කොවිඩ් ආසාදිත මරණ 156ක් – ලෝකයේ ඉහළම කොවිඩ් මරණ අනුපාතය ලංකාවෙන්!

Spread the love

ඊයේ (11) දින කොවිඩ් ආසාදිත මරණ 156ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (12) තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

මියගිය පුද්ගලයින් 121 දෙනකු වයස අවුරුදු 60 සහ 60ට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් වේ. පිරිමින් 87 දෙනකු සහ කාන්තාවන් 69 දෙනකු මියගිය පුද්ගලයින් අතර වේ.

ඊයේ වාර්තා වූ අද දින තහවුරු කළ මෙම මරණ 156 ගැන අදහස් දක්වමින් විශේෂඥයෙකු පවසා සිටියේ මෙය කොවිඩ් වසංගත සමයේ ඕනෑම රටක ජනගහනයට සාපේක්ෂව වාර්තාවූ ඉහළම මරණ සංඛ්‍යාව බවයි. ‘කෝටි 2ක් පමණ වන ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ 156ක් කියන්නේ කෝටි 120ක් වාගේ ජනගහනයක් සිටින ඉන්දියාව හා සැසදූ විට 9360ක් වැනි අති විශාල අගයක්. මේ ගැන විශේෂඥයෝ බොහෝ කාලයක සිට අනතුරු ඇගයීමක් කළා. ඒත් රජය එයට සවන් දුන්නේ නැහැ. සවන් දෙන බවකුත් නැහැ. මේ අනුව අපිට තවත් මරණවල වර්ධනයක් අපේක්ෂා කළ හැකියි‘

Related Posts