අගමැති කාර්යාලයේ සහ සිය අමාත්‍යාංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරීවල නිරතවන්නැයි අගමැතිගෙන් උපදෙස්

Spread the love

අගමැති කාර්යාලයේ සහ සිය අමාත්‍යාංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරීවල නිරතවන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඉන්ධන සහ අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය මෙම පියවර ගත් බව අග්‍රාමාත්‍යතුමාගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහන් වේ. අඛණ්ඩව විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුවද නිලධාරින් සිය රාජකාරි උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බව, අග්‍රාමාත්‍යවරයා කෘතවේදී වන බව එහි සටහන් කර තිබේ.

ත්‍රස්ත උවදුරෙන් සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජයගත් මෙරට ඉතිහාසයක් ඇති බවත්, වර්තමාන අභියෝගයද ඒ අයුරින්ම ජයග්‍රහණය කිරීම උදෙසා මාතෘභූමියේ නාමයෙන් සියලු දෙනා එක් විය යුතු බවත්, අග්‍රාමාත්‍යතුමාගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කෙරේ.

Related Posts