එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ මෙවර අයවැය ජනතාවට කිසිඳු සහනයක් නොමැති දෙන්නම් කාසි මට්ටමේ සිහින පමණක් ඇති අයවැයක් බව බැලූ බැල්මටම පැහැදිලිය.
එජාපය විසින් තවදුරටත් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි ජීවිතයට ව්‍යවසායකයෙකුට ගත නොහැකි තවත් ණය වර්ගය කිහිපයක් ඇතුලත් කළ , බදු වැඩි කළ අයවැයක් පමණක් ඇති අයවැයක් බවට මංගලගේ මෙවර අයවැයත් පත්ව තිබේ.
අද වන වත්මන් එජාප ආණ්ඩුව යටතේ නිවාස, ගොඩනැගිලි ඉදිකිරීමට ගන්න වැලි කියුබ් එකක මිල රු.20,000ත්, සිමෙන්ති කොට්ටයක මිල රු.1000ත් පනිද්දී, විදෙස් ගතව සිට යලි මව් රටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට “සිහින මාළිගා” ලෙසට නම් කර ණය යෝජනා ක්‍රම හදුන්වා දෙන්නේ මංගල මිල සූත්‍රය හඳුන්වා දුන් ජනතාවට නක්කලය දමන ආකාරයට දැයි සැක මතුවේ.
එසේම එජාපය මැතිවරණයේදී කියූ නොතෙමී යන පුංචි කාර් ගැනීම ජනතාවට තවදුරටත් සිහිනයක්ම පමණක්ම කරමින් සිලින්ඩර ධාරිතාව 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 150,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 175,000 කින් ද, සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 500,000 කින් ද වැඩි කර තිබේ.
සිලින්ඩර ධාරිතාව 800ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 250,000කින් හා සිලින්ඩර ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 500,000 කින් වැඩි කර ඇත.
“ජනතාවට ශක්තිය – දුප්පතුන්ට රැකවරණය” යන තේමාව යටතේ මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කෙරුණු අතර වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික වැඩපිළිවෙළක් වන ඵලක් නැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පදනම් කරගනිමින් මෙවර අයවැය යෝජනා සකස් වී තිබීම විශේෂත්වයක්.
සම්පූර්ණ අයවැය කථාව පහතින් දැක්වෙයි.
2.05PM
මැතිවරණ කොට්ඨාශයක් 2019 වර්ෂයේදී වෙන්කරන ප්රතිපාදනය රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 300 දක්වා වැඩි කර තිබේ.
එසේම මෙම වැඩසටහනේ විෂය පථය පුළුල් කිරීමට ද කටයුතු කර ඇත. ඒ සඳහා 2019 වර්ෂය වෙනුවෙන් රු. මිලියන 48,000 ක් වෙන් කර තිබේ.
පසුගිය මාස කීපය තුළ පමණක් “එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා“ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයින් 30,000 කට වඩා ප්රතිලාභ ලබාගෙන ඇති අතර මේ සඳහා රු. මිලියන 60,000 ක් පමණ මුදා හැර තිබේ.
නව ව්‍යවසායකයින් අධෛර්යමත් වන පරිදි කටයුතු කරන බැංකු නිලධාරීන් පිළිබඳව පැමිණිලි ලැබෙමින් ඇති නිසා මෙම පැමිණිලි ලබා ගැනීම සඳහා විශේෂිත දුරකථන අංක 1925 යටතේ ඇමතුම් මධ්‍යස්ථානයක් පිහිටවනු ලැබීය.
සියලු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ප්‍රසම්පාදන වටිනාකමින් අවම වශයෙන් සියයට 10 ක් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙනුවෙන් වෙන් කිරීමට යෝජනා වීම.
කෘෂිකාර්මික අංශයේ නවීකරණ ව්‍යාපෘතිය මඟින් කෘෂි තාක්ෂණයේ සාර්ථක ගොඩනැඟීමත් ආදර්ශ කෘෂි උද්‍යාන ඇති කිරීමට කටයුතු කර ඇත.
කුකුළු පාලන කර්මාන්තයේ නිෂ්පාදකයින්ට තම ඛෙදාහැරීමේ ජාලය වැඩිදියුණු කිරීම සඳහා හඳුන්වාදී ඇති,දිරිසවිය, ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කිරීම.
රබර් අලූතින් වගා කිරීම සහ නැවත වගා කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් දෙගුණ කරමින් රුපියල් මිලියන 800ක් කිරීම.
2.15PM
මොරගහ කන්ද ජලාශයේ සිට ජලය හිඟ කලාපවලට ජලය ඛෙදා හැරීම සඳහා වයඹ මහ ඇළ, මිනිපේ සහ උතුරු මැද පළාත දක්වා දිවෙන ඇල මාර්ගයන් හි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා රු. මිලියන 12,000 ක් වෙන් කොට ඇත.
දැදුරු ඔය ව්‍යාපෘතිය, මැණික් ගඟ වාරි ව්‍යාපෘතිය හා මොරැන්න ජලාශ ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති 07 ක ජල මාර්ග හා ප්‍රධාන වැඩ නිම කිරීමට තව දුරටත් අතිරේක වශයෙන් රුපියල් මිලියන 2,410 ක් 2019 වසර සඳහා වෙන් කරනු ලැබේ.
පේදුරුතුඩුව හා පේසාලේ නව ධීවර වරාය දෙකක් ඉදිකිරීමට, මණ්ඩතිව් හි නැංඟුරම්පලක් ඉදිකිරීමට රු. මිලියන 1,300 ක් වෙන් කිරීම.
ප්‍රාථමික පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා නොමිලේ කිරි වීදුරුවක් රටේ සියලූම ග්‍රාමීය පාසල්වල ලමුන් සඳහා ලබා දීමට කටයුතු කිරීම.
දිවයින පුරා පවත්නා එවැනි නිවාස සියල්ලටම මූලික සනීපාරක්ෂක පහසුකම් වසර දෙකක් තුළ සපයමින් පුරවැසියන් දශ ලක්ෂයකට ප්රතිලාභ ලබා දීමට කටයුතු කෙරෙයි.
සේවකයින් 250කට වැඩි සංඛ්‍යාවක් සහිත වාණිජ ආයතනවල ළමා සුරැකීමේ පහසුකම් සහිත මධ්‍යස්ථාන ඉදිකිරීම දිරිමත් කිරීම.පාසල් වේලාවෙන් පසුව සහ නිවාඩු දිනවලදී දරුවන් රැකබලාගන්නා මධ්‍යස්ථාන, තෝරාගත් පාසල්වල ගොඩනැඟීමට ආධාර ලබා දීම හා එම පහසුකම් ස්ථාපිත කිරීම සඳහා “එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහන යටතේ ක්‍රියාත්මක“රැකවරණ“ සහන ණය යෝජනා ක්‍රමය මගින් පුද්ගලික අංශයට ද ණය පහසුකම් ලබා දීමට කටයුතු කරයි.
තෙමසක ප්‍රසූත නිවාඩු ලබා ගන්නා එක් අයෙකුට මසකට රු. 20,000 ක උපරිමකයට යටත්ව වැටුප් පිරිවැයෙන් සියයට 50ක් සමාගම් බද්දෙන් අතිරේක අඩු කිරීමක් ලෙස සැලකීමට යෝජනාවක්.
නම්‍යශීලී වැඩකරන වේලාවක් ඇති කිරීමට නිවසේ සිට වැඩ කිරීමටත් හැකි වන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට පියවර.
2.28PM
විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන රුපියල් 3000 මාසික දීමනාව මාසික දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කරන අතරම අඩු ආදායම්ලාභී පුද්ගලයින් 72000 කට එම දිමනාව ලබා දීමට කටයුතු කරයි.
දුබලතා සහිත විශේෂ හැකියා ඇති අයගේ සේවා නියුක්තිය වැඩි කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීම.
නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙලෙන රෝගීන් 21,000 කට පමණ රු. 5,000 ක මාසික දීමනාවක්.
නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආදර්ශ ගම්මාන වැඩසටහන යොදා ගන්නා අතර 2019 වර්ෂය සඳහා රු. මිලියන 24,500 වෙන් කරයි.
පෞද්ගලික අංශය ඉදිකරනු ලබන මධ්‍යම පාන්තික තට්ටු නිවාස මිල දී ගැනීම පිණිස ද “එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා“ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීම.
2019 ජූනි මස 01 දා සිට බලපැවැත්වෙන පරිදි විදේශ සංචාරකයන් අතුරින් ශිෂ්‍ය අනන්‍යතාවක් සනාථ කළ පුද්ගලයන් හා අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ගෙන් ජාතික උද්‍යාන සහ සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන සඳහා අය කරන ඇතුළත් වීමේ ගාස්තුව සියයට 50 කින් අඩු කරයි.
දැනට පවත්නා වාණිජ ගොඩනැඟිලි සඳහා එම ප්රමිතීන්වලට අනුගත වීම උදෙසා වසර 05 ක කාලයක් ලබා දෙයි.
ගණිතය සමග සංගීතය හෝ ජීවවිද්‍යාව සමග ඉංග්‍රීසි වැනි විෂයයන්ගේ සංකලන හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට අවස්ථාව සැලසෙනු ඇත.
2.45 PM
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාක්ෂණය, වාණිජ හා කලා විෂයය ක්ෂේත්රයේ රටේ ඉහළම ප්‍රතිඵල පෙන්වනු ලබන්නන් සඳහා හාර්වර්ඩ්, MIT, ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි ඉහළම ගණයේ විශ්වවිද්‍යාලවල උපාධි ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා වන Scholarship for Educational Excellence- SEE අරමුදල දියත් කර ඇත. 2019 අගෝස්තු විභාගයේ ප්‍රතිඵල අනුව මෙම ශිෂ්‍යත්ව සඳහා ප්‍රථම කණ්ඩායම තෝරාගනු ලැබේ.
පෙර පාසැල් ගුරුවරුන්ගේ පුහුණුව හා සේවා තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරනු ලබයි.
රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයක් පිහිටු වීමට කටයුතු කරයි.
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මූලික උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට හැකිවන පරිදි ,ඵහ තමඑමරු, ණය යෝජනා ක්‍රමය “එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා“ යටතේ අප හඳුන්වා දෙනු ලබයි.
3.00PM
දෙමළ මාධ්‍ය ගුරුවරු පුහුණු කිරීම සඳහා රුපියල් මිලියන 400 ක්.
ප්‍රාථමික සුව සත්කාර ඒකක ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් ඌව, සබරගමුව, මධ්‍යම හා උතුරු මැද පළාත්වල යොමු කිරීමේ ජාලයක් හරහා රෝගී සත්කාර සම්බන්ධීකරණයට ක්‍රමවේදයක් හඳුන්වා දීම.
“සුවසැරිය“ ගිලන් රථ සේවාව තව දුරටත් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙන අතර, මේ සඳහා රු. මිලියන 600 ක පිරිවැයකින් වසර දෙකක් තුළ මූලික නැවතුම් ස්ථාන 300 ක් ගොඩනඟනු ලබයි. මූලික නැවතුම් ස්ථාන 100 ක් මේ වසරේ දී ගොඩනැඟෙන අතර ඒ සඳහා, රු. මිලියන 200 ක් 2019 වසර සඳහා වෙන් කරයි.
Ro Water Plants සමඟ රෝහල් 45 ක රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන ශක්තිමත් කර නිවසේ දී භාවිතා කළ හැකි රුධිර කාන්දුකරණ උපකරණ සැපයීම.
සත්ව නිෂ්පාදනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අයාලේ යන සුනඛයින් වන්ධ්‍යාකරණය සඳහා පරිපූර්ණ වන්ධ්‍යාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර, මේ සඳහා රු. මිලයන 100 ක් වෙන් කරනු ලැබේ.
ක්‍රීඩාව සඳහා රු. මිලියන 3,800 ක් වෙන් කර තිබේ.
මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාගාරය හා කොලොන්නාවේ වීරසිංහ මල්ලිමාරච්චි ක්‍රීඩා පිටිය වැඩි දියුණු කිරීමට වසර දෙකක කාලයක් තුළ රුපියල් මිලියන 300 බැගින් සැපයීම.
මළල ක්‍රීඩා, වොලිබෝල්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩා දිරිමත් කිරීම පිණිස ජාතික ඔලිම්පික් අරමුදල තර කිරීම.
නාගරික පුනර්ජීව වැඩසටහන (URP)- යටතේ දැනටමත් නිවාස ඒකක 8,000 කට වඩා ඉදිකර අවසන් අතර නිවාස 7,500 කට වඩා ඉදිකෙරමින් පැවතීම.
තිරසාර නාගරික පරිසරයක් බිහි කිරීම සඳහා පළාත් 9 ම ආවරණය කෙරෙන පරිදි “සුඛිත පුරවර“ නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 3,000ක්.
3.45PM
අරුවක්කාලූ ව්‍යාපෘතිය සඳහා 2019 වර්ෂයේ රජය විසින් වැය කරනු ලබන රු.මිලියන 7,600 ක් පමණ වූ ආයෝජනය හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන ගැටළුවක් වූ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විසඳුමක් ලබා දීම.
කොළඹ සහ මහ කොළඹ ප්‍රදේශයේ ගං වතුර අවම කිරීම සඳහා රු. මිලියන 10,900 ක් වෙන් කොට ඇත.
ගැටුම් සමයේදී විනාශයට ලක්වූ යාපනය පැරණි නගර ශාලාව ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 700 ක මුදලක් වෙන් කරයි.
බෝගම්බර සිරගෙදර පොදු ස්ථානයක් බවට පරිවර්තනය කර ඉදිරි වසර දෙක තුළදී සංවර්ධනය කෙරෙනු ඇත.
ඒ සඳහා රුපියල් මිලියන 750 ක් මේ වසර තුළ දී වෙන් කරයි.
වසර 2023 වන විට රජයේ සියලූම ගොඩනැඟිලි හා පෞද්ගලික අංශයේ වානිජ ගොඩනැඟිලි විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් සඳහා හිතකර විය යුතු වෙන අතර,ඒ අනුව 2020 ජනවාරි මස 01 වන දින සිට ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීමේදී මෙම අවශ්‍යතා සපුරාලීම අනිවාර්යය කෙරෙයි.
රුපියල් මිලියන 45,000 ක් වටිනා පානීය ජලනල ව්‍යෘපෘති සියලූ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
බස් මගීන් වෙත ජංගම උපයෝජන (Mobile App)- මඟින් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරයි.
ඒකාබද්ධ බස් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩාත් හිතකර වන බස්රථ හඳුන්වාදෙනු ලබයි.
පෞද්ගලික අංශයේ බස් රථ ඇනිය සුඛෝපභෝගී බස් රථ 1,000 කින් පුළුල් කිරීම සඳහා, ණය පොලියෙන් සියයට 75 ක් රජය මඟින් දරනු ලබයි.
“Mini Taxi – Electric Three Wheeler “ණය යෝජනා ක්‍රමය මගින් ත්‍රී රෝද රථ හිමිකරුවන්ට සහනදායී ණය ලබා දීමට හා රජය විසින් ණය පොලියෙන් සියයට 75 ක් දරනු ලබන අතර දැනට භාවිතා කරන ත්‍රී රෝද රථ ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ යුතු වෙයි.
3.38PM
මාලඹේ-කොටුව සම්බන්ධ කෙරෙන කොළඹ නගරයේ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය 2019 වර්ෂයේදී ආරම්භ කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 5000 වෙන් කරයි.
රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු 2019 වර්ෂයේදී ආරම්භ කරයි.
ග්‍රාමීය හා අනෙකුත් පාරවල් සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම සඳහා වන ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින් රුපියල් මිලියන 10,000 ක් මාර්ග ඉදිකිරීම සඳහා වෙන් කර ඇත.
පහළ මට්ටමේ රජයේ නිලධාරීන්ගේ වැටුප 2015 දී රුපියල් 11,730 සිට 2020 දී රුපියල් 24,250 දක්වා වැඩි වනු ඇත.
2019 ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින්ට අන්තර්කාලීනව රුපියල් 2,500 ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කරයි.
විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා වන එම සංශෝධනය වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් මිලියන 12,000 ක අමතර ප්‍රතිපාදන වෙන් කරයි.
ත්‍රිවිධ හමුදාවේ කමාන්ඩෝ දීමනාව, නිල ඇඳුම් දීමනාව, ගෙවල් කුලී දීමනාව සහ යහපත් පැවැත්මේ දීමනාව 2019 ජූලි 1 දින සිට වැඩි කර ඇත.
3.40 PM
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කරයි.
රජයේ ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරීමට හා එය තවදුරටත් 2019 වර්ෂයේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 800 ට වැඩි ප්‍රතිපාදන වෙන් කර තිබේ.
“ස්මාර්ට් ශ්‍රී ලංකා“ ව්‍යාපෘතිය මඟින් කුසලතා වර්ධනය හා තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා තව දුරටත් උදව් කරනු ලබයි.
රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් සමඟ නීතිමය වශයෙන් බැෙඳන පරිදිත් 2003 අංක 3 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කරනු ලබයි.
සියලුම සමෘද්ධි ප්‍රතිලාභීන් හට අනිවාර්්‍යය ඉතිරි කිරීමේ ගිණුමෙන් රුපියල් 30,000 ක් දක්වා මුදලක් මෙම වසරේ අප්‍රේල් හා නෙවැම්බර් මාස දෙකේදී වාරික දෙකකින් සිංහල හින්ඳු අළුත් අවුරුද්ද හා නත්තල් උත්සවය සඳහා වූ ලාභාංශ වශයෙන් ආපසු ගැනීමට අවසර දීම සඳහා යෝජනා කරයි.
“ජාතික විශ්‍රාම සැලැස්මක්“ හඳුන්වා දීමට කටයුතු කිරීම.
3.43PM
මිලියන 2.5 ක රුක් රෝපණ වැඩසටහන්, වෙරළ පිරිසිදු කිරීම හා කසළ වර්ගීකරණ කටයුතු කඩිනම් කිරීම.
කොළඹ නගර සභාවේ ,නගර අලංකරණ, ප්රයත්නයේ කොටස්කරුවෙකු වීම සඳහා රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන් කරයි.
“නිල්වලා එළිය, ආදර්ශ උද්‍යාන හා Mega Zone කටයුතු 2019 වර්ෂයේදී නිම කරනු ඇත. ඒ සඳහා රුපියල් මිලියන 1,000 වෙන් කර තිබේ.
කඩොලාන නැවත වගා කිරීම පිණිස සහයෝගය ලබා දෙන අතර එහි පළමු පියවර වශයෙන් පැළ තවාන් පිහිටු වීමට කටයුතු කරනු ලැබේ.
3.45 PM
ආපදාවන්ට ලක් වු නිවාස පුනරුත්ථාපනය කිරීමට හා අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සඳහා රුපියල් මිලියන 2000 ක මුදලක් යොදවයි.
කාර්යය ඵලදායී හා කාර්යක්ෂමව සිදුකිරීමට රුපියල් මිලියන 20,000 ක් ආපදා කළමනාකරණ හදිසි අවස්ථා අරමුදල වෙත මධ්‍යකාලීන පදනමින් වෙන් කරනු ඇත.
වියළි කලාපය සංවර්ධන වැඩපිළිවෙලේ ආරම්භක කටයුතු සඳහා කාන්තා, ළමා සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 250 වෙන් කරනු ලබයි.
එක් වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් බෑග්, ඇසුරුම්, ප්ලාස්ටික් බෝතල්, කෑම ඔතන කොළ වැනි නිෂ්පාදන වෙනුවෙන් උචිත ප්ලාස්ටික් භාණ්ඩ (මධ්‍යම පරිසර අධිකාරිය හඳුනා ගන්නා ලද) ආනයනය කරන හා නිෂ්පාදනය කරන ආයතන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ සැප්තැම්බර් පළමු වන දිනට ප්‍රථම ලියාපදිංචි වීම අනිවාර්යය කරයි.
ශ්‍රී ලංකාවේ සමුද්‍රික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය සඳහා මෙන්ම ආරක්ෂා කිරීම පිණිස සමුද්‍ර සංරක්ෂණය සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කරනු ලැබේ.
3.50 PM
ආගමික ස්ථානයක් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට වෙන් කල රුපියල් ලක්ෂ 5 ක මුදල රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට 2019 වසරේදී කරයි.
ගම්පෙරලිය වැඩසටහන යටතේ ආගමික ස්ථාන සඳහා සූර්ය බල ශක්තිය මත විදුලිය ලබා දීමට ක්‍රියා කරයි.
මඩු පල්ලිය ආශ්රිත යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කරනු ලබයි.
ජෝන් ද සිල්වා රඟහලේ නවීන උපකරණ සවිකිරීමත් සමඟ සියලු අළුත්වැඩියා කටයුතු 2020 දී අවසන් කරයි.
ජාත්‍යන්තර ප්‍රාසාංගික මධ්‍යස්ථානයක් 2019 වර්ෂයේදී මොරටුවේ ආරම්භ කිරීමට කටයුතු යොදනවා.
සන්නිවේදන හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය යටතේ පිහිටුවා ඇති සංහිදියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාල (SCRN)- සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කරයි.
අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවා ඔවුන්ගේ ගැටළු නිරාකරණය කරනතුරු මසකට රුපියල් 6000 ක දීමනාවක් එවැනි අයට ගෙවනු ලබයි.
3.55PM
සමූපකාර ග්‍රාමීය බැංකු සහ ඉතිරි කිරීමේ සහ ණය සමූපකාර සමිති මගින් ණය සහන වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරයි.
සමූපකාර සමිතිවල සහයෝගය සහිතව කර්මාන්තයක් ලෙස රා බෝතල් කිරීම සහ හකුරු නිෂ්පාදනය කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබයි.
ගොවීන් සහ වෙළඳපල අතර වඩා කාර්යක්ෂම සම්බන්ධතාවයක් සඳහා පහසුකම් සැලසෙන පරිදි මධ්‍යම ආර්ථීක මධ්‍යස්ථානයට සම්බන්ධිතව පරිවාර ආර්ථීක මධ්‍යස්ථාන 10 ක් උතුරු ප්‍රදේශයේ පිහිටුවයි.
මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට පහසුකම් සැලසීම සඳහා යෝධ වැව පුනරුත්ථාපනය කරනු ලබයි.
උතුරු නැගෙනහිර පළාත්වල දැනටමත් ඉදිකර ඇති නිවාස සහ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස හෝ විනාශ වූ නිවාස සඳහා ජලය සහ විදුලිබලය වැනි පහසුකම් සැලසීමට රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇත.
නියඟයෙන් පීඩාවට පත්වූ දිස්ත්‍රික්කවල පදිංචි ආසන්න වශයෙන් 45,000 ක් වූ කාන්තාවන් සඳහා ණය සහනයන් ලබා දී තිබේ.
උතුරු පළාත තුළ සංහිදියාව සුරක්ෂිත කිරීම සඳහාත් සහ තිරසාර ජීවනෝපාය මාර්ග ඇති කිරීම සඳහාත් වන අපගේ ප්රයත්නයන්, ජාතික සමගිය හා සංහිදියාව සඳහාවන කාර්යාලය හරහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් වන ,අතීතය සුවකරමින් අනාගතය ගොඩ නැගීම, යටතේ ක්‍රියාත්මක වන දැනුවත් කිරීමේ වැඩසටහන ,සහෝදර පාසැල් ,වැඩසටහන, හමුදා වැන්දඹුවන් සඳහා ක්‍රියාත්මක වන ,විරුලිය ශක්තිය, වැඩසටහන, සාමය සඳහා ක්‍රියාත්මක කරනු ලබන සංස්කෘතික – කලා සහ ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන් වැනි වැඩපිළිවෙලවල් හරහා තව දුරටත් සවිබල ගන්වනු ඇත.
4.00 PM
නව අංශයකින් යුතුව ජාතික කලා භවන සංවර්ධනය කෙරේ.
කලාකරුවන්ගේ නිර්මාණ ආරක්ෂණය සඳහා වැඩපිළිවෙලක් හා ඒ තුළින් අඛණ්ඩ ආදායමක් ලැබෙන ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක කෙරෙයි.
ගම්පෙරලිය යටතේ ආගමික ස්ථාන සංවර්ධනයට මිලියනය බැගින් මුදල් සහනාධාර ලබා දීම.
2019 මාර්තු මස 06 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු සංශෝධනය කරනු ලබන 2019 ජූනි 01 සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටි නිෂ්පාදනය සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද පනවනු ලැබේ.
ඒ අනුව, මිමි 60 කට වැඩි සිගරට්වල නිෂ්පාදන බද්ද සියයට 12 කින් එනම් එක් සිගරට්ටුවක් සඳහා දළ වශයෙන් රුපියල් 5 කින් වැඩි වෙයි.
මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී වාහන ආනයන බදු 2019 මාර්තු 6 දා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරයි.
2019 මාර්තු මස 06 දා සිට ක්‍රියාත්මක වන පරිදි බීඩී කොල ආනයනය මත පනවා ඇති සෙස් බද්ද කිලෝ එකකට රුපියල් 2,500 සිට රුපියල් 3,500 දක්වා සංශෝධනය කරයි.
පුද්ගලයකු සඳහා ගුවන්ගතවීමේ /නැව් නැගීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 10 ක් වශයෙන් සංශෝධනය කෙරේ.
2019 අප්‍රේල් මස 01 දින සිට වැඩි කිරීමට නියමිත ගාස්තුව ඒකාබද්ධ අරමුදලට බැර කරයි.
සියළු ණය කාඩ්පත් හා බැර කාඩ්පත් භාවිතයෙන් කරනු ලබන විදේශ ගෙවීම් සඳහා වන මුද්දර ගාස්තු වෙනුවට සියයට 3.5 ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වා දෙනු ලැබේ.
4.15PM
මෙය 2019 ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වෙනවා. එතෙර ඩිජිටල් සේවාවලට අදාළ බදු පිළිබඳව ගැටළු නිරාකරණය කිරීමට මෙම ක්‍රියාමාර්ග උදව් වෙයි.
2019 ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදු කිරීම සඳහා වන ගාස්තු සහ නව බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු සංශෝධනය කරයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් මෝටර් රථ විශේෂ අංක තහඩු සඳහා වන ගාස්තු 2019 ජූනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරයි.
දේශීය වශයෙන් නිපදවනු ලබන මත්පැන් මත පනවා ඇති සුරා බද්ද 2019 මාර්තු මස 06 දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට කටයුතු කරයි.
ආයෝජන මණ්ඩලය අනුමත ව්‍යාපාර මගින් අලෙවිකරනු ලබන රෙදිපිළි මත පනවන අගය එකතු කිරීමේ බද්ද, උද්ධමනය මත පදනම් වූ දර්ශකයක් පාදක කරගෙන ඒකකයට රුපියල් 75 සිට රුපියල් 100 දක්වා 2019 ජූනි මස 01 දින සිට බලාත්මක වන පරිදි වැඩි කරනු ලැබේ.
2016 වසරේ සිට සංශෝධනය කොට නොමැති සියලූම ගාස්තු හා අය කිරීම් සියයට 15 ක් වැඩි කිරීමට කටයුතු කරයි.
2019 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය බහුල වේලාවන් සඳහා වූ අධිවේගී මාර්ග ගාස්තු රුපියල් 100 කින් වැඩි කරයි.
කැසිනෝ මත පනවන ලද වාර්ෂික බලපත්‍ර ගාස්තු රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි කරන අතර රුපියල් මිලියන 1 ක රුජිනෝ වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් හඳුන්වා දෙනු ලැබේ.
2019 ජූනි මස 01 දින සිට කැසිනෝ සඳහා ඇ. ඩොලර් 50 ක ඇතුල්වීමේ ගාස්තුවක් අය කරනවා.
209. තෝරාගත් ආනයනික භාණ්ඩ වෙනුවෙන් ආර්ථීක සේවා බද්ද සංශෝධනය කිරීමට කටයුතු කරයි.
210 පළතුරු බීම, මත්පැන් සහ දුම්කොළ ඇතුළු තෝරාගත් නිෂ්පාදන සඳහා ඒකක මත පදනම්ව පනවා ඇති රේගු ආනයන බදු 2019 මාර්තු මස 06 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරයි.
4.23 PM
අයවැය කථාව අවසන්