ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා අඩංගු වුණේ කළුතර ත්‍රිපෝෂවල – GMOA

Spread the love

කළුතර දිස්ත්‍රික්කයේ බෙදාහැරි ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකා කාරකය ප්‍රමාණය ඉක්මවා අඩංගුවී ඇති බවට හෙළිවීමත් සමඟ එම කාණ්ඩයට අදාළ තොග නැවත කැඳවීමක් සිදුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ, අදාළ ත්‍රිපෝෂ තොග බෙදා හරින අතරතුර කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේදී සිදු කළ පරික්ෂාවකදී සාම්පල කිහිපයක් ලබාගෙන ඉන් එකක ඇෆ්ලටොක්සින් ප්‍රමාණය සීමාව ඉක්මවා පැවති බවට අනාවරණයවී ඇති බවයි.

අදාළ සිදුවීම දැනගත් වහාව අදාළ කාණ්ඩ අංකය සහිත ත්‍රිපෝෂ තොග මීට මාස එකහාමාරකට පෙර බෙදාහැරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts