කිරි දෙන මව්වරුන්ට කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේ කිසිම අවදානමක් නෑ – WHO

Spread the love

කිරි දෙන මවුවරුන්ට COVID-19 එන්නත ලබා ගැනීමේ කිසිදු අවදානමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය පැවසුවාය‍

සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය කියා සිටියේ දරුවන් බිහි කළ සහ කිරි දෙන කාන්තාවන්ට එන්නත් ලබා ගත හැකි බවයි.

“කිසිඳු අවදානමක් නැහැ. දැනට භාවිතා කරන සියලුම එන්නත් වල සජීවී වෛරසයක් නැහැ. ඒ වගේම කොවිඩ් වෛරසය මව්කිරි හරහා සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැහැ. ඇත්ත වශයෙන්ම මව්වරුන්ගේ ප්‍රතිදේහ මව්කිරි තුළින් දරුවන්ට යා හැකියි, ”ඇය පැවසුවාය.

Related Posts