අනුරට බිත්තර ගැසූ කුලී මැරයින්ගේ පැටිකිරිය එළියට

Spread the love

ඊයේ (31) කලගෙඩිහේන ග්ලාස්ගෝව් උත්සව ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පිරිස ඇවන්ගාඩ් ආයතනයේ සෘජු මෙහෙයවීම මත පැමිණි පිරිසක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ එහිදී අත්අඩංගුවට ගත් අසිත කුමාර විජේරත්න නැමැත්තා ඇවන්ගාඩ් ආයතයෙන් ප්‍රධාන ආරක්ෂක නිලධාරයෙකු ලෙස වැඩ කරන බවත් ඔහු ඇවස්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපතිගේ පුද්ගලික ආරක්ෂක කටයුතුවල නිරතව සිටින අයෙකු බවත් මේ වනවිට වාර්තා වේ.

ඔහු ඇවන්ගාඩ් ආයතවේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටින අතර තුර ගන්නා ලද ඡායාරූප කිහිපයක්ද මේ වනවිට අප වෙත ලැබී තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ දෙදෙනා සිදු කරන පාපොච්චාරණය අනුව ඔවුන් ඇමති ප්‍රසන්න රණතුංගගේ සහ ඇවන්ගාඩ් ආයතනයේ නමත් මේ සඳහා රුපියල් 5000ක මුදලක් එක් අයෙකුට ලබාදුන් බවත් සඳහන් කරයි.










text and pic by lanka truth

Related Posts