“Construct 2011” ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වේ

Spread the love

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය මඟින් 11 වන වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රදර්ශනයක් වන “Construct 2011” ඊයේ (19 අගෝ.) සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණ.

මෙම ප්‍රදර්ශනයට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ප්‍රකට දෙස් විදෙස් සමාගම් රැසක් එක් ව සිටිති.

නිවසක් තැනීමේ දී දැන ගත යුතු සියලු කරුණු හා අංගෝපාංග මෙන් ම මහා මාර්ග පාලම් ඇතුළු මහා පරිමාණ ඉදිකිරීම්වලට අදාළ ප්‍රදර්ශන කුටි රැසක් මෙහි දක්නට ඇත.

අද සිට මෙම මස 21 දක්වා පැවැත්වෙන “Cඔන්ස්ටෘcට් 2011”ප්‍රදර්ශනයේදී මැලේසියාව, ඉන්දියාව, පාකිස්ථානය හා චීනය යන රටවල ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ නිමැවුම් හා තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව ද මහජනතාවට හිමි වේ.

මෙම අවස්ථාවට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා සමඟ ජාතික ඉදිකිරීම් සංගමයේ නිලධාරින් පිරිසක් ද එක් ව සිටියහ.

RSL

Related Posts