ආණ්ඩුව අකමැති දේ ව්‍යාපාරික සංගම් ස්වේච්ඡාවෙන්ම කරයි

Spread the love

COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් අද (17) වන විට දිවයින පුරා අවම වශයෙන් නගර 31 ක ව්‍යාපාරික කටයුතු ස්වේච්ඡාවෙන් අත්හිටුවා ඇති අතර තවත් නගර 15 ක ව්‍යාපාරික කටයුතු ස්වේච්ඡාවෙන් අද දින අත්හිටුවා ඇත.

ඒ අනුව ත්‍රිකුණාමලය නගර හා නගර සභාව, කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොනරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මන්හන්දිය,, වාද්දුව, බදුරාගොඩ,, රිකිල්ලගස්කඩ යන ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු නවතා දමා ඇත.

මීට අමතරව අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පළාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය සහ මාතලේ යන ප්‍රදේශවල ද ව්‍යාපාර කටයුතු ඇණහිට ඇත.

නැවත දැනුම් දෙන තුරු සමහර නගර වල සාප්පු සතියක් සඳහාත් වෙනත් නගර වල සති දෙකක කාලයක් සඳහාත් වසා දැමීමට ව්‍යාපාරික සංගම් විසින් තීරණය කර ඇත.

Related Posts