US election Hot Update: බිඩෙන් ජයග්‍රහණයට සමීප වෙයි !

Spread the love

එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියසය ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් පැමිණ සිටිනවා. මේ වන විට බිඩන් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 264 දෙනකු ජයග්‍රහණය කර ඇති අතර ජනපති ට්‍රම්ප් විසින් දිනාගෙන ඇති ඡන්ද විද්‍යාල නියෝජිතයින් ගණණ 214ක්.

ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍ය වන්නේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 270ක් දිනා ගැනීම පමණයි. ඒ අනුව බිඩන්ට අවශ්‍ය වන්නේ තවත් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 06කු දිනා ගැනීම පමණයි. එය දැනට ප්‍රතිඵල නිකුත් කිරීමට ඇති, බිඩන් විසින් ජයග්‍රහණය කරනු ඇතැයි උපකල්පනය කරන ‘නෙවාඩ – NV ප්‍රාන්ත ජයග්‍රහණය සමග සම්පූර්ණ වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයෝ සදහන් කරන්නේ.

මේ වන විට නෙවාඩා ප්‍රාන්තයේ ඡන්දවලින් 75%ක් ගණන් කර ඇති අතර එහිදී බිඩෙන් 49.3% (588,252) සහ ට්‍රම්ප් සියයට 48.7%ක (580,605) දිනාගෙන තිබෙනවා.

ජාතික වශයෙන් බිඩෙන් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 264ක් සමග 50.4%ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇති අතර ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 71,938,595ක්.

ට්‍රම්ප් විසින් ඡන්ද විද්‍යාල නියෝජිතයින් 214ක් සමග 48%ක ප්‍රතිශතයක් ද ඡන්ද 68,530,962ක් ද දිනාගෙන තිිබෙනවා.

මෙහිදී ට්‍රම්ප්ට වාසිදායක ප්‍රාන්ත 04ක ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට තිබෙනවා. එම ප්‍රාන්ත වන්නේ ඇලස්කා (3) පෙන්සිල්වේනියා (20), උතුරු කැරොලිනා (15) සහ ජෝර්ජියා (16) යන ප්‍රාන්තයි.

කෙසේ වෙතත් මේ වන විට නිකුත්ව ඇති ඡන්ද ප්‍රතිඵල ජනපති ට්‍රම්ප් විසින් අභියෝගයට ලක්කර තිබෙන අතර ඔහු අවධාරණය කරන්නේ ඡන්ද දූෂණ සිදුව ඇති හෙයින් තමා අධිකරණයට යන බවයි.

ඒ.එෆ්.පී. වාර්තා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts