ජාතික ගොවි සමුළුවෙන් රජයට යෝජනා 07ක්

Spread the love

මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බව පසුගියදා (10) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති  ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ. 

දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුළු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට කරුණක් බව සමුළුව  ඇමතූ එහි සංවිධායකවරයෙකු වන පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර ගොවිසංවිධානයේ සභාපති පී.කේ.ඩී.විජේරත්න මහතා පැවැසීය.

මෙම සමුළුවට ඉදිරිපත් කෙරෙන ප්‍රධාන යෝජනා 07 වන්නේ,

  1. ආණ්ඩුව විසින් නිර්මාණය කළ පොහොර අර්බුදය හේතුවෙන් මෙවර මාස් කන්නයේ අඩුවන වී අස්වැන්නට සාධාරණ අයුරින් වන්දි ලබාදීම,
  2. ඉදිරි යල කන්නයේ සිට වී වගාවට සුදුසු ගුණාත්මක තත්වයේ පොහොර ගොවියාට ලබාදීම,
  3. වගා ණය සඳහා දැනට අයකරනු ලබන අධික පොලිය වෙනුවට සහන පොලියට ගොවියාට ණය ලබාදීම.
  4. කෘෂි උපකරණ ගෙන්වීමේදී දැනට පනවා ඇති බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීිම,
  5. කෘෂිකර්මාන්තය වෙනුවෙන් දැනට සිදු කෙරෙන සමාගම් මැදිහත්වීමෙන් තොරව රජය මැදිහත්වීම,
  6. කෘෂිකර්මයට අදාල තීරණ තීන්දු ගැනීම කෘෂි විද්‍යඥයින්,ගොවි නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පිහිටුවීම.
  7. ගොවිතැනේදී භාවිත කෙරෙන භූගත ජලයට මීටර් සවිකිරීමට ගෙන ඇති කැබිනට් තීරණය හකුලා ගන්නා ලෙස රජයට බල කිරීම

Related Posts