1978 සිට සෑම ප‍්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් ගැන කථාකාවතක් පැන නගී. අවසනේ එය ඉටු නොවන පොරොන්දුවක් ලෙසින් මේ රටේ දේශපාලන ඉතිහාසයට එක් වේ. පසුගිය ජනාධිපතිවරයේ දී ද මේ පිළිබඳ පොරොන්දුවක් ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේ ම මැතිවරණ ප‍්‍රකාශනවල අන්තර්ගත විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ”ලොව දිනන මඟ මහින්ද චින්තන” හී මෙය අඩංගු වූයේ තව තවත් පැලැස්තර එකතු කිරීම වෙනුවට ජනතා පැතුම් පිළිබිඹු කෙරෙන නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත සම්මත කිරීමට අවශ්‍ය කටයුතු කරමි” යනුවෙනි.
එසේ ම ”ජනතා පැතුම් අපේක්ෂාවන් හඳුනාගෙන නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සඳහා සියලූ දේශපාලන පක්ෂවලට අයත් මහජන නියෝජිතයින්ගෙන් සමන්විත සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත් වනු ඇත.” (ලොව දිනන මඟ මහින්ද වින්තන)
මෙම ජනාධිපතිවරණයේ දී (2015 ජනවාරි 8 ජනාධිපතිවරණය) ජය ලැබූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ “මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක්” මැතිවරණ ප‍්‍රකාශනයෙන් ද ”අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට අලූතින් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යුහයක් හඳුන්වා දෙමි” යනුවෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් ගැන සඳහන් වේ. එමෙන් ම ඉදිරි මැතිවරණවල දී මනාප ක‍්‍රමය අහෝසි කරමින් සෑම මැතිවරණ කොට්ඨාශයකට ම අනිවාර්යයෙන් ම එක් එක් මන්තී‍්‍රවරයෙකු හෝ සිටින මැතිවරණ ක‍්‍රම සංශෝධනයක් ගැන ද එහි සඳහන් වේ. මෙහි දී (2015 ජනවාරි 8 වැනි දා) 51%කට වැඩි ජනතාවගේ අනුමැතිය ලැබෙන්නේ ජනාධිපති මෛතී‍්‍ර ඉදිරිපත් කළ ‘මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයටයි.
එසේ ම ඊට අඩු ජනතා අනුමැතියක් ලැබු ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ මැතිවරණ ප‍්‍රකාශනයේ අඩංගු නව ආණ්ඩු ක‍්‍රම ව්‍යුහයක් සැකසීමේ මැතිවරණ පොරොන්දුව ද අප මෙහි දී අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. ඊට හේතුව මේ ප‍්‍රකාශන දෙකම වටා ගොනු වූ පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කළ මේ රටේ ඡන්දදායකයින් 11,985,252ක් දෙනා නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් හා විධායක ජනාධිපති ක‍්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වූ බව පැහැදිලි ය. එසේ නම් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කථිකාව ජාත්‍යන්තරය පිනවීමට ජිනීවා යෝජනාවේ අතුරු පලයක් ලෙසි දැකීම වැරදි ය. අද ඊට එරෙහිව ප‍්‍රකාශ නිකුත් කරන එ්කාබද්ධ විපක්ෂයේ සමහර කණ්ඩායම් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ගොනු වී ”මහින්ද චින්තන ලොව දිනන මඟ” අනුමත කර ඇත.
“පවතින විධායක ජනාධිපති ක‍්‍රමය, මැතිවරණ ක‍්‍රමය නීතියේ අධිපත්‍යය සහ යහපාලනය වැනි ක්‍ෂේත‍්‍ර යන සියල්ලම නව ව්‍යවස්ථාවෙන් ආවරණය කරමි.” යනුවෙන් අඩංගු ”මහින්ද චින්තන ඉදිරි මඟ”හි සඳහන් පොරොන්දුව ශී‍්‍ර.ල.නි.ප. ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අනුබද්ධ පක්ෂ නොදැන ගෙන සිටීමට හේතුවක් නොමැත. පසුව ඉවත් වුවද විමල් වීරවංශ මන්තී‍්‍රවරයා නායකත්වය දරන ”ජාතික නිදහස් පෙරමුණ” වත්මන් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සාකච්ඡුා සඳහා සහභාගි වූයේ මේ නිසා විය හැකිය. එසේ ම දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රවරයා එ්කාබද්ධ විපක්ෂය වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ රැදී සිටිමින් ඉටු කරනු ලබන කාර්ය ප‍්‍රසංශනීය ය.
නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ වත්මන් කථිකා වත දෙස බලන විට හදිස්සියේ මතු වන අන්තවාදීයෙකු හැරෙන්නට උතුරේ ද්‍රවිඩ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලූ ප‍්‍රධාන පක්ෂ මෙවර ඊට එකඟතාවයකින් කටයුතු කිරීම සාධනිය ඓතිහාසික ප‍්‍රවේශයකි. එමෙන් ම 1978 ව්‍යවස්ථාවෙන් නිර්මාණය කල විධායක ජනාධිපති ධුරයේ සමහර බලතල ජනාධිපති මෛතී‍්‍රගේ මෙහෙය වීමෙන් 19 වැනි සංශෝධනය මගින් ඉවත් කිරීම ද වැදගත් ය.
මේ අනුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබද කථිකාවත ඇරඹී තිබෙන්නේ ම මෛතී‍්‍ර පාලනයක් ස්ථවර රටක් මැතිවරණ ප‍්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිදි ම විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වගකියන නම්‍යශිලි ධුරයක් බවට පත් කිරීමෙන් අනතුරුව ය.
මේ ආණ්ඩුවට විරුද්ධ අය පවා මෙය සාධනීය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථ ප‍්‍රතිසංස්කරණයක් ලෙසින් දකිති. ආණ්ඩුවේ එකම හොඳ කාර්යය එය පමණක් යැයි පවසන්නෝ ද දකින්නෝ ද සිටිති. මීට අමතරව බලය බෙදීම සම්බන්ධයෙන් සියලූ පාර්ශ්වයක් අතර පොදු එකඟතාවයක් ඇති වි තිබීම ද වැදගත් ය. එසේ ම මල්වතු නාහිමියන් දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා අමතා කළ ප‍්‍රකාශය මහ සඟරුවන ඇතුළු කාගේත් අවධානයට ලක් විය යුතුව ඇත.
“බණ්ඩාරනායක වෙල්වනායගම් ගිවිසුම උනත් එ් කාලේ කරන්න ඉඩ දුන්නේ නැති නිසා රටේ මහ විපතක් සිදු වුණා. එම ගිවිසුම බණ්ඩාරනායක අගමැතිවරයා ඉරා විසි කළේ භික්ෂූන් පිරිසකගේ විරෝධය නිසා. ඉන් රටේ පසුබැස්මක් ඇති වුණා.”
“හොඳ දේ ඉතිරි කරගෙන රටට අහිතකර දේ ඉවතක් කරන්න” – මල්වතු නාහිමි
මේ වනවිට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව හා බලය බෙදීම වැනි සංවේදි කාරණා සම්බන්ධයෙන් ද පොදු එකඟතාවයක් ඇති වී තිබිය දී දැනට නිකුත් වී ඇති අතුරු වාර්තාව පදනම් කරගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධී උද්ඝෝෂනයක් හා විවේචනයක් මතු වී තිබෙන්නේ මන් ද ? මතුපිටින් පෙනේනේ රටේ ‘එ්කීය’ භාවය පිළිබඳ ප‍්‍රශ්නය හා බුද්ධාගමට හිමි තැන ගැන ඇති වී තිබෙන සංවාදයයි. එවැන්නකට වුව ද පසුබිම වූ කාරණා ගැන සාකච්ඡුා කිරීම වැදගත් ය.
අපේ රටේ අලූතින් හෝ තිබෙන ව්‍යවස්ථාව ප‍්‍රතිසංස්කරණ කිරීමෙ දී ප‍්‍රධාන ධාරාවක් 4ක් සම්බන්ධයෙන් සැලකිලිමත් වීමට පුළුල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකට සිදු වේ.
1. සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ දැක්ම,
2. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ දැක්ම,
3. දෙමළ ජාතිකවාදීන්ගේ දැක්ම,
4. මාක්ස්වාදීන්ගේ දැක්ම
මින් ඉන් බහුතරය නියෝජනය කරන සිංහල බෞද්ධ ජාතිකවාදී දැක්ම හා සුළුතරය නියෝජනය කරන දෙමළ ජාතිකවාදීන්ගේ දැක් ම අතිශයින් ම වැදගත් වේ. මේ කණ්ඩායම දෙක අතරින් ද සිංහල බෞද්ධ ජාතිකවාදි දැක්ම ගැන ප‍්‍රවේසම් විය යුත්තේ රටේ අතිබහුතරය මේ පිරිස නියෝජනය කරන නිසාය. ප‍්‍රධාන පක්ෂ දෙක එකඟ වන සංශෝධනයකට තමන් එකඟයැයි දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඉතා සාධනීය මෙන් ම රැුඩිකල් තීරණයකට පැමිණ ඇත්තේ මේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව බව පැහැදිලිය. මේ වන විට ව්‍යවස්ථාවේ ‘එ්කීය භාවය’ පිළිබඳ කාරණයට ඔවුන්ගේ එකඟතාවය ලැබී තිබීම ද තවත් සාධනීය ස්ථාවරයකි. දෙමළ සමාජයේ පැත්තෙන් මෙතරම් නම්‍යශීලී බවක් මීට ඉහත දී ප‍්‍රකාශයට පත් වී නොමැත.
එහෙත් බලය බෙදුවොත් රට කැඩෙනවා ය යන මතය සිංහල සමාජය තුළ අටුවන් බැස ඇති ස්ථාවරයකි. මේ වන විට ‘එ්කීය රාජ්‍ය’ සංකල්පය යටතේ එය සිදු විය යුතුය යන ස්ථාවරයට සිංහල ජතිකවාදී බහුතරය අකමැත්තෙන් වාගේ කැමති වී සිටී. එහෙත් ලිබරල් ප‍්‍රජතන්ත‍්‍රවාදීන්ට මෙවායේ උඩක් පල්ලක් නොපෙනේ. ඔවුන්ගෙන් සමහරු, ෆොඩරල්, සංධීය, සහසංධිය ආදී විවිධ ස්ථාවරවල විටින් විට හිට ගන්නා බව පෙනේ. ආණ්ඩුවක් ප‍්‍රවේසම් විය යුත්තේ මේවා ගැනය.
බුද්ධාගමට හිමි තැන හා එ්කීය භාවය පිළිබඳ ප‍්‍රශ්නය වේලාසනින්යෙන් ම පටලවා ගෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත උපරිම බලය බෙදීමකට යෑමකට රටේ බිම් මට්ටමේ ජනතාව සම්බන්ධ කරගත නොහැකිය. එ් ගැන අවබෝධයක් මේ සැලසුම්කරුවන්ට තිබිය යුතුය. එ්කීය භාවය, බුද්ධාගම, පළාත් සභාවල ආණ්ඩුකාරයාගේ බලය අඩු කිරීම හා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ආදී කාරණා පත අට එකට හිඳගත්තා සේ එකට ගෙන සාකච්ඡුා වන ඉහළ මට්ටමේ කථිකාවත බිම් මට්ටමෙන් ප‍්‍රතික්‍ෂේප වන්නේ මේ එන්නේ රට කඩන ව්‍යවස්ථාවක් යනුවෙන් ලේබලයක් ද අලවමිනි. මුලින් නිවැරදි වැකිය සඳහන් කරමින් යටින් ඊට වෙට්ටු දමන වගන්ති විවිධ යෝජනා ලෙසින් ගෙන එ්ම අන්තවාදීන්ට සමස්ත ව්‍යවස්ථාවම ප‍්‍රතික්ෂේප කිරීමට දෙනු ලබන අනුබලයක් වාගේ ය. එතනින් එහාට සියල්ල රට කඩන පැත්තට ගෙන යන ප‍්‍රචාරයට වාසිදායකය.
සුරංගනා ව්‍යවස්ථා මණ්ඩල පිහිටුවාගත් විට සිදු වන්නේ මේ ටිකය. මේ නිසා බුද්ධාගම හා එ්කීය භාවය පිළිබඳ සංවේදි කාරණා දැනට ව්‍යවස්ථාවේ පවතින විදියට තබා ගැනීමට ඉඩ දී ඊට වඩා අත්‍යාවශ්‍ය කාරණා දෙසට යොමු නොවීමේ විපාක යෝජිත අතුරු වාර්තාවට වුවද එල්ල වන ප‍්‍රහාරයෙන් පැහැදිලි වේ. ආණ්ඩුව තේරුම් ගත යුතු ය. විවිධ වචන හරඹ වලට යමින් යටින් ගහන කෑලි වලට ජනතාව විරුද්ධය.
“එ්කීය රාජ්‍යය යන්නට පවතින ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ” යුනිටරි ස්ටේට්” යන්නයි. දෙමළ පරිවර්ථනයේ එය සඳහන් කර ඇත්තේ ”ඔකි‍්‍රයන්සි” ලෙසය. ඕකි‍්‍රයන්සි යනු එ්කීය රාජ්‍යයයි. දෙමලෙන් ඇති ”ඔකි‍්‍රයන්සි” යන්න ”ඔරුමිත්තනාඩු” ලෙස වෙනස් කර තිබේ. ”ඔරුමිත්තනාඩු” යනු කොටස් වලින් සැදුනු එ්කකයක් නැතිනම් ආණ්ඩුවක් යන්නයි.” (නීතිඥ කනිෂ්ක විතාරණ 8.10.2017 මාධ්‍ය) මේ නිසා මීට එරෙහි විවේචනය හා විරෝධය සරල නැත. ජනතාව ඇන්ද වීමට සුදානම් වන්නේ නම් ගෙඩිය පිටින් ම කි‍්‍රයාදාමය විසි වීමට ඉඩ තිබේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති මැද වාචතේ යෝජනාවේ වැදගත් කම මතු වන්නේ මෙවන් පරිසරයකය. පරිධියට බලය බෙදන විට ආණ්ඩුකාරයාගේ බලය දුර්වල කිරීම හා ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් කිරීම ‘එ්කීය’ රාජ්‍යය දුර්වල කිරීමක් ලෙසින් ඔවුහු පෙන්වා දෙති. එක්සත් ජාතික පක්ෂය කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැත. එන ඕනෑම යෝජනාවකට එකඟවීමක් ඉන් අදහස් වන්නේ දැයි කියන්න දන්නේ නැත. එවන් දැවැන්ත පක්ෂයකට තමන්ගේ කියා යෝජනාවක් නොතිබීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයා දාමයේ වත්මන් අවුල සහගත තත්ත්වයට ද හේතු වී තිබේ.
ශී‍්‍ර ලංකාව තුළ නව ව්‍යවස්ථාවක් පිළිබඳ කථිකාවත කවදාත් සාකච්ඡුාවට බදුන් වූයේ වාර්ගික හැඟීම් ඇවිස්සෙන ආකාරයට විනා බුද්ධිමත් සංවාදයක මට්ටමින් නොවේ. එයම වත්මන් ව්‍යවස්ථා කි‍්‍රයාදාමය තුළ ද පවතින ප‍්‍රධාන දුර්වලකමකි.
-වසන්තපි‍්‍රය රාමනායක-