ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

Spread the love

ලබන මාසයේ සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති මද්දුම බණ්ඩාර වීරසේකර පවසනවා.

දැනට පවතින ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේදය 2008 වර්ෂයෙන් පසු සක්‍රීයව ක්‍රියාත්මක වී නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, ලබන මාසයේ සිට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට අනුව ලියාපදිංචි වීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් මේ සඳහා ධීවර, වැවිලි කර්මාන්තවල නිරතවන පුද්ගලයින්ට එක්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Related Posts