හොරු අල්ලන්න ආපු අයත් හොරු වෙලාද කියලා හිතෙනවා… – ජනාධිපති කියයි

Spread the love

මහජනතාවට පමණක්‌ නොව රජයේ මැති ඇමැතිවරුන්ට පවා ප්‍රශ්නයක්‌ වී ඇත්තේ “මේ ආණ්‌ඩුව මොකද කරන්නේ…” යන්නය. ඒ ප්‍රශ්නය ප්‍රශ්න ගණනාවක්‌ ඔස්‌සේ අසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පවත්වනු ලැබූ සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි පසුගියදා කැබිනට්‌ තීරණ දැනුම් දීමේ පුවත් පත් සාකච්ඡාවේදී අනාවරණය වුණා, කැබිනට්‌ මණ්‌ඩලයේදී ඔබ විසින් ඇමැතිවරුන්ට දෝෂාරෝපණය කරන ලද බව. දූෂණ චෝදනා සෙවීම සඳහා වන යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් භාවයක්‌ නොමැති ද…?

පිළිතුර – මෙතැන තිබෙන ප්‍රධානම කාරණය තමයි, කැබිනට්‌ මණ්‌ඩලයේ සිදුවූ දේවල් අභ්‍යන්තර කාරණා නිසා මම ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට ලබා දුන් ප්‍රධාන ඡන්ද පොරොන්දුවක්‌ වුණේ මේ දූෂණ චෝදනා විභාග කිරීමයි. කලින් තිබුණු ආණ්‌ඩුව වෙනස්‌ කරන්න ජනතාව තීරණය කළේ ඇයි…? මාව ජනාධිපති බවට පත් කරපු මැතිවරණ ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම තමයි මගේ වගකීම. දූෂිත පවුල් පාලනයකට විරුද්ධව සහ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා තමයි, ජනතාව මේ වෙනස කළේ. ඉදිරි කාල සීමාවේදී ආණ්‌ඩුව ජනප්‍රිය කරවීම සඳහා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ. ගමේ භාෂාවෙන් කියන හොරු ඇල්ලීම සඳහා ආණ්‌ඩුව කටයුතු කරනවාද නැද්ද කියන එක දෙස ජනතාව බලාගෙන සිටිනවා.

රාජ්‍ය නිලධාරීන්, පොලීසිය වේවා, නීතිපති දෙපාර්තමේන්තුව වේවා, අධිකරණ ක්‌ෂේත්‍රය වේවා, ඒ සෑම කෙනෙකුගෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ අපක්‌ෂපාතිත්වය, මධ්‍යස්‌ථභාවය සහ ස්‌වාධීනත්වය. දේශපාලන පළිගැනීම් වලින් තොරව කවුරු හෝ කෙනෙක්‌ වැරදි, දූෂණ, වංචා කරලා තියෙනවා නම්, ඒවාට විරුද්ධව කටයුතු කිරීම. මේ රට තුළ කතා බහ කරන ප්‍රධාන මාතෘකා වූ කාරණා ගණනාවක්‌ තිබෙනවා. පසුගිය ආණ්‌ඩුව කාලයේ සහ මේ අවුරුදු දෙකහමාර ඇතුළත සිදුවූ ඒ දේවල් පිළිබඳව ඉක්‌මන් පරීක්‌ෂණ කළ යුතු වෙනවා. පුවත්පත් කර්තෘවරයෙකු වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, එක්‌නැලිගොඩ අතුරුදහන් වීම, එල්ටීටීඊයට කිසිදු සම්බන්ධයක්‌ නැති දරුවන් එකොළහක්‌ අතුරුදන් වීම වැනි කාරණා පිළිබඳව සෙවීම අනිවාර්යයෙන් ඉටුවිය යුතුයි. මහජනතාව බලාපොරොත්තු වෙන, අපිත් බලාපොරොත්තු වෙන ඒ කරුණු කාරණා ඉටු වෙන්න ඕනේ. එය ඉටුකිරීම සඳහා ව්‍යවස්‌ථාපිත ආයතන තිබෙනවා. පොලිසිය, වංචා විමර්ශන ඒකක, අලුතෙන් හදපු එµa.සී.අයිඩී. වගේ ආයතන, අල්ලස්‌ සහ දුෂණ කොමිෂන් සභාව, බරපතල දුෂණ වංචා සම්බන්ධයෙන් පත්කර තිබෙන ජනාධිපති කොමිසන් සභාව, ආදී ආයතන මගින් අපි ඒ දේවල් ඉටු කිරීම පිළිබඳව බලාපොරොත්තු වෙනවා.

මේ ආණ්‌ඩුව ආවාට පස්‌සේ මුළු රටම කතා කරන මහ බැංකු බැඳුම්කර වංචාවක්‌ සම්බන්ධයෙන් කරනු ලබන චෝදනාව විමර්ශනය සඳහා මම ජනාධිපති කොමිසමක්‌ පත් කළා. මේ සියලු ආයතන තම තමන්ගේ වගකීම් ඉෂ්ට කරනු ඇතැයි මහජනතාව බලාපොරොත්තු වෙනවා. ඒවායේ යම් කිසි ප්‍රමාදයක්‌ වෙනවා නම්, ඒවාට යම් මඟපෑදීමක්‌ වෙනවා නම් ඒ කියන්නේ ජනතා බලාපොරොත්තුවට අපේක්‌ෂාවට යම් පිටුපෑමක්‌ එතැනදී සිදු වෙනවා. ඇතැම් දේවල් මට එළියේ කතා කරන්න බැහැ.ඇතුළේ කතා කරනවා. ඔය කියන කරුණු කාරණා සම්බන්ධයෙන් රජයේ අභ්‍යන්තර අංශවලට මම බොහොම තදින් කියල තියෙනවා. තදින් නියෝග දීලා තියෙනවා.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, මේ ආණ්‌ඩුව දුවන්නේ නැහැ කියන චෝදනාව තිබෙනවා.රටේ මොකුත් වෙන්නේ නැහැ කියලත් ජනතාව චෝදනා කරනවා. ඒ තුළ මෙවැනි පරීක්‌ෂණ පිළිබඳව දේශපාලන පළිගැනීම් වලට වඩා වැඩි අර්ථකථනයක්‌ රටෙන් ලැබෙන්නේ නැහැ…

වැඩිදුර කියවීම සඳහා මේ මත ඔබන්න..—->>>

RSL

Related Posts