කොවිඩ් ආසාදිත මරණ 167ක්

Spread the love

ඊයේ (15) කොවිඩ්-19 ආසාදිතයින් 167 දෙනකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

මියගිය පුද්ගලයින්ගෙන් 130 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 36 දෙනකු වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින්ය. වයස අවුරුදු 30ට අඩු අයෙක් ද මියගිය අය අතර වේ.

මියගිය පුද්ගලයින්ගෙන් 103 දෙනකු පිරිමින් වන අතර කාන්තාවන් ගණන 64 දෙනෙකි.

Related Posts