එන්නත්කරණයට වසරයි: ‘ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය ජයගනිමින් සිටිනවා

Spread the love

ත්‍රස්තවාදී උවදුර පරාජය කර රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් අයුරින් ගෝලීය ව්‍යසනය පරදා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය මේ වන විට ජයගනිමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එදා ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය භාරගත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආභාෂය ලැබූ වත්මන් ජනාධිපතිවරයා කොවිඩ් ව්‍යසනය පැරදීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව අමාත්‍යවරයා කීය.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර අදට වසරක් සපිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (29) පැවති  ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය. සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙහි ප්‍රධාන වැඩසටහන පැවති අතර එහිදී පෙ.ව. 10.06 ට ආශිර්වාදාත්මක පහන් දල්වමින් ජනතාවට සෙත් ප්‍රාර්ථනා කළහ. එමෙන්ම මියගිය පිරිස් වෙනුවෙන් නිහඬතාවයක් රැකීමද සිදු විය.මෙයට සමගාමීව දිවයින පුරා පළාත්, ප්‍රාදේශීය මට්ටමින් මේ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති , බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් මෙහිදී බෞද්ධ ආගමික වතාවත් සිදු කළ අතර , හින්දු ,ඉස්ලාම්, කතෝලික ආගමික නායකයන් එම ආගමික වතාවත් සිදු කළහ.

යුද්ධයේ අවසන් දින කිහිපය තුළදී පවා මෙරටට පැමිණි ඇතැම් විදෙස් නායකයින් එය පරාජය කළ නොහැකි බැව් කීවද එය පරාජය කිරීමට හැකි වූ බවත් , එම ජයග්‍රහණයේ ප්‍රබල සාධකයක් වූ වත්මන් ජනාධිපතිවරයාට එම ආභාෂය තුළ මෙම ව්‍යසනය පරාජය කිරීමට මහත් ශක්තියක් හා ආත්ම විශ්වාසයක් පවතින බව අමාත්‍යවරයා කීය.

ජනාධිපතිතුමන් කොවිඩ් පාලනයට මෙන්ම එන්නත්කරණයට දැක්වූ ඉහළ උනන්දුව මෙන්ම ඒ තුළ තිබූ  දැඩි ආත්ම විශ්වාසය රටෙහි කොවිඩ් පාලනයට මෙන්ම එන්නත්කරණයට ප්‍රබලතම සාධකය වූ බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. ව්‍යසනය තුළ එන්නත්කරණය ප්‍රමුඛතම විසඳුම ලෙසින් ඉදිරියට ගෙන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට ජනාධිපතිතුමන් ගනු ලැබූ දූරදර්ශී තීරණය නොවන්නට රට වෙනස් තත්ත්වයකට පත්වන්නට තිබුණේ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. එදා ඇතැමුන් දේශපාලන වේදිකාවේ මෙය අධෛර්යමත් කිරීමට ගෙනගිය වැඩපිළිවෙලට ජනාධිපතිතුමන් නිහඬව පිළිතුරු ලබා දෙමින් රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.

ලොව පළමු කොවිඩ් රෝගියා වූහාන් වලින් වාර්තා වන විට ලෝකය එය එතරම් බැරෑරුම් ලෙස සැළකුවේ නැහැ. අනතුරුව මේ පිළිබදව දැඩි අවධානය යොමු කරනු ලැබුවා. චීන ජාතික කාන්තාවක් මෙරට දී ආසාදිතයෙකු බවට පත්විමත් සමග මෙරටින් වාර්තා වූ පළමු රෝගියා ලෙස සංචාරක මඟපෙන්වන්නෙකු ආසාදිතයෙකු බවට පත්වීමේ සිට මේ දක්වා ගෝලිය ව්‍යාප්තිය තුල අප රටක් ලෙස විශාල අභියෝගවලට මුහුණ දුන්නා. එයට හේතුව මේ පිළිබදව ලෝකයට මෙන්ම අපටද අත්දැකීම් නොමැතිවීමයි. මෙයට පෙර ඇතැම් ව්‍යසන හමුවේ ලොව සමහර  රටවලින් අපට සහාය ලැබුණා. නමුත් මෙම ව්‍යසනය බොහෝ රටවල ව්‍යාප්තියත් සමග අපට දැඩිව, තනිව මෙයට මුහුණ දීමට සිදු වුණා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මා පත්වීමට පෙර ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ පටන් ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡා සදහා නිරන්තරයෙන් සම්බන්ද විය. ඒ තුල ව්‍යසනය පරාජයටත්, එන්නත්කරණය පිළිබදව ජනාධිපතිතුමා තුල තිබූ උනන්දුව සහ දැඩි ආත්ම විශ්වාසය හොදාකාරවම දුටුවා. විශේෂයෙන් උනන්දුව හා ආත්ම විශ්වාසය මෙවැනි ව්‍යසන පරාජයට ප්‍රමුඛ සාධකයකි. එදා ඇතැම් දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවේ පළමු පැය මෙයට චෝදනා එල්ල කරමින් අදෝනා නගන්නට වුණා. නමුත් අද වන විට සාර්ථක එන්නත්කරණය සහ කොවිඩ් වෛරසය පාලනය තුල ජනතා ජීවිත සුරක්ෂිත කොට තිබෙනවා.

රටවල් ගාණේ එන්නත් සිඟමනේ යනවා, එන්නත් ලක්ෂ හයක් වසංගතය පාලනයට මදි, කොරෝනා මර්දන දිනය හරියට කියන්න බැරිනම් අස්වෙලා ගෙදර  යන්න. එන්නත්කරණය අයාලයේ යනවා මෙවැනි ප්‍රකාශ කරමින් එන්නත්කරණ වැඩපිළිවෙල අධෛර්යමත් කිරීමට විවිධ උපක්‍රම යෙදුවා. නමුත් ජනාධිපතිතුමාගේ දැඩි විශ්වාසය තුල ගොඩනැගුණ වැඩපිළිවෙලට සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරින්ගේ සිට සුළු සේවකයා දක්වා භාරගත් අභියෝගය හේතුවෙන් මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කළා. ව්‍යසනය ආරම්භ වන විට මෙරට පර්යේෂණාගාර 04 යි තිබුණේ. ඒ වෙනුවෙන් ඇඳන් 05 ක් වෙන් කර තිබුණා. නමුත් ඉතා කෙටි කාලයක් තුල එම ප්‍රමාණය ඉහළට ගෙනඒමට අපට හැකි වුණා. ව්‍යසනය තුළ ඇතැම් රටවල වෛද්‍යවරුන්, හෙදියන් සේවයට වාර්තා කළේ නැහැ. ඔවුන් පැත්තකට වී සිටියා. නමුත් අපේ රටේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෑම තරාතිරකම පිරිස් ගෞරවනීය කැප කිරීමක් මෙන්ම ඉහළ සේවාවක් ඒ වෙනුවෙන් ඉටු කළා. අවධානම පැත්තක දමා ඔවුන් රාජකාරී කළා. ඔවුන් වගකීම අතහැර ගියේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් පාලනය කළ හැකි වුණා. මේ වන විට ඉළක්ක ගත ජනගහනයෙන් සියයට සියයකට පළමු එන්නත ලබාදී ඇති අතර 94% කට දෙවන එන්නත ලබාදීමටත්, වයස 12-15 අතර 92% කට දෙවන එන්නත ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීමේ වැඩ%

Related Posts