කොවිඩ් ආසාදිත මරණ 171ක් – මුළු මරණ සංඛ්‍යාව 6434ක් දක්වා ඉහළට

Spread the love

ඊයේ (16) දින කොවිඩ් ආසාදිත මරණ 171ක් සිදුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ 171ත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 6434 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයින්ගෙන් 134 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වයස අවුරුදු 30-59 අතර වියේ පසුවෙනවා. තවත් දෙදෙනකු වයස අවුරුදු 29ට අඩු පුද්ගලයින් බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.

මියගිය පුද්ගලයින් 171 දෙනාගෙන් 102 දෙනෙකු පිරිමින් වන අතර 69 දෙනෙක් කාන්තාවන්.

Related Posts