ජූනි 01 දා සිට විදුලි බිල අඩුවන්නේ මෙහෙමයි – නිල නිවේදනය

Spread the love

විදුලි ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා  සිට අඩු කරන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (6) පැවසීය.

නව ගාස්තු අඩු කිරීමට අනුව විදුලි  ඒකක 0 -30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල්  6 දක්වා ද, ඒකක 31 සිට 60 දක්වා එකකයක මිල රුපියල් 20 සිට රුපියල්  9 දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා  ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා ද, ඒකක 91- 180 දක්වා ඒකකයක මිල රුපියල් 50 සිට 30 දක්වා ද, අඩුකරන බව පැවසූ අමාත්‍යවරයා විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධ යෝජනාව හෙට හෝ ලබන සඳුදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Related Posts