කොවිඩ් වසංගතය හමුවේ ‘ළමුන්ගේ මානසික සෞඛ්‍ය‘ ආරක්ෂා කර ගන්නේ කෙසේ ද ?

කොවිඩ්-19 වසංගතයේ බොහෝ විනාශයන් අතර එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම ඉහළම මට්ටමක පවතී. ලංකාවේ සෞඛ්‍ය හා දේශපාලන අංශ මේ ගැන වැඩි අවධානයක් යොමුකර නැතත් ලෝකයේ බොහෝ රටවල කොවිඩ් වසංගතය ළමුන්ගේ මානසිකත්වය කෙරෙහි සිදුකර ඇති බලපෑම ගැන දැඩි අවධානයක් යොමුකර ඇත.

මේ කොවිඩ් -19 වසංගතය හමුවේ ළමුන්ගේ මානසික සෞඛ්‍ය ලෝ ප්‍රකට ‘ෆෙමින‘ සගරාව කළ විශේෂ අනාවරණයකි.

සුවතා ළමයි

මෙම බිහිසුණු වසංගතය මධ්‍යයේ මළවුන් ගණන් කිරීම දුෂ්කර හා අත්‍යවශ්‍ය කාර්යයකි.  ඒ සමග මරණ හා නිදන්ගත රෝග සම්බන්ධයෙන් වසංගතයේ සැබෑ බලපෑම තක්සේරු කිරීමට අප අරගල කරන විට වඩාත්ම සැලකිලිමත් විය යුතු අංශයක් නොසලකා හැරීම ගැන කෙනෙකුට සමාව දිය හැකිය. ඒ කොවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇති දරුවන්ගේ මානසික සෞඛ්‍යයයි. 

වසංගතය මැද සමස්ත අවධානය ආසාදිතයින් අවමකර ගැනීම, මරණ වළක්වා ගැනීම, එන්නත්කරණය සාර්ථක කර ගැනීම හා ආර්ථිකය ආරක්ෂා කර ගනීම වෙත යොමුව ඇති තත්ත්වයක ළමුන් ගැන සොයා බැලීමට බලධාරීන්ට අපහසු විය හැකිය. ඔවුන්ට කොවිඩ් ආසාදනය වීමේ අවම හැකියාව නිසා ඒ ගැන වද විය යුතු නැතැයි පාලකයින් සිතනවාද විය හැකිය.

එහෙත් වසංගතය නිසා ළමුන්ගේ අධ්‍යාපනය, සමාජානුයෝජනය, ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම්, මිත්‍ර සම්බන්ධතා සියල්ල ඇනහිට ඇත. ඒ සමග වසංගතය සමග පොර බැදීමට අමතරව ඔවුන්  මිතුරන් හා පංතියේ ළමයින් සමඟ සම්බන්ධතා නොමැතිකම නිසා හුදෙකලා වී ඇත. ඥාති සම්බන්ධතා, ඇතැම් විට පවුල් සම්බන්ධතා පවා දුර්වල වී ඇත.

මෙහිදී ළමුන්ගේ මානසිකත්වය ගැන සිතන විට ඇති බරපතළම කරුණ වන්නේ මෙම මාරාන්තික වෛරසය තම දෙමාපියන්ට, ආදරණීයන්ට ආසාදනය වේ යැයි ළමුන් පෙළෙන බියයි.

හය හැවිරිදි පිරිමි ළමයෙකුගේ පියෙක් තමන් මුහුණ දුන් අත්දැකීම මෙසේ පවසයි. “මගේ මාමට (කිලෝමීටර් 500 ක් ඈතින් ජීවත් වන) දින කිහිපයක සිට උණ ගැනී ඇති බව අපට දැනුම් දුන්නා. ඒ සමග ඔහුට පී.සී.ආර් පරීක්ෂණයක් ද කරලා තිබුණා. ඔවුන් එහි ප්‍රතිඵල එනතෙක් බලා සිටියේ. මේ අතර අපිට අවශ්‍ය වුණා ඔහුව බැලීමට යාමට. ඔහුගේ සැප සනීප ගැන විමසා බැලීම අපේ යුතුකමක් බව අපට වැටහුණා. ඒ නිසා මා සහ මගේ බිරිද ඔහු බැලීමට යාමට සූදානම් වුණා. ඒ අපේම මෝටර් රථයෙන්.  මේ කතාව අපි අපේ පුතාට කී විට ඔහු අඩන්න පටන් ගත්තා. ඔහු කිව්වා ‘ඔබලා දෙදෙනාටත් කොරෝනා ආසාදනය වෙයි. ඒ නිසා යන්න එපා‘ කියලා. ඔහුගේ සිත සැනසීමට අපට බොහොම අපහසු වුණා. ඔහුගේ බිය කිසිසේත්ම අඩු වුණේ නැහැ‘‘

12 හැවිරිදි පිරිම දරුවෙකුගේ මවක් තමා මුහුණ දෙන තත්ත්වය පැහැදිලි කළාය. ‘‘මගේ පුතා මා තනිවම සිටින සෑම අවස්ථාවකම පැමිණ මාව බදා ගන්නවා. අම්මා ඊයේ මිය ගියේ කවුද ? ඇයි ඔහුව බේර ගන්න නොහැකි වුණේ ?‘‘ ඔහු දිගින් දිගටම ප්‍රශ්න කරනවා. මට පැහැදිලිව පෙනෙනවා ඔහු දැඩි අනාරක්ෂිත බවකින් පීඩා විදිනවා‘‘ ඔහුගේ මව පවසයි. 

සුවතා ළමයි

මානසික ආතතිය, අනාරක්‍ෂිත බව, ව්‍යාකූලත්වය සහ දීර්ඝ හුදකලාව පසු විපාක: මෙම අසමාන කථා මධ්‍යයේ මේවා පොදු කරුණකි.   like Life is Beautiful සහ Jojo Rabbit, චිත්‍රපට වල, කුඩා දරුවන්ගේ මනෝභාවයන් ආරක්ෂා කිරීම සඳහා තොරතුරු රඳවා තබා ගන්නා ආකාරය සහ / හෝ හැසිරවීමේදී මනංකල්පිත අංගයක් ඇත. අද, අන්තර්ජාල යුගයේ මෙය තවදුරටත් යථාර්ථවාදී විකල්පයක් නොවේ. වයස අවුරුදු 12 හෝ ඊට වැඩි ළමයින්, විශේෂයෙන් අන්තර්ජාලයට පිවිසීමට සූදානම් අය, ඔවුන්ගේම නිගමනවලට එළඹෙන අතර, දෙමව්පියන් අනුග්‍රහය දැක්වීමකින් තොරව සන්නිවේදනය කිරීමට ක්‍රමයක් සොයා ගත යුතුය.

ලුඩියානාවේ ජීවත් වන අනිල් මුහුණ දුන් අත්දැකීම මෙහිදී වැදගත්ය. මිනිසුන් මේ වසරේ හෝලි උත්සවය නොපැවැත්විය යුත්තේ මන්දැයි ඔහුගේ නව හැවිරිදි පුතාට පැහැදිලි කිරීමට ඔහුට අවශ්‍ය විය. “අපි යූ ටියුබ් වීඩියෝ කිහිපයක් එකට නැරඹුවා. එම වීඩියෝ මගින් කොවිඩ් වයිරසය යනු කුමක්ද, එය පැතිරෙන ආකාරය සහ එය ලෝකයට ඇති කරන බලපෑම පිළිබද පුළුල් අවබෝධයක් ඔහු ලබා ගත්තා. ඔහු මුලින් කලබල වූ නමුත් මේ වසරේ සුපුරුදු පරිදි හෝලි උත්සවය සැමරීමට මිනිසුන්ට නොහැකි වූයේ මන්දැයි පසුව මනාව තේරුම් ගත්තා‘‘ අනිල් කියයි.

ඇමරිකාවේ වෙසෙන මවක් ඇගේ 13 හැවිරිදි දියණිය COVID-19 පිළිබඳව සොයා බැලූ ආකාරය ගැන කතා කළාය. “මම ඇයව නවත්වනවා වෙනුවට මාව යාවත්කාලීන කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම මම ප්‍රවෘත්ති වලින් ඈත්ව සිටීමට තීරණය කළා. එමගින් ඇයට වසංගතය ගැන සහ එහි බලපෑම ගැන පැහැදිලි අවබෝධයක් ලබා දීමට අවස්ථාවක් වුණා‘‘

බෙංගාලයේ වෙසෙන තවත් මවක් තම දරුවන් (හතරවන ශ්‍රේණියේ දියණියක සහ පස්වන ශ්‍රේණියේ පුතෙකු) ඇසූ ප්‍රශ්න ගැන කතා කළාය. “මේ වෛරසය කුමක්ද? එය ශරීරයට බලපාන්නේ කෙසේද? මම මුඛ ආවරණයක් පැළඳිය යුත්තේ ඇයි? මට පිටතට යා හැක්කේ කවදාද? මට පාසැල් යා හැක්කේ කවදාද? ” ඔවුන් මගෙන් විමසුවා.

‘‘මරණය හා වියෝව යන සංකල්ප දරුවන්ට හුරු පුරුදු වුවත්, ටික කලකට පසු ඔවුන් මානසික ආතතියට ලක් වුණා. අගුලු දමා ඇති දීර්ඝ කාලය මධ්‍යයේ ඔවුන් අඩන්නට පටන් ගත්හ. මට අලුතින් කතන්දර කියාදීමට සිදු වුණ. හද, තාරකා ගැන මම අලුත් කතා කියලා දුන්නා. අපි බැල්කනියට වෙලා හද දෙස, තාරකා ලෙස බලා සිටියා. ඔවුන්ට හැම දෙයක් ගැනම විශ්වාසය ඇති කිරීමට සිදු වුණා.

‘‘ඔබ බය වෙන්න එපා අපි ආරක්ෂිතයි, අපි එකටයි ඉන්නේ. ඒ නිසා බිය වෙන්න එපා. අපි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු‘‘ කියලා මට ඔවුන් නැවත නැවත කියන්න සිදු වුණා‘‘ ඇය පවසයි.‍

දරුවන්ගේ අධ්‍යාපනය හා පෞරුෂත්වය අඩාල නොවන බවට වග බලා ගනිමින් දරුවෙකුගේ බිය කළමනාකරණය කිරීම

දෙමව්පියන් දැනට අත්විදිමින් සිටින්නේ එයයි. සමහර මාපියන්ට ‘තම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඇති බලපෑම දිගු කාලීන විය හැකිය‘ යන සැබෑ බිය ඇත. හානිය සීමා කිරීම සඳහා දෙමාපියන්ට කළ හැකි දේට සීමාවන් තිබුණද, මා සමග කථා කළ බොහෝ අය එකඟ වූයේ සත්‍යය සමහර විට අප සිතනවාට වඩා බියකරු යැයි හැඟුනත් දැඩි ලෙස අවංක වීම ඉතා වැදගත් බවය.

ඇමෙරිකාවේ වෙසෙන ඉන්දිය ජාතික පියෙක් මා හා පැවසුවේ “ඔබ ඔවුන්ට සැලකිය යුත්තේ ඔබ ළමුන්ට මෙන් නොව ඔබ හා සමාන අය ලෙසයි. ඇමෙරිකාවේ වෙසෙන ඇතැම් සංක්‍රමණික ඉන්දිය දෙමාපියන් තම දරුවන් ඉන්දිය සංස්කෘතිය, එහි වටිනාකම් තහවුරු කිරීමට වැඩි වෙහෙසක් දරනවා. එය තව දුරටත් අනවශ්‍ය බවයි මගේ වැටහීම. වැඩිහිටියන් වැළඳ ගැනීමට හෝ ඔවුන්ගේ පාද ස්පර්ශ කිරීම තව දුරටත් අවශ්‍ය නැති බව මම මගේ දරුවන්ට පැවසුවා‘‘

COVID වසංගතය අවසන් වන තෙක් අපි බලා සිටින අතර, අපගේ දරුවන් විනාශ වූ ලෝකයක් උරුම කර ගෙන ඇති බව මතක තබා ගැනීම ද හොඳය. අපට කළ හැකි අවම දෙය නම්, ඔවුන්ට අවශ්‍ය සියලු උපකාර ඔවුන් සතුව ඇති බව තහවුරු කර ගැනීමයි. ඔවුන් තුළ අද සහ අනාගතය ගැන වඩාත් වැඩි විශ්වාසයක් ඇති කිරීමයි‘

ෆෙමිනා ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Loading...

Related Posts