ආණ්ඩුවට ණය දෙන්න දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ද කැමති නෑ – චම්පික

Spread the love

43 සේනාංකයේ නීති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ නීතිඥ එකමුතුව ඊයේ පිහිටුවන ලද අතර, ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ලංකාවේ වෙළෙඳපොළ වාගේම අන්තර්ජාතික වෙළෙඳපොළ ද ශ්‍රී ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති බවය. දැන් මේ ගැටළුව උච්ඡතම අවස්ථාවට පැමිණ තිබේ. ආණ්ඩුව දැන් රට රටවල් පසුපස දුවන්නේ, කොළඹ තිබෙන වටිනා ඉඩම් විකුණා දැමීමට උත්සාහ කරන්නේ මේ ගැටළුව නිසා බව රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

“ඇයි මෙහෙම වුනේ? ඇයි අර 2019 තිබිච්ච තත්වය දැන් ඇති වෙන්නැත්තේ? කරුණු ගණනාවක් නිසා. කෝවිඩ් එක හේතුවක් විතරයි. පළවෙනි සංඥාව නිකුත් වුණා. මේ ජනාධිපතිවරයාගෙන් 2019 දෙසැම්බර් 01 වෙනිදා දැවැන්ත බදු සහනයක් ලබා දුන්නා. ඒ නිසා රාජ්‍ය ආදායමෙන් 40% ක් මෙහෙම කරද්දි නැතිවුණා. නරක සංඥාවක් දේශීය වෙළඳපොළටත්, අන්තර්ජාතික වෙළඳපොළටත් නිකුත් වුණා. ලංකාවට ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැහැයි කියන පණිවිඩය තමයි ඒ නරක සංඥාව. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අප අප රටත් එක්ක වැඩපිළිවෙළක් කරගෙන ගියා 2017 ඉඳන් ඒක 2020 ජූනි මාසෙ වෙනකන් තිබුණා. අවශ්‍ය නම් ඒක දිග්ගස්සගන්න තිබුණා. මොලේ කල්පනා කරා නම් ඒක ඒ වෙලාවේ දික් ගස්සගන්නවා. වහාම වගාඩම්බර ප්‍රකාශ ගණනාවක් කරලා අයි. එම්. එෆ්. එක අපිට ඕන්නෑ විදේශ බලවේග අපිට ඕන් නෑ දෑතේ දෙපයේ ශක්තියෙන්, දේශීය, බලෙන් අපි නැගිටිනවා කියලා ප්‍රකාශ කරලා අයි. එම්. එෆ්. එක එලව ගත්තා. ඒ එලවා ගත්තේ අන්න අර සුදු ලූනු බිකේ ඉදන් නැනෝ යූරියා දක්වා වංචා, දූෂණ, හොරකම් ටික කරගන්නයි ඒ එලව ගත්තේ. වෙන කාරණයකට නෙමෙයි. එතනින් තවත් නරක සංඥාවක් නිකුත් වුනා.

ඊළඟට මේ රටට කවදත් ඉතා අඩු පොලියට අපි කියනවා දීපු වැදගත් ව්‍යාපෘති 323 ක් තුන්සිය විසි තුනක් පයින් ගහලා එලියට දැම්මා. 9000 ක් වෘත්තීයවේදීන් එළියට දැම්මා. 24000 කට රැකියා අහිමි වුණා. ප්‍රධාන ඒවා කිව්වොත් මේ අපේ ආණ්ඩුව බොහොම අමාරුවෙන් අපි සාකච්ඡා කරලා ලබාගත්ත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. ඩොලර් බිලියන 2.2 ක්. මුළු අවුරුද්දටම ආවේ 500 යි. කියලා. ඒ ව්‍යාපෘතිය තිබුන නම් මේ අවුරුද්දේ ඩොලර් මිලියන 600 ක් රටට නිකම්ම එනවා. ගිය අවුරුද්දෙත් එනවා. මේ අවුරුද්දෙත් එනවා. ඊළඟ අවුරුද්දෙත් එනවා. ඒ ව්‍යාපෘතිය නැවැත්තුවා. ඊළඟට මරදානේ සිට හෝමාගම දක්වා දුම්රිය පද්ධතිය නවීකරණය කිරීමේ ඩොලර් බිලියන 1.7 ක ජයිකා ව්‍යාතිය. පයින් ගැහුවා ඒකට. ගහලා ඒකත් අයින් කරලා දැම්මා. අද පාරේ තියෙන මේ දැවැන්ත මාර්ග තදබදය විසඳගන්න තිබිච්ච ක්‍රියාමාර්ග. ඒ වගේම කඩුවෙල පාර්ලිමේන්තු පාරේ තදබදය විසඳගන්න තිබිච්ච ක්‍රියාදාමයක්.”

කොළඹ නගරයේ බිම් යටි බිම්ගත විදුලි පද්ධතියට දීලා තිබිච්ච ජයිකා ණය ඩොලර් මිලියන 214 ක්. පයින් ගැහුවා. ලෝක බැංකුවේ උපකාරය හදන්න ගිය දැවැන්ත බහුමාදිලි දැවැන්ත ප්‍රවාහන මධ්‍යස්ථාන අද නෑ. වැඩ කෙරෙන්නේ නෑ. ව්‍යාපෘති නතර වෙලා. එකම මහා පරිමාණ ව්‍යාපෘතියක්වත් අද සිදු කෙරෙන්නේ නෑ. මොකක්ද මේකෙන් ලැබිච්ච සංඥාව? ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවත් එපා. ලංකාවට කොරියා සංවර්ධන බැංකුවත් එපා ලංකාවට සල්ලිත් එපා අඩු පොලියට ණය එපා කියන සංඥාව තමයි මේ දුන්නේ

තාක්ෂණ නගරයක් අපි හෝමාගම ඇති කළා. ඒකට කොරියානු ආධාර අපිට ලැබුණා. ඉතාම වැදගත් ව්‍යාපෘතියක් විශ්ව විද්‍යාල අටක් තාක්ෂණ විද්‍යා පීඨ හරහා 80000 ක් පුහුණු කරා. මොකද කළේ? ඒක නැවැත්තුවා. ඒක නැවැත්තුවා විතරක් නෙමෙයි කොරියානු ආධාරය, ආසියානු යටිතල පහසුකම් බැංකුවේ ඩොලර් මිලියන 400 ක ආධාරය නැති වුණා. එතන හදන්න යනවා මොකක්ද හිරගේ. වැලිකඩ හිරගෙදර. රුපියල් බිලියන 31 ක්. කෝටි 3100 ක් වියදම් කරලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ පාසලක් විශ්ව විද් යාලයක් අරිනවා කියන්නේ හිරගෙදරක් වැහෙනවා කියන එක. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තාක්ෂණ පීඨ හතරක් වහලා හිරගෙයක් ඇරියා මේ ගෝඨාභය රාජපක්ෂ. ඔහු දන්නේ එච්චරයි. ඒක තමයි කරපු දේ. ඒ ඒ ඒවා හරහා දුන්නේ ඉතාම නරක පණිවිඩයක්. ඉතාම නරක පණිවිඩයක් අන්තර්ජාතික වෙළඳපොළට ලබා දුන්නා. ඒ සංඥාව. ඉතාම බරපතලයි.

මේ රටේ මේ ණය බර භාවය ගැන 225 ට බනිනවා. අවුරුදු 72 ක් රට පාලනය කරපු අයට බනිනවා. එහෙම කියලා මේක සාමාන්‍යකරණය කරලා තියෙනවා. අද මේ අර්බුදය බණ්ඩාරනායකලා, සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා හදපු අර්බුදයක් නෙවෙයි. මේ අර්බුදය සම්පූර්ණයෙන්ම රාජපක්ෂවරු හදපු අර්බුදයක්. මේ අපේ ණය ආපසු ගැනීම්, ගෙවීම් ගැන බැලුවොත්, 2021 දි 74.4% ක් ම, මහින්ද රාජපක්ෂගේ ණය. 14% යි සේනානායකගේ ඉදන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දක්වාම ණය. ඒකෙන් පේන්නේ මේ බර රාජපක්ෂවරුන්ගේ බර.

නිතර ආඩම්බරයෙන් කියන දෙයක් තියෙනවා. ඒක තමයි අපේ කාලේ දැවැන්ත වැඩ කොටසක් සිද්ධ වුණා. අධිවේගී පාරවල් හැදුනා. බලාගාර ඒ වගේම වරායවල් හැදුනා, ගුවන් තොටුපළවල් හැදුනා, සංඥා කුළුණු හැදුනා, ක්‍රීඩාංගණ හැදුනා, සම්මන්ත්‍රණ ශාලා හැදුනා. දැවැන්ත සංවර්ධනයක් සිද්ධ වුණා. 7% ක ආර්ථික වර්ධනයක් ලගා කරගත්තා. යහපාලනය 3ට වැට්ටුවා කියලා. නිතරම ඕක කියනවා. කොහෙන්ද මේ සංවර්ධනය ආවේ? මේ සංවර්ධනය ආවේ අන්න ඒ වාණිජ ණය හරහා. ඒ වාණිජ ණය දරාගන්න බැරුව, ඔය නග්ගපු ව්‍යාජ සංවර්ධනය 2013 දි 3% ට වැටුනා. ඒ වාණිජ ණය කිසිම ආදායමක් ඉපදවෙන්නේ නැති නැව් එන්නේ නැති වරායවල්. ගුවන් යානා එන් නැති ඒ වගේම සංඥා නැති මේ නෙළුම් කුළුණවල්, සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩා නැති ක්‍රීඩාංගන ආදිය ඉදිකිරීම හරහා අපි කිසිම ආදායමක් ඉපදවන්නේ නැති තැන්වල තමයි ඒවා යෙදෙව්වේ. ඒ වගේම ඒවායින් 1:400, 1:2000 අනුපාතෙන් කරපු, ගසාකෑම් වල ඵලවිපාක තමයි, අද අපට ගෙවන්න වෙලා තියෙන්නේ.

2015-19 මහින්ද රාජපක්ෂ මහත්තයා මෙහෙම ඉන්නකොට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි, විමල් වීරවංශ මහත්තයයි ඉන්නකොට සභාවේ ඇහුවා මාධ්‍යවේදියෙක්. ඔබතුමාලා ආවම කොහොමද ණය ප් රශ්නේ විසඳන්නේ කියලා ඇහුවා. නේද? අපි ආවම සල්ලි හොයනවා. අපි ආවම සල්ලි ගලාගෙන එනවා. කිසිම ප් රශ්නයක් නෑ අපි ආවා. අපි දන්නවා සල්ලි හොයන හැටි. අපි දන්නවා ණය ගෙවන හැටි. අපි වැඩ කරපු කට්ටියක් කියලා කිව්වා. ඒ වගේ කතා අපේ විපක්ෂෙත් ඇහෙනවා. අපි ආවහම අපි කරනවා. අපි දන්නවා කරන හැටි කියලා. මේ අර්බුදය, එහෙම සරල ආණ්ඩු වෙනසකින් හෝ එවැනි කාරණයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට අවශ්‍යයි නිශ්චිත වැඩපිළිවෙලක්. මේකට අවශ්‍යයි නිශ්චිත කණ්ඩායමක්. මේකට අවශ්‍යයි නිශ්චිතව මේ ප්‍රශ්න හඳුනාගෙන සිදුකරන ක්‍රියාදාමයක්. ඒකෙන් වැදගත්ම කොටසක් මේ නීතීඥ ඔබට පැවරෙනවා. ඒක තමයි මේ රට නැවතත් නීතියේ ආධිපත්‍යය තියෙන රටක් බවට මේ රටේ මිනිස්සුන්ටත්, ලෝකයාටත් පෙන්වා දීම ඒ සඳහා වෙන ප්‍රතිසංස්කරණවලියක් ඉදිරිපත් කිරීම.

ඒ මගින් ලෝකයට අපි බලගතු සංඥාවක් දෙන්න ඕනේ නැවතත් මේ රට මානව හිමිකම් රකින නීතියේ ආධිපත්‍යය තියෙන ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වයේ කාර්යක්ෂමතාවය සහ අපක්ෂපාතීත්වය තිබෙන රටක් යැයි කියන ඒ කොළපාට සංඥාව ගෝඨාභය රතු සංඥාවක් ඇරියේ කොළ සංඥාව අපි ලබා දෙන්න ඕනේ. දක්ෂ පක්ෂ පිරිසට ඉදිරියට එන්න වේදිකාවක් අවශ්‍යයි තමන්ගේ වෘත්තියෙන් නීතිඥ වෘත්තියෙන් එහෙම නැත්නම් නීති උපදේශනයෙන් ගණකාධිකාරිවරු හැටියට, සැලසුම් ශිල්පීන් හැටියට, ඉංජිනේරුවෝ හැටියට, වෛද්‍යවරු හැටියට ගුරුවරු හැටියට රට ගොඩනැගූ පිරිසට ඇයි බැරි මේ රටේ අනාගතය මෙහෙයවන්න අනාගතය ගොඩනගන්න අන්න ඒ සඳහා කාටවත් කඩේ නොයා අපි අපිම අපේ උරමතින් මේ අසීරු මොහොතේ අපේ රා අපේ රට අපේ ජනතාව මුහුණ දීලා තියෙන මේ මොහොතේ ජාති ආගම් කුල භේදයකින් තොරව මෙය ගොඩනගා ගැනීමට හදන ලද වේදිකාව තමයි අපේ 43 සේනාංකය. “

ඉදිරි කෙටි කාලයක් ඇතුළත මේ රට අපි ගලවා ගත්තේ නැත්නම් මේ සාපරාධී කල්ලියෙන් මේ රටේ අපේ දරුවන්ට අනාගතයක් ඉතුරු වෙන්නේ නෑ. ඔබේ හැකියාවෙන් ඔබ ගොඩනැගිලා තියෙන්නේ. ඔබ උපයාගත්ත ශක්තිය තමයි තියෙන්නේ මෙතන. එවැනි උපයාගත්ත දෑ තිබෙන පිරිස් වෙතින් රට ගොඩනැගෙනවා නම් මේ රට ඔදවත්, තෙදවත් රටක් වීම වලක්වන්න බෑ කාටවත්ම.

අන්න ඒ සඳහා අපි සැවොම මේ උත්සාහය දරමු කියන ආදරණීය පණිවිඩය ඔබට ඉදිරිපත් කරමින් ජනවාරි මාසයේදී අපි බලාපොරොත්තු වෙනවා රට ගොඩනගන වැඩපිළිවෙළක් සමග බලගතු කණ්ඩායමක් මේ රටට ඉදිරිපත් කරන්න.”සෑම ක්ෂේත්‍රයකම ඒ මහා ප්‍රවාහයට ඒ මහා නැගිටීමට, ඒ මහා පරිවර්තනයට සාක්ෂිකරුවෙකු හැටියට, සහායකයෙකු හැටියට, ඒ වගේම නායකයෙකු හැටියට සහභාගී වන ලෙස පාඨලී චම්පික රණවක මහතා ඇරයුම් කළේය.

මේ අවස්ථාවට එක් වූ 43 සේනාංක නීතීඥ එකමුතුවේ නීතීඥ ශිරාල් ලක්තිලක මහතා

“අපි මේ වැඩපිළිවෙළ ගොඩනගන්නේ අපි කාටත් හුරුපුරුදු පක්ෂයක නීතිඥ සංවිධානයක් ගොඩනගන්නට නෙවෙයි. අපි මෙතන ඉන්න සියලු දෙනා මගේ හිතවතුන් හිතවතියන් අපි දන්නවා හැම පක්ෂයකටම නීතිඥ කණ්ඩායමක් ඉන්නවා. නමුත් හැම පක්ෂයකටම නීති කණ්ඩායමක් හිටියට ඒ නීතිඥ කණ්ඩායම ක්‍රියාත්මක වෙන්නේ ඡන්දෙ කාලෙකට විතරයි. බොහෝ දුරට. ඒ ඡන්දෙ කාලේ හමාර වුණාට පස්සේ බලයට ආවා එක විදිහක්, බලයට නාවොත් තව විදියක් හැටියට අපේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් පෙරදැරි කරගෙන පහුගිය අවුරුදු තිහක විතර කාලයක් මේ නීතිඥ සංගම් ගොඩනගපු, හුඟක් දැවැන්තයෝ මට පේනවා මේ සභාවේ ඉන්නවා. නමුත් 43 සේනාංකය අද ඔබට ආරාධනා කරේ, එවැනි ක්‍රියාවලියකට සහභාගී වෙන්නට නෙවෙයි. අපි ඔබට ආරාධනා කරන්නේ ජාතික නීති ප්‍රතිසංස්කරණය සඳහා වන නීතිඥ එකමුතුවකට ගොනු වෙන්න කියලා.

අපි ජීවත් වෙන්නේ දරුණු අර්බුදයක මුවවිට බව අපි සියලු දෙනාම සාක්ෂරතාවයක් තියෙන සියලු දෙනාම දන්නවා. එවැනි තත්ත්වයක් තුළ හුඟ දෙනෙක් අද කතා කරනවා අර පෙර පරිදි ආණ්ඩුව පෙරළන්න. තවත් ආණ්ඩුවක් ගොඩනගන්න. අපේ දැක්ම අනුව හුදු බල පෙරළියකින් ආණ්ඩු මාරුවකින් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න බෑ කියලා අපි විශ්වාස කරනවා. අපිට අවශ්‍ය වෙනස පිළිබඳව ඒකමිතියක් ඇති නොකරගෙන අපිට මේ ලෝකය එක්ක අපි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හිතන්නේ නැතුව මම හිතන්නේ නෑ අපි මේ ඉන්න සියලු දෙනාම එකට එකතු වෙලා ඊළඟ ආණ්ඩුවේ බලය පිහිටෙව්වත් මමත් මෙතන ඉන්න හුඟ දෙනෙක් සම්බන්ධ වුණු යහපාලන ආණ්ඩුවේ අත්දැකීමම ලබන්නට පුළුවන් පස්සේ දැන් මට හුඟ දෙනෙක් විවේචනය කරනවා වගේ මොකක්ද කරේ කියලා අහන්නත් පුළුවන්. ඒ වගේමයි මේ ආණ්ඩුව ඇවිල්ලා ඇතිවෙච්ච අත්දැකීම් දිහා බැලුවම දියසේන කුමාරයෙක් ගොඩනගන්නට අපි උත්සාහ කරා මම නෙමෙයි අපේ සමාජය නමුත් ඒ තුළින් ඇතිවෙලා තියෙන ප්‍රතිඵලයත් අපි දන්නවා.

ඒ නිසා අපේ හිස් තුළ අපේ මනස තුළ දැවැන්ත දේශපාලනික රික්තයක් අද ජනනය වෙලා තියෙනවා. එසේ ජනනය වෙලා තියෙන තත්ත්වයක් තුළ අපි අලුත් ආරකට දේශපාලනය කළ යුතුයි. අලුත් ආරකට අපි ප්‍රතිපත්තු ගැන කතා කළ යුතුයි. මොකක්ද අපි නීතිඥ ප්‍රජාව විතරක් අරගත්තොතින් අපි ඉස්සරහ තියෙන ඇත්ත තත්වය. අපි දන්නවා ලංකාවේ දූෂණය වෙනවා. ඒ දූෂණය නීතිය, ව්‍යවස්ථාව යම් ප්‍රමාණයකට ආධාර වෙලා තියෙනවා. මේ පහුගිය අවුරුදු හැත්තෑවෙදිම. ඒ වගේම අපි දන්නවා අක්‍රමිකතා සිදුවෙනවා. නාස්තිය සිදුවෙනවා. මං උදාහරණ දෙන්න ඕන්නෑ. ඔබ තාම සවිඥානිකයි මේ පිළිබඳව. නමුත් ඒ හැම එකටම නීතිය පැත්තෙන් ගත්තත් ඒකට ප්‍රශ්නයක් නෑ. අපි නීතියෙන් දායක වෙලා තියෙනවා. ආර්ථිකය ගත්තත් එහෙමයි. සමාජ සංවර්ධනය පිළිබඳව ගත්තොත් විතරයි අපි සමාජ දර්ශක අතින් ආසියාවේ එහෙම නැත්නම් දකුණු ආසියාවේ ඉහළ තැනක ඉන්නේ.

ඒ නිසා අපි දන්නවා අපේ ව්‍යවස්ථාව පිටිපස්සේ තියෙන චින්තනය පසුගාමී කියලා. විසිවෙනි සංශෝධනය දිහා බැලුවත් විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඇති වෙච්ච නෛතික සංවාදය දිහා බැලුවත් අපේ චින්තනය පසුගාමී. නීති පද්ධතිය දිහා බැලුවත් නීති පද්ධතිය තුළ තියෙන නීති දිහා බැලුවත් ඒවා පිටුපස තියෙන චින්තනය පසුගාමී. යුක්තිය පසතලීම දිහා බැලුවත් ඒ යුක්තිය පසතලීම පිළිබඳව ඊට පිටුපස තියෙන චින්තනය පසුගාමී ඒ වගේම අධිකරණ පරිපාලනය දිහා බැලුවත් ඒ අධිකරණ පරිපාලනය පිටිපස්සේ තියෙන චින්තනය පසුගාමී. එවැනි තත්වයක් තුල මම හිතන්නේ, අපි හිතනවා නීතිඥවරුන්ට අධිකරණයෙන් එළියට ගිහිල්ලා කරන්නට තිබෙන කාර්යභාරයක් තිබෙනවා කියලා. නෛතික ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව.

අපේ අරමුණ වෙලා තියෙන්නේ ඔබ අපි ඔක්කොම එකතුවෙලා, සැබෑ ජනරජයක්, ගොඩනගන්නට අපි කටයුතු කළ යුතුයි. සැබෑ ජනරජයක්. ඒ ජනරජය තුළ ප්‍රජාතන්ත්‍රවාදයත්, සමානතාත්මතාවයත් යුක්තියත් කාර්යක්ෂමතාවයක් තිබිය යුතුයි. එක පැත්තක ජනරජයක් හදලා අපිට වැඩක් නෑ. ධනය බෙදන ජනරජයක් හෝ ධනය හම්බ කරන් නැති ජනරජයකුත් අපිට වැඩක් නෑ. ඒ සැබෑ ප්‍රායෝගික සිහිනය දකින්නට අපිත් එක්ක එකතු වෙන්න” යනුවෙන් ලක්තිලක මහතා ඉල්ලීමක් කළේය.

Related Posts