ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේකෂා කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් ජපානය මෙම සමුළුව සංවිධානය කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.අනෙක් සෑම සාකච්ඡාවකදී මෙන් මෙම සාකච්ඡාව පිළිබඳවද අවිනිශ්චිතතාවයන් තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සහනයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවට සත්කාරකත්වය ලබා දෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.නමුත් මෙම සමුළුවට චීනය සහභාගී වේ දැයි තවම කිව නොහැකි බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන්නේ නම්, චීනය සමඟ එවැනි සාකච්ඡාවකද  මුලසුන දැරීමටද  ජපානය කැමති වනු ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය.2020 වසර අවසානයේ ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2 බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.