‘ගෑස් පිපිරීවලට හේතු ‘ තාක්ෂණ කමිටුවේ සභාපති හෙළිකරයි

Spread the love

ගෑස් ලිප් පුපුරා යාම් හා ගිනි ගැනීමේ සිද්ධීන්ට මූලික හේතුව ගෑස්වල සංයුතිය වෙනස් කිරීම බව, ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පුපරා යාම් හා ගිනි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට හා විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ තාක්ෂණ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ගෑස් සංයුතිය වෙනස් කර ඇත්තේ නිසි නියාමනයකින් තොරව බව ද තමන් කළ විමර්ශනයේ දී හෙළි වූ බව ද ගෑස් නිෂ්පාදනය නියාමනය සඳහා මහජන උපයෝගිතා කොමිසම වැනි ආයතනයක් වහාම ප්‍රතිස්ථාපනය විය යුතු බවට ද කමිටුව නිර්දේශ කළ බව ද මහාචාර්ය වල්පොල මහතා කීය.

ගෑස් සංයුතිය වෙනස් ප්‍රොපේන් හා බියුටේන් මෙන්ම ගෘහස්ත ගෑස් සඳහා භාවිතා කෙරෙන අනෙක් සංයෝග ද වෙන වෙනම ආනයනය කළ විට ඒවා මිශ්‍ර කර ගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගමට ස්ථානිය පහසුකම් නැති බවත් ඒවා සකස් කර ගත යුතු බවත් තම කමිටුව නිර්දේශ කළ බව ද කී මහාචාර්යවරයා සමාගම වන ලිට්රෝ ගෑස් සමාගම් පරිශ්‍රය තුළ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරයක් වහා ආරම්භ කළ යුතු බවත් එය කාර්මික තාක්ෂණ ආයතනයේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යායුතු බවටත් නිර්දේශ කළ බව කීවේය.

Related Posts