‘ත්‍රිරෝද රථ හිමියන්ට‘ සතුටුදායක පුවතක්

Spread the love

ත්‍රීරෝද රථ සඳහා සැරසිලි ලෙස යම් යම් උපකරණ සවි කිරීමට රජය විසින් අවසර ලබා දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා අද (06) මාධ්‍ය වෙත පැවසුවේ ත්‍රීරෝද රථ සංගම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

මෙම වසංගත තත්ත්වය තුළ ත්‍රීරෝද රථ ඉතා පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස සලකා මෙම අවසරය ලබා දී ඇත.

“වෙනස් කිරීම් සඳහා අවසර දීම දුෂ්කර වූ නමුත් ඔවුන්ට යම් සහනයක් ලබා දෙන ලෙස අගමැතිවරයා නියෝග කළා,” ඔහු පැවසීය.

2021 අගෝස්තු 14 දිනැති අංක 2240/37 දරන අදාළ ගැසට් නිවේදනය මඟින් නිශ්චිත, නමුත් සීමා සහිත උපාංග නිර්දේශ කර ඇත.

“මගී ප්‍රවාහන හා පුද්ගලික ත්‍රීරෝද රථ භාවිතා කරන පිරිස් යන දෙපාර්ශ්වයටම මෙම වෙනස් කිරීම් සඳහා අවසර ලබා දී තිබෙනවා. ගැසට් පත්‍රයේ සීමා කර ඇති අයිතම හැර වෙනත් යම් යම් දේ දක්වා ඔවුන්ට වෙනස් කිරීම් කළ හැකියි” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එම නිසා අවසර ලත් පරිමිතීන් අනිසි ලෙස භාවිතා නොකරන ලෙස ඇමතිවරයා සියළුම ත්රිරෝද රථ හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

තවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙනස් කිරීම් සඳහා අවසර ලබා දීම සහ අනෙකුත් වාහන සඳහා අවශ්‍ය උසස් කිරීම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ඔහු පැවසීය. මෙම විෂය පිළිබඳ අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

Related Posts