නුසුදුසු අය ඡන්ද හිමි නාමලේඛනයේ සිටී නම් දන්වන්න

Spread the love

ඉදිරියේදි පැවත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම් සඳහා භාවිතා කරනු ලබන්නේ 2017 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය බවත් එම නාමලේඛනය තේරීම් භාර නිළධාරීන් විසින් ඒ ඒ පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවත් මැතිවරන කොමිෂන් සභාවේ මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කරයි.

ස්වකීය නම නිසි පරිදි අදාළ පළාත් පාලන ආයතනයේ නාම ලේඛනයේ ඇතුළත්ව නැති බව යම් ඡන්ද හිමියෙකුට පෙනී යන්නේ නම් හෝ නුසුදුසු අයකුගේ නම් ඇතුළත්ව ඇති බව පෙනී යන්නේ නම් හෝ ඒ බව 2017 දෙසැම්බර් 05 දින හෝ එදිනට පෙර ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ තේරීම් භාර නිළධාරි වෙත ලියවිල්ලකින් දැනුම් දිය හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දන්වා සිටී.

RSL

Related Posts