කාලගුණ අනාවැකිය: ගිගුරුම් සහිත තද වැසි – අකුණු අනතුරු පිළිබද අනතුරු ඇඟයීම් !

Spread the love

2021 නොවැම්බර් මස08 දින සඳහා කාලගුණ අනාවැකිය – 2021 නොවැම්බර් මස 08 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි. ඌව සහ උතුරු පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය – 2021 නොවැම්බර් මස 08 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

ඉදිරි දින කිහිපය තුළ ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවඅඩු පීඩන තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ධීවර සහ නාවික ප්‍රජාව ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ:
දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළංබස්නාහිර සිට වයඹ දක්වා වන දිශා වලින් දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.පුත්තලම   සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) පමණ දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
පුත්තලම   සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Related Posts