ජාතික ඖෂධ නියාමන ජාතික අධිකාරියේ සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ විශේෂ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි වහාම විභාග කරන ලෙසටද ඔහු නියෝග කර ඇත. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ නීති නිලධාරිනිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණක් ආරම්භ කර තිබේ. ඖෂධ සමාගම් සහ ඖෂධ ලියාපදිංචියේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් එහිදී සොයා බැලීමට නියමිතය. පසුගියදා ජිනීවා බලා පිටත්ව ගිය ඇමැතිවරයා, සිය සංචාරයට පෙර මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
- Monday
- January 20th, 2025