ඩොලර් නැතිව ණයට ගෙනා අල – ළූණුවලින් දඹුල්ල ආර්ථිකේ ගබඩා පිරෙයි

Spread the love

විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ළූණු සඳහා රජය විසින් පනවන ලද බදු මුදල් ඉවත් කිරීමත් සමඟ දඹුල්ලේ ව්‍යාපාරිකයින් විසින් ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් අර්තාපල් සහ ලොකු ලූණු විශාල ආනයනය කර තිබේ.

ඒ අනුව පසුගිය මාසයේ  අලෙවි වු මිලට වඩා අර්තාපල් මිල ඉහළ ගොස්  ලොකු ලූණු මිල තරමක් පහත වැටීම සිදු වී තිබේ.

එහෙත් අල – ලුණු ගෙන්වන වෙළෙන්දෝ කියා සිටින්නේ බදු සහන නිසා මිල පහත වැටි තිබෙන බවය. එමෙන්ම තමන් විදේශීය වෙළෙඳුන්ගෙන් ණය පදනම මත මේවා ආනයනය කළ බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ ඒ අවට අර්තාපල්, ලොකු ලූණු ආනයනය කරන තොග වෙළෙඳ සැල්වල පාකිස්ථානයෙන්  සහ ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 90 සිට 120 දක්වා මිල පැවති අතර  ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ගෙන්වන ලද අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 140 සිට 170 දක්වා වූ මිලක පැවතියේය.

ආනයනික බදු මුදල ඉවත් කිරීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව  විදේශ රටවලින් අල – ලූණු ආනයනය කරන තොග වෙළඳසැල් වලට අද (05) දින විශාල වශයෙන් අර්තාපල් සහ ලොකු ලූණු  රැගෙන එන අයුරු දැකගත හැකිවිය. ඊට අමතරව පොන්නි නාඩු සහල්, පරිප්පු, සුදු ලූණු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ද විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සැල් වලට  ලැබී තිබිණි.

පරිප්පු කිලෝවක් රුපියල්  245 ත් 250ත් අතර මිලකට අලෙවි වෙද්දී  පොන්නි නඩු සහල් කිලෝවක් රුපියල් 125කට, සුදු ලූණු කිලෝවක් රුපියල් 370කට ද අලෙවි වන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

පසුගිය මාසයේ ආනයනික බදු ඉවත් කිරීමට පෙර සහ  මේ මාසයේ ආනයනික බදු ඉවත් කිරීමෙන් පසු පස්වන දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආශ්‍රිතව විදේශීය ලොකුලූනු වල සහ අර්තාපල් අලවල පැවති මිල ගණන් පහත සඳහන් වේ.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related Posts