‘අපේ ආණ්ඩුවක් යටතේ මන්ත්‍රී – අගමැති හා ජනපති විශ්‍රම වැටුප අහෝසි කරනවා‘

Spread the love

”අපේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිට, අගමැතිට ඇතුළු සියළු දෙනාටම ලබා දුන් විශ්‍රාම වැටුප වහාම හෝසි කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මැදිරිගිරිය දියසෙන්පුර නගරයේ පැවැති ප්‍රධාන රැස්වීමක් අමතිමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවැසීය.

එහිදි අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය. ” මම අහන්නේ සජිත් මහත්තයට බැරිද අම්ම බලා ගන්න. අපි අපේ අම්මලා බලා ගන්නවා. සජිත් මහත්තය විපක්ෂ නායකනේ ඒතුමට වත්කමක් තියෙනවනේ. එතකොට එතුමට අම්මව බලා ගන්න බැරිද. අම්මා ආණ්ඩුවේ පිහිටෙන් ජීවත් වෙනවා. පුතා ආණ්ඩුව ගන්න කතා කරනවා. ඇමති කෙනකුට වාහන තුනක් තියෙනවා. රියැදුරන් තුනක් දෙනවා. තුන්දෙනාටම ආණ්ඩුව පඩි ගෙවනවා. ඒ වාහන තුනටම ආණ්ඩුවෙන් නොමිලේ තෙල් ගහලා දෙනවා. ගෙයකුත් දෙනවා. ඒ් ගෙදර වතුර, ලයිට්, ටෙලිෆෝන් බිල් සියල්ල ගෙවනවා. පුදුම ගෙවිල්ලක් ඒවා නවත්වන්න ඕනේ. කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයාගේ වතුර බිල ඒකතුවෙලා ඇවිත් තිබුණා රුපියල් ලක්ෂ 18 යි. බීලද ? නාලද? පඩියක් ගෙව්වට කමක් නෑ. සියළු දීමනා නවත්වන්න ඕනේ’

Related Posts