ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් නව අනාවරණයක්

Spread the love

ඩෙල්ටා ප්‍රභේදය ආසාධනය වී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 5-6ක් අතර කාලයක් ගතවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

සිය ටිවිටර් ගිණුමෙහි සටහනක් දක්වමින් ජීවන්දර මහතා තවදුරටත් පවසා සිටියේ, ඩෙල්ටා ආසාදනය වීමත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් අතර පරතරය දින 02 ක් පමණ වන අතර ඩෙල්ටා මතු විමට පෙර අනෙකුත් වෛරසයන්හි රෝග ලක්ෂණ මතුවීමට අවම කාලය ලෙස දිනක් ලෙස සටහන් වූ බවයි.

මේ අනුව ඩෙල්ටා ප්‍රභේදයෙන් 74% ක් ආසාදනය වී ඇත්තේ පූර්ව ප්‍රභේද වලට වඩා වැඩි අනුපාතයක් ඇති පූර්ව රෝග ලක්‍ෂණ අවධියේදී බව ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් එන්නත්කරණය තුළින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීම වළක්වා ගැනීමට හැකි බව පවසමින් එහිදී ඔහු වැඩිදුර සඳහන් කර සිටියේ, එන්නත්කරණයට ලක්වූවන්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවීම එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට වඩා 65% කින් පමණ අඩු බව අනාවරණය වී ඇති බවයි

Related Posts