ගොවියගේ ජීවිතයත් එක්ක, කෘෂිකර්මාන්තයත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ

Spread the love
  • ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ගෙනාපු පනත් දෙකක් ගෙවියන්ගේ විරෝධතා නිසා හකුලා ගැනීම අභිමානයට කැළලක් වුණේ නෑ

වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු බවත් රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බව කී අමාත්‍යවරයා කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව ද කීවේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, ‘‘ පොහොරවල හෝ මොනයම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර සෙවිය යුත්තේ කෘෂිකර්මාන්ත කඩා බිඳවැටෙන ආකාරයට නොවෙයි. කාබනික පොහොර ප්‍රවර්ධන කිරීම ගැන අපට ගැටලුවක් නැහැ. ඒත් කාබනික ගොවිතැන නිසා ගොවියාව ගොවිතැනින් පළවා හරින්න ඉඩ දිය නොහැකියි. මුළුමහත් මිනිස්සුනගේ බඩගින්නත් සමඟ ආහාර සුරක්‍ෂිතතාව ගැටගැහී තිබීම නිසා වාහාම නිවැරදි නොවුණ හොත් රට මහා විශාල ඛේදවාචයකට මුහුණ දෙන එක වළක්වා ගන්න බැහැ. සිදුවූ අඩුපාඩුව හඳුනාගෙන දැන්වත් එය නිවැරදි කළ යුතුයි. ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ගෙනාපු පනත් දෙකක් ගෙවියන්ගේ විරෝධතා නිසා හකුලා ගැනීම අභිමානයට කැළලක් වුණේ නැහැ‘‘

‘‘වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට තුඩුදුන් හේතු වාහාම නිවැරදි කරන්න කළ යුතුයි. වැරැද්ද නිවරදිකරගන්න ලැජ්ජ නොවිය යුතුයි. එමෙන්ම වැරැද්ද තව දුරටත් නිවැදි කියලා හිතා තව දුරටත් අපේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කිරීම පිළිබඳව ලැජ්ජ විය යුතුයි. පොහොර සාහනාධාරයට ලබාදීමට වැයවන මුදලට වඩා වැඩි මුදලක් ගොවීන්ට වන්දි ගෙවීමට වැය වන බව පේනවා. එතැනිම පේනවනේ කරගත්තු වැරැද්දේ තරම. ඒක නොවෙයි කරන්න ඕන.ගොවියගේ ජීවිතයත් එක්ක, කෘෂිකර්මාන්තයත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ‘‘

Related Posts