කොළඹ සහ ගම්පහ ගංවතුර පාලනයට කඩිනම් වැඩපිළිවෙළක්

Spread the love

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වයන් ඇතිව තිබෙන ප්‍රදේශවල ගංවතුර බැස යාම සඳහා කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

නැවතත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර එම ප්‍රදේශවල පවතින ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීම මෙමඟින් සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

Related Posts