ඉන්ධන සහ විදුලියට ස්වයංක්‍රීය මිල සූත්‍රයක්

Spread the love

ලබන මාර්තු මාසය වන විට ඉන්ධන සඳහාත්, සැප්තැම්බර් මාසය වන විට විදුලිබලය සඳහාත් ස්වයංක්‍රීය මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

රජයේ ව්‍යවසායන්හි පවතින දැඩි මූල්‍ය අලාභයන් අඩු කරගැනීමේ මඟක් ලෙස මේ මිල සූත්‍ර ක්‍රමය හඳුන්වාදෙන බව මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය.

වසර 2018 රටේ ආර්ථිකයේ ශක්තිමත්භාවය ඇති කරලීමට කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කරමින් මහබැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම ඉදිරිපත් කරමින් අධිපතිවරයා එසේ කීය.

RSL

Related Posts