Covid-19 Hot: ලංකාවේ ආසාදිතයින් 1821යි – ගෝලීය මරණ සංඛ්‍යාව 400,624ක්

Spread the love

අද (7) දින ප.ව 21.06 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 07 දෙනකු වාර්තා වී ඇති අතර ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. එහි සදහන් වන ආකාරයට දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 70ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 869ක්. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 941ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

ගෝලීය තත්ත්වය

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියට අනුව අද දින ප.ව 09.22 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 6,939,869ක් දක්වාත් මරණ සංඛ්‍යාව 400,624 දක්වාත් වර්ධනය වී තිබෙනවා.

සුපුරුදු ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 1,922,054ක් සහ මරණ 109,846ක් එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර ආසාදිතයින් අතර දෙවැනි තැනට බ්‍රසීලය පත්ව තිබෙනවා. එහි ආසාදිතයින් සංඛ්‍යාව 672,846ක් වන අතර මරණ සංඛ්‍යාව 35,930ක්.

රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 467,073 ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 5851ක්.

මේ වන විට ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව ස්පාඤ්ඤයෛ් ආසාදිතයින් සංඛ්‍යාව (245,550) ද ඉක්මවා 254,242 ක් දක්වා වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යාව ද 7117 දක්වා වර්ධනය වී තිබෙනවා.

මැදපෙරදිග තත්ත්වය

ශ්‍රී ලාංකිකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරන මැදපෙරදිග රටවල් අතර ප්‍රධාන වන සෞදි ආරාබියේ ආසාදිතයින් සංඛ්‍යාව 101,914 ක් දක්වාත්, මරණ සංඛ්‍යාව 712 ක් දක්වාත්, කටාර්හි ආසාදිතයින් සංඛ්‍යාව 68,790ක් දක්වාත් මරණ සංඛ්‍යාව 54ක් දක්වාත් ඉහළ ගොස් ඇති අතර කුවේටයේ ආසාදිතයින් සංඛ්‍යාව 31,848 ක් දක්වාත් ඕමානයේ ආසාදිතයින් සංඛ්‍යාව 16,882ක් දක්වාත් බහරේන්හි ආසාදිතයින් සංඛ්‍යාව 14,763 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

RSL

Related Posts