පසුගිය රාජපක්ෂ රෙජීමයේ සිටි ප්‍රධානියෙකු වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨා යන කුප්‍රකට නාමය සුවිශේෂීය. සිදුකළ කුප්‍රකට ක්‍රියා සහ ජාවාරම් ඇතුළු විවිධ දේවල්වලට රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු උසාවි ගානේ නඩු අසා හිරේ යද්දී, හිරේ ගොස් ඇප පිට එළියට එද්දී, ඊට වඩා වැඩි මිනී මැරීම්, පැහැරගෙන යාම්, සමුහ ඝාතන, කොල්ල කෑම්, අවි ජාවාරම් ඇතුළු චෝදනා අතිවිශාල සංඛ්‍යාවකට වගකිව යුත්තෙක් ලෙස නම් දරා සිටින ගෝඨාභය මෙතෙක් හිරේ නොයා නිදැල්ලේ සැරිසැරීම මෙරට පොදු මහජනතාවට මතුකරන්නේ විමතියකි.
අප මීට පෙර ගෝඨාභයගේ එම කූට සෙල්ලම ගැන අනාවරණය කළෙමු. මේ ඒ පිළිබඳ අනාවරණයයි. රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නොකළ, එහෙත් ගෝඨාභය සිදු කරන කූට සෙල්ලම (විශේෂ)
මේ ගෝඨාභයගේ නඩුවක් නැවතත් කල් ගිය හැටි ගැන වාර්තා කරණයකි.
“රුපියල් බිලියන 11.4 ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අටදෙනකුට එරෙහි අල්ලස් නඩු විභාගය මාර්තු 26 වන දින ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (26) නියම කළේය.
නඩුව විභාගය සඳහා ඊයේ (26) නියමිතව තිබුණ ද විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින් පවසා සිටියේ මහෙස්ත්‍රාත් අධිකරණය සිය මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් ලබා දුන් නියෝගයට එරෙහිව මහාධිකරණය වෙත ප්රතිශෝධන අයදුමක් ඉදිරිපත් කළ ද එය ද මහාධිකරණය විසින් දෙපාර්ශ්වය නොකැඳවාම එය ප්‍රතික්ෂේප කර ඇති බවය. මීට එරෙහිව අභියාචනාධිකරණය වෙත ප්රතිශෝධන අයදුමක් ඉදිරිපත් කර ඇති බවත් එහි තීන්දුව මාර්තු 13 වන දින ප්‍රකාශ කිරීමට නියමිත බැවින් ඒ දක්වා නඩු විභාගයට නොගන්නා ලෙසට ඉල්ලීමක් කළේය.
තවද විත්තිකරුවන් බෝහෝදෙනකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අද දින (26) හිටපු නීතිපති මොහාන් පිරිස් මහතාට එරෙහි අල්ලස් නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්විමට ශ්‍රේඨාධිකරණය වෙත පෙනී සිටින බැවින් මෙම නඩුව විභාගයට නොගන්නා ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙහිදී පවසා සිටියේ අභියාචනාධිකරණයේ ප්රතිශෝධන අයදුම නඩු විභාගය පවත්වාගෙන යාමට බාධාවක් නොවන බැවින් විත්තියේ එම ඉල්ලීමට විරුද්ධත්වය පල කරන බවත් නමුදු ජනාධිපති නීතිඥවරු බෝහෝමයක් හිටපු නීතිපතිවරයාගේ නඩුව සඳහා පෙනී සිටින බැවින් මෙම නඩුවට පෙනී සිටිය නොහැකි විම යන ප්‍රායෝගික කරුණ සම්බන්ධයෙන් අධිකරණය සළකා බැලීම සම්බන්ධයෙන් සිය විරෝධයක් නොමැති බවට අධිකරණය හමුවේ දැන්විය.
අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයේ ප්රතිශෝධන ඉල්ලුම් පත්‍රය සම්බන්ධ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් 25/2018 රීට් ඉල්ලුම් පත්‍රය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නීතිඥවරු පෙනී සිටීම සළකා නඩුව විභාගය මාර්තු 26 වන දිනට කල් තැබිණ.
මෙහි සාක්කි දීම සඳහා පැමිණ සිටි සාක්කි 3 එවකට හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඉන්දුමති රත්නායක මහත්මියට ලබන මාර්තු 26 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අධිකරණය අවවාද කළේය.
සාක්කි 8 කර්නල් ශිවන්ත ප්‍රනාන්දු මහතා පුහුණු පාඨමාලාවක් සඳහා විදේශ ගතවී ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය වූ අතර සාක්කි අංක 41 සමාගම් රේජිස්ටාර් වෙත සිතාසි භාර දුන්න ද අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් නැවත සිතාසියක් නිකුත් කරණු ලැබිණ.
විත්තියේ මුලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් ඉකුත් නොවැම්බර් 17 වන දින නඩුව විභාගය සඳහා පෙබරවාරි 26 හා මාර්තු 26 වන දිනට නියම කෙරිණ.
සිද්ධිය ඊයේ (26) නැවත කැඳවූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
රුපියල් බිලියන 11.4ක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාළව විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සුජාතා දමයන්ති ජයරත්න, හිටපු මේජර් ජනරාල් වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු, හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඩී.ඩබ්ලිව් .ඒ .සෝමතිලක දිසානායක, ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් යාපාහෙට්ටිආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති, හිටපු නාවික හමුදා පති ජයනාත් කුමාරසිරි කොළඹගේ, හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එම් .ෆැන්සිස් ඩයස් ජයරත්න පෙරේරා යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 19ක් යටතේ 2016/9/1 වන දින අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පැවරිණ.
වර්ෂ 2012 අගෝස්තු 7 වන දින සිට වර්ෂ 2015 ජනවාරි මස 8 වන දින දක්වා වු කාලසීමාව තුළ දී ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගම වෙත අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධි ලෙස අර්ථලාභයක් හෝ අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් හෝ එසේ විය හැකි බව දැන දැනම පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කර පවත්වාගෙන යාම සඳහා ඉහත කී සමාගමට අවකාශ සැලසීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදු කිරීම හෝ එකී වරදට අනුබල දී ඇති බව සඳහන් කරමින් කොමිසම නඩු පවරා තිබිණ. එසේම එම දුෂණය නම් වරද සිදු කිරීමට අනුබලදීමේ දී යම් එකඟතාවක් ඇති කර හෝ නැතිව යුෂ්මතුන් එක්ව හෝ වෙන් වෙන්ව දුෂණය නම් වරද සිදු කිරීමට හෝ ඊට අනුබල දීම හෝ පොදු අරමුණින් යුතුව ක්‍රියාකිරීමට එකඟවිමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 113(අ) සහා 102 වගන්ති සමඟ කියැවෙන 1994 අංක 20 දරන පනතින් සංශෝධිත 1954 (01) දරන අල්ලස් පනතේ 70 වන වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි දුෂණය නම් වරද සිදුකර ඇතැයි ද චෝදනා වේ සඳහන්ය.
අධිකරණය විසින් කරනු ලැබූ නොතීසියකට අනුව අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් ලක්ෂ දෙකක් හා මිලියන 20ක බැගින් වූ ශරිර ඇප මත ඉකුත් සැප්තැම්බර් 30 වන දින මුදා හැරිණ.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දුෂණ කොමිසමේ සහකාර අධ්යක්ෂ නීති දිස්නා ගුණසිංහ සමඟ රජයේ ජෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, අලි සබ්රි, උදය රොහාන් සිල්වා, මොහාන් විරකොන්, ෂවේන්ද්‍ර පෙරේරා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ”.