ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, කීත් නොයාර් පැහැර ගැනීම හෝ නිමක් නොමැතිව මාධ්‍යවේදීන්ට සිදුවූ අඩන්තේට්ටම්වලට මහින්ද රාජපක්ෂ මහතා කනගාටු නොවන බවත් පසුගිය දේවලින් පාඩම් ඉගෙන ගත්තා නම් අධිකරණ දෙකක විභාග වන නඩුවලට මුහුණ දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පවසන්නේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමිනි. ඒ නිවේදනය මෙසේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද දිනයේ තම පවුලේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කළේය.
සති ගණනාවක් තිස්සේ තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි යන කටකතාවලට පිළිතුරු දීම ඔහු ප්‍රතික්ෂේප කරමින් සිටියේය. මා වසර ගණනාවක සිට මහින්ද රාජපක්ෂව හොඳින්ම හඳුනමි. ජනාධිපති කුමාරතුංග යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි එකාවන්ව කටයුතු කළෙමු. අපි මැතිවරණ ජයගත්තෙමු. එකම කැබිනෙට්ටුවේ සේවය කළෙමු.
2006 දී මම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව යනවිට ඔහු එතෙක් මා දැන සිටි පුද්ගලයාට වඩා වෙනස් අයකුව සිටියේය. ජනාධිපතිවරයා ලෙස ඔහු මූලිකත්වය ලබාදුන්නේ ඔහුගේ පවුල පෝෂණය කිරීමට, ආරක්ෂා කිරීමට සහ බලවත් කිරීමට විනා රට ආරක්ෂා කිරීමට නොවේ. එක් කලකදී ඔහු හැබැවින්ම මේ රටේ පයගසාගෙන සිටි පුත්‍රයකුව සිටියේය. ඒ කාලයේ ඔහුගේ හදගැස්ම රටේ පුරවැසියන්ගේ හදගැස්මට සමගාමීව පැවැතියේය.
2015 ජනවාරියේදී ඡන්ද 400000 කින් පරාජයට පත් වූ ඔහුට මැදමුලනට ගිය පසු තමන්ගේම වැරදිවලින් පාඩම් ඉගෙන ගැනීමට සිදුවිය.
ජාතියේ සම්පත් සොරකම් කරමින්, රාජ්‍ය යන්ත්‍රයට තම පවුලේ අය සම්බන්ධ කරගැනීම ගැන ඔහු කනගාටුව ප්‍රකාශ කරන්නේද යන්න ගැන මම විමතියට පත්වෙමි. එසේම සුදු වෑන්වලට කොටුකරගත් අපගේ ජනමාධ්‍යවේදීන් රැසක් ගැනම තොරතුරක්වත් සොයා ගැනීමට නොහැකි විය. මුලින්ම දෙමළ අයටත් දෙවනුව මුස්ලිම් අයටත් එරෙහිව වර්ගවාදී වෛරී දේශපාලන ස්ථාවරයක සිටි ඔහු ඒ ගැන තවමත් සිය කනගාටුවට පත්වී ඇත්දැයි මට තවමත් ගැටලුවකි.
2018 ඔක්තෝබරයේ නීතිවිරෝධී ආකාරයෙන් බලය ඩැහැ ගැනීමට ඔහු දියත් කළ කුමන්ත්‍රණය මට නම් හැඟී ගියේ මෙය උගත යුතු පාඩමක් නොවන බවයි. නීතියේ විධිවිධාන කිසිවක් ඔහුට වලංගු නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු වේදිකාවේ සිට ප්‍රකාශය කෙරෙන වචනයක් පමණක් වී තිබේ. පාර්ලිමේන්තුව ඔහුට එරෙහිව නැගී සිටිය විට ඔහු තමාගේ ගැත්තන් යොදාගෙන පාර්ලිමේන්තුව විනාශ කිරීමට උත්සාහ කළේය. ඔහුට එරෙහිව නැගී සිටීමට තරම් සවියක් තිබුණේ උසාවියට පමණක් වූ අතර මෙහි ප්‍රතිඵලය වූයේ මහින්ද රාජපක්ෂගේ කුමන්ත්‍රණය අසාර්ථක වී ඔහුගේ පස්ස බිම ඇනීමයි.
මහින්ද රාජපක්ෂගේ නරකම පැත්ත මා ඉෙගන ගත්තේ ඔහු විරුද්ධ පක්ෂයේ ඉඳගෙන සිටින විටදීය. තමන්ගේ පවුලේ අයට පමණට වඩා බලයක් ලබාදී ඇති බව ඔහුට හැෙඟන්නේ නැත. ඔහු විශ්වාස කරන්නේ තම පවුලට ප්‍රමාණවත් තරම් බලයක් ලබාදී නොමැති බවකි. තමන්ගේ හිතවතුන් මිලියන ගණන් මහජන මුදල් අයථා ලෙස භාවිත කරන බව ඔහුට දැනුනේ නැත.
ඔහුට තවත් කිරීමට බොහෝ දේ ඇතැයි ඔහු විශ්වාස කරයි. රට ප්‍රමාණවත් තරම් භීතියට පත් කළ බව තවමත් විශ්වාස කළේ නැත. පමණට වඩා ස්වාධීන අධිකරණයට තර්ජනය කිරීම ගැන ඔහුට හැඟීමක් නැත. ඔහු විශ්වාස කරන්නේ ස්වාධීන අධිකරණයට කිසිම ලෙසකින්වත් ඉඩ ලබා නොදිය යුතු බවයි.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම ගැන ඔහු කනගාටු වන්නේ නැත. ලසන්ත වික්‍රමතුංග ඝාතනය හෝ කීත් නොයාර් පැහැර ගැනීම හෝ නිමක් නොමැති අනිත් ජනමාධ්‍යවේදීන්ට සිදුවූ අඩන්තේට්ටම් ගැන ඔහු කනගාටු වන්නේ නැත. තවදුරටත් ස්වාධීන ජනමාධ්‍යවේදීන් මේ අපරාධ ගැන දැනගෙන සිටියි නම් ඊළඟට එන්නේ තමන්ගේ වාරය බවද දැනගෙන සිටීම වැදගත් වෙනවා.
මහින්ද රාජපක්ෂ උගත් පාඩම් මේවායි. එසේ නොවන්නේ නම් මේ පාඩම් හරියට ඉගෙන ගත්තා නම් උසාවි දෙකක විභාග වන නඩුවලට මුහුණ දෙන අයකු වශයෙන් සිටින අයකු තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කිරීමට මහින්ද රාජපක්ෂ පියවර ගන්නේ නැත.
එකක් රුපියල් බිලියන 11 ක දූෂණ නඩුවක්, අනිත් කාරණය බදු ගෙවන්නන්ගේ මුදලින් රුපියල් බිලියන 33 ක් හොරකම් කර තමන්ගේ පියා වෙනුවෙන් පිළිරුවක් ඉදිකිරීමයි. තමන්ගේ අනුප්‍රාප්තිකයා ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමට සම්බන්ධ වීම, යුද විරු සරත් ෆොන්සේකා සිරගත කිරීම සහ තමන්ගේ අවශ්‍යතාවය පරිදි අධිකරණය නම්මීකරණය කිරීම ගැන තමන් සතුටු වන්නේ දැයි ඔහු පවසා නැත.
වසර පහක් තිස්සේ විරුද්ධ පක්ෂයට වී සිටි මහින්ද රාජපක්ෂ මහජනතාවට පවසන පණිවුඩය වන්නේ තමන්ගේ සහෝදරයා ජනාධිපති වන බවත්, තමන් අගමැති වන බවත්, අනිත් සහෝදරයා කතානායක විය යුතු බවත් සිවුවන සහෝදරයා ආර්ථිකය භාරව කටයුතු කරන්නා බවටත් ඔහුගේ පුතා තමන් තෝරාගත් අනුප්‍රාප්තිකයා බවත්ය. එයින් අප දැනගත යුතු සියල්ල අනාවරණය වේ. ශ්‍රී ලංකාව, එහි භූමිය එහි මහජනතාව සහ එහි අනාගතය, රාජපක්ෂ පවුලේ පෞද්ගලික දේපළ ගැන මහින්ද රාජපක්ෂගේ හිතේ ඇත්තේ මොනවා දැයි යන්න මෙයින් හොඳ හැටි අවබෝධ වේ.
අවාසනාවකට මෙන් අපේ රටේ සිටින සුළු ජාතිකයන් සහ සුවිශේෂී ආගම් අදහන අය ගැන වෛරයෙන් සිටින අය හමුවේ ඔවුන් රාජපක්ෂ පවුලේ දර්ශනයේ බලකේන්ද්‍රය වටා රැස්වී සිටීම අවාසනාවකි. රාජපක්ෂ පවුලේ අධිරාජ්‍යය යටතේ දෙවැනි මට්ටමේ පුරවැසියන් ලෙස ජීවත්වීමට ඔවුන් කැමැති මේ අය දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි සහ අනිකුත් ජාතීන් බලහත්කාරයෙන් තුන්වැනි පංතියේ පුරවැසියන් කිරීමට කැමැත්තෙන් සිටිති. අනිත් අය කෑදරකම නිසා රාජපක්ෂවරුන්ට සහාය දක්වන අතර තවත් පිරිසක් තමන්ගේ පව් නිසා නීතියෙන් මිදීමට රාජපක්ෂවරුන්ට සහාය දක්වති. මැතිවරණයට පෙනී සිටින රාජපක්ෂ පවුලේ සාමාජිකයා කවුදැයි යන්න මැතිවරණයේ අර්ථයෙන් වැදගත් වන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමේදී මගේ පෞද්ගලික අදහස වන්නේ එයයි.
මේ රටේ ප්‍රධාන පෙළේ ජනාධිපති ධුර අපේක්ෂකයකු අපරාධ චෝදනාවලට ලක් වූ පුරවැසිභාවය ගැන ප්‍රශ්න ඇති අයකු වීම ගැන මට ඇති වන්නේ ඉමහත් ලැජ්ජාවකි. එහෙත් ජනාධිපතිධුරාපේක්ෂකයා රාජපක්ෂවරයකු වේ දැයි ප්‍රශ්නයක් මතුවුයේ නැත. මතු වූ ප්‍රශ්නය වූයේ අපේක්ෂකයා වන්නේ කවර රාජපක්ෂවරයාද යන්න පමණි.
සත්‍ය කතා කළොත් මේ මුළු පවුලම නියෝජනය කරන්නේ මැරකම, දූෂණය, රැවටීම හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගය නොකරන ස්වාධීන ආයතනවලට අපකීර්තිය ගෙන ආ අයකුවීම ගැන මට ඇතිවන්නේ ඉමහත් ලැජ්ජාවකි. එහෙත් ජනාධිපති ධූරාපේක්ෂකයා රාජපක්ෂවරයකු වේ දැයි ප්‍රශ්නයක් මතු වූයේ නැත. ප්‍රශ්නය වූයේ අපේක්ෂකයා වන්නේ කවර රාජපක්ෂවරයාද යන්න පමණි.
මේ අපේක්ෂකයා නාමික නායකයෙකි. ගෝඨාභය අපේක්ෂකයා ලෙස තෝරාගැනීම නිසා පමණක් අලුතෙන් ඡන්ද දිනාගැනීමට හේතුවක් ඇතිවන්නේ නැත. මේ හේතුව නිසාම ඔවුන්ට ලිබරල්වාදී ඡන්ද හා සුළු ජන ඡන්ද ඡන්ද අහිමී යනු ඇත.