අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා

Spread the love

අලි සබ්‍රි අධිකරණ ඇමති වරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කියයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා කියන්නේ අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතය නෙවේ නම්, වහාම ඒක නිවැරදි කරන ලෙස තම සංගමය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවයි.

කුමුදේශ් මහතා මෙසේද පැවසුවේය.

‘‘වැඩ වර්ජනය කිරිමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව අධිකරණ ඇමති, අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය කිහිපයක් වාර්ථා කර තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට අත තියන්න ඉව අල්ලන ඇතැම් පාර්ශව වල මුට්ටිය දමා බැලීමක් විදිහට තමයි මේක අපි තේරුම් ගත යුතු වෙන්නේ.

වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ ඇගේ අමාරුවට නෙවේ. ඇමතිවරුන්ගේ සහ දේශපාළණ බළල් අත් විදිහට පත් කෙරෙන ඉහල පෙලේ නිළධාරීන්ගේ වගකීම ඉෂ්ඨ වෙනවානම් බොහෝ වැඩවර්ජන වලක්වා ගන්න පුළුවං. ඒ නිසා රට හදන්න නීතී ගේනවානම්, මුලින්ම පාළකයන්ගේ වගවීම මැනලා සේවයෙන් පහ කරන්න පුළුවන් දර්ශක ගේන්න.

අලි සබ්‍රි ඇමති කියන්නේ චන්දයකින් ඇමති කෙනෙක් වෙච්ච කෙනෙක් නෙවේ. වන්දිබට්ටකම් කරලා පාර්ලිමේතු ඇවිල්ලා, විශාල වගකීම් සහිත ඇමති තනතුරුවලට පත් වෙන එකත් ව්‍යවස්තාවෙන් ඉවත් කරන්න ඕනේ. මොකද එහෙම නොවන අය අහසින් පාත් වෙලා වගේ ඇමති වරු වුණාම ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද, සාමාන්‍ය මිනිස්සුන්ගේ අයිතිය මොකද්ද කියලා නොදැන, රට පාළණය වැරදි පීලිවල යවනවා.මේ ප්‍රකාශය ආණ්ඩුවේ අභිලාශය ගැන විශාල කථාවක් කියනවා. ඒක ආණ්ඩුවේ මතය නෙවේනම්, වහාම ඒක නිවැරදි කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.

Related Posts