol Suppository  එක වේදනාවක් ඇති වුනාම අර පස්සෙන් දාන කරල, මේක රුපියල් 165.00 ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 12.00 යි. Dexamethasone 4mg ටැබ්ලට් එක රුපියල් 153.00 ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 6.49 ට, මේ සියලු ලේඛන මම සභාගත කරන්න කැමතියි ගරු විපක්ෂ නායකතුමනි.

මෙම ඖෂධ සම්බන්ධයෙන් ලියකියවිලි ටික තමයි මේ ඖෂධ සම්බන්ධ දත්ත ගොනුවේ තිබිල මැකුනේ. මේව ගැන විමර්ෂණ පටන්ගත්තට පස්සේ රුපියල් බිලියන ගණනක පාඩුවක් රටට වෙච්ච ඖෂධ පිළිබඳව විමර්ෂණ පටන් ගත්තට පස්සෙ තමයි ඒ කියන ලිපි ගොනුව මේ  දත්ත ක්ලවුඩයෙන් මැකිල ගිහින් තියෙන්නේ. එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි මේ වන විට කටයුතු කරමින් යනවා. ඒ වාගේම තමයි මේව මැකුවේ කවුද කියන කාරණය හොයලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලැබුනට පස්සේ අනිවාර්යයෙන්ම ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ගරු කතානායකතුමනි.

Related Posts