Comedy Wildlife Photography Awards 2020: අවසන් වටයට පැමිණි ඡායාරූප

Spread the love

සිනාසෙන මාළුවෙක්…මිත්‍රත්වයට දෑත් ඔසවන වළසෙක්… කෝපයෙන් පුපුරණ කැස්බෑවෙක්… මේ අපූරු ඡායාරූප ගොන්න අපට හමුවෙන්නේ ‘කොමඩි වනජීවී ඡායාරූප සම්මාන 2020 – Comedy Wildlife Photography Awards 2020 finalists revealed. අවසන් තරඟකරුවන්ගෙ ඡායාරූප අතරින්.

ඔක්තෝබර් 22 වන දින පැවැත්වෙන සම්මාන උළෙලකදී ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඊට පෙර ඔබටම පුළුවන් කවුද අවසන් ජයග්‍රාහකයා කියා සිතා ගන්න. ඒ මේ සියලු ඡායාරූප බැලුවොත් පමණයි.

A giraffe looking sideways into the photographic frame of another giraffe
නැමීබියාවේ එටෝෂා ජාතික උද්‍යානයේ වාසය කරන මේ ජිරාෆ් යුවළ ඡායාරූපවලට ඉතා කැමති බව පෙනේ.
A bear holding up its paw and looking up at the camera
 ඇලස්කාවේ දුඹුරු වලසා මේ අමතන්නේ කාටද ?
A bird ruffling its wings
මේ ටර්න් පක්ෂියා දිග ගමනක් යාමට සූදානම් වන හැඩයි !
A turtle appearing to be gesticulating at the camera
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ලේඩි එලියට් දූපතේ වාසය කරන මේ කැස්බෑවා කුමක් නිසාදෝ මන්දා තරහෙන් පුපුරනවා
A parrot holding up its foot to another parrot
ශ්‍රී ලංකාවේ කවුදුල්ල ජාතික වනෝද්‍යානයේ දී කැමරාවට හසුකර ගත් මේ ගිරා යුවළ කියන්නේ කතාවෙන්නේ කුහක් ගැනද ? ‘කරුණාකර සමාජ දුරස්ථභාවය තියා ගන්න හොදේ !
A gorilla looking bored
උගන්ඩාවේ Mgahinga Gorilla ජාතික උද්‍යානයේ ජීවත් වන මේ කදුකර ගෝරිල්ලා මේ තරම් දුකින් ඉන්නේ ඇයි කියලා සොයා බැලිය යුතුයි.
Two bears, one playing around and one looking grumpy
 රුසියාවේ කම්චැට්කා හි කුරිල් විලෙහි වාසය කරන මේ දුඹුරු වළසුන් ටිකක් ආඩම්බර පාටයි
A young fox looking down at a rodent
ඊශ්‍රායෙලයේ හිවලෙකු හා මීයෙක් අතර සිදුවන මේ සංවාදය කුමක් ගැන විය හැකිද ?
A group of penguins walking on a beach with one of them throwing up
 ෆෝක්ලන්ඩ් දූපත් වල ජෙන්ටූ පෙන්ගුවින් රංචුව වැඩිහිටියන්ට සලකන තාලේ අන්තමයි !
A monkey scratching its bottom
බොට්ස්වානා හි චෝබේ ගඟ අසල චක්මා බබූන් ගේ පිටකහන්න පත්තරකාරයෙක්වත් නැහැලු
Four mongoose looking up with wide eyes
කෙන්යාවේ බොගෝරියා විලේ වාමන මොන්ගෝස් මේ පුදුමයෙන් බලා ඉන්නේ මං දිහා නෙමෙයි කියලා ෂුවර්ද ?
A bird with wet spiky feathers
 ෆ්ලොරිඩාවේ ඩෙසෝටෝ කුරුල්ලට දැන් සංසාරෙම එපා වෙලා
A large seal lying on a rock appearing to laugh
 ස්කොට්ලන්තයේ කයිත්නස් හි වෙරළේ සුව නින්දක් ලබන මේ සීල්ට බාධා කරන්න එහෙම එපා හොදේ !
A kingfisher on a "no fishing" sign with a fish in its mouth
ස්කොට්ලන්තයේ කිර්ක්කුඩ්බ්‍රයිට්හි කිංෆිෂර් පිළිහුඩුවට මේ නීති දැම්මේ කවුද ?
A monkey in water looking shocked at the temperature of the water
ජපානයේ මේ හිම වදුරට උණුසුම උහුල ගන්න බැරිතරම්ලු
A bird with its wings outstretched behind another bird
ෆ්ලොරිඩාවේ ෆෝට් මයර්ස් බීච් හි දුඹුරු පෙලිකන් තම දරුවන්ට උපරිම ආරක්ෂාව ලබා දෙන පියෙක් බව පැහැදිලියි
A red squirrel appearing to be chortling
නෙදර්ලන්තයේ එස්පෙලෝහි ජීවත් වන මේ යුරේසියානු රතු ලේනා කවුරු එනකම් ද මේ තරම් සතුටින් ඉන්නේ ?
A raccoon with its legs sticking out of a hole in a tree
වර්ජිනියාවේ නිව්පෝර්ට් නිවුස් හි ජීවත් වන මේ රකූන් උදව් ඉල්ලන්නේ ඇයි කියලා දන්නවාද ?
A monkey swinging on the tails of two other monkeys
 ඉන්දියාවේ කබිනි හි මේ රිලා පැටවාට මීට වඩා හොද ඔන්චිල්ලාවක් සොයා ගන්න බැරි වෙයි.

බී.බී.සී. ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts