කංසා කියන දෙය මත්ද්‍රව්‍යයක් විදියට තිබිය යුතුයි

Spread the love

කංසා මත්ද්‍රව්‍යයක් ලෙස මෙරට පැවතිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

තමා සැමවිට අදහස් කරන්නේ Industrial Hemp නමින් හඳුන්වන කංසා විශේෂය ගැන බවද, එය බොහෝ අය පටලවාගෙන ඇති බවද ඇය පෙන්වා දෙනවා.

මෙම කංසා විශේෂය අපනයනය අරමුණු කරගනිමින් වගා කළ යුතු බවද, එය දුමක් ලෙස භාවිතා කළද කිසිවෙකුට හානියක් නොවන බවද ඇය සඳහන් කරනවා.

ඒ හරහා කර්මාන්ත බිහිවනු ඇති බවද, ඒවා වගා කිරීම සඳහා තමන් නිසි ක්‍රමවේදයකින් සාදන බවද ඇය වැඩිදුරටත් පවසනවා.

Related Posts