මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම එ් සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වවිද්‍යාලවල ඉඩ කඩ ප‍්‍රමානවත් නැත. අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක එම පහසුකම නොමැත. විශේෂයෙන්ම පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපන පහසුකම් සපයන රටවල් වෙත්නම් එයද අතලොස්සකි. විශේෂයෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනය නොමිලේ සැපයුමද උසස් අධ්‍යාපනය මුදලට විකිණීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. චීනය වැනි දැවැන්ත සමාජවාදී රාජ්‍යයක වුවද උසස් අධ්‍යාපනය මුදලට විකිනේ.
මෙවන් පසුබිමක ශී‍්‍ර ලංකාව වැනි රාජ්‍යයකම වුවද නොමිලේ විශ්වවිද්‍යාල පහසුකම් ලබාදිය හැකි වන්නේ එ් සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් 17%කට පමණි. වර්තමානයේ සිට දිගින් දිගටම පැවැති ආණ්ඩුවල ප‍්‍රාර්ථයනය හා බලාපොරොත්තුව වී තිබුණේ මෙම ප‍්‍රමාණය. වැඩි කිරීමට මිස කප්පාදු කිරීමට නොවේ. එ් අනුව 2005 දී 17000ක්ම පැවැති විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගැනීමේ සිසුන් සංඛ්‍යාව මේ වන විට 29333 දක්වා වැඩි වී තිබේ. මෙය වත්මන් රජය යටතේද වැඩිවෙමින් පවතී. 2015 /16 අධ්‍යායන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමට සුදුසුකම් ලැබූ 27603ක් වූ සංඛ්‍යාව මේ වන විට 29333 දක්වා වැඩි වී තිබෙන්නේ වර්තමාන රජය යටතේය. එසේම එය 2020 වන විට 50,000 දක්වා වැඩිකිරීමට අරමුණු කරගෙන සිටින බව රජයේ අධ්‍යාපන බලධාරිහු සඳහන් කරති. මෙවන් පසු බිමක උසස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ කි‍්‍රයාවලියක ආණ්ඩුව නිරතවෙමින් සිටිනවාය යන සටන් පාඨය මතුවන්නේ මොන පදනමකින් දැයි කියන්න දන්නේ නැත.
මෙසේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි වුවද රටේ ජනගහනයට හා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාවට සාපේක්‍ෂව විශ්වවිද්‍යාල වරම් ලැබීමට සුදුසුකම් ලබන සංඛ්‍යාවේද වැඩිවීමක් දක්නට ලැබේ. මෙම පිරිස 2016 /17 අධ්‍යයන වර්ෂයට සාපේක්‍ෂව 160,517කි. ඉන් අපේ රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ඉඩකඩ ඇත්තේ 29333කට පමණි. එසේ නම් ඉතිරි 131,184ට සිදු වන්නේ කුමක්ද? පෞද්ගලික අංශයේ උපාධි හා විවිධ ඩිප්ලෝමා සහතික පිරිනමන ආයතනවල පිහිට පැතීමට ය. කාලාන්තරයක් තිස්සේම එවන් ආයතන අප රට තුල කි‍්‍රයාත්මක වේ.
එහෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරන්නේ මේ සියල්ලටම රජයේ විශ්ව විද්‍යාල පහසුකම් සැපයිය යුතු බවයි. ඔවුන් මහපාරේ නිතර දක්නට ලැබෙන්නේ මෙම සටන් පාඨය සමගිණි. ඔවුන්ට අනුව අන් සියලූ පෞද්ගලික අංශයේ උපාධි පිරිනමන ආයතන උපාධි කඩය. එවා වසා දැමිය යුතුය. ”සයිටම්” ආයතනය ද හඳුන්වනු ලබන්නේ තවත් උපාධි කඩයක් ලෙසිනි. මේ මනෝ රාජික සටන් පාඨය කොතරම් ප‍්‍රායෝගික නොවන්නේ දැයි මේ රටේ මොලේ කලදක් ඇති ඕනෑම කෙනෙකුට වැටහේ. දැන උගත් වෛද්‍යවරුන්ගෙන් සමන්විත අපේ රටේ වෛද්‍ය සංගමය පවා මුක්කු ගසමින් සිටින්නේ මේ බෝල් සටන් පාඨයට බව පෙනේ.
අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ගත් කලද රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගත හැකි සිසුන් සංඛ්‍යාවද රටේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයෙන් අතළොස්සකි. ඊට හේතුව එ් සඳහා සුදුසුකම් ලබන සියල්ලටම නොමිලේ වෛද්‍යපීඨ විවෘත කිරීමේ ප‍්‍රායෝගික හැකියාවක් රජයකට නොහැකි වීමයි. මේ වන විට වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කරගනු ලබන්නේ ද ඊට සුදුසුකම් ලබන පිරිසෙන් 17%ක් පමණි. ඉතිරි 83%ට අයත් ඇති හැකි දෙමව්පියන් සිය දරුවන්ට තම ධනයෙන් විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම ට යොමුවෙති. මේ සඳහා වාර්ෂිිකව රටින් පිට රටට ගලා ගෙන යනු ලබන මුදල රු. බිලියන 132කි. මෙය මුළු රටේ ම උසස් අධ්‍යාපනයට වෙන් කරනු ලබන මුදල මෙන් තුන්ගුනයකට ආසන්නය. එම මුදල 2016 අය වැය ලේඛනයට අනුව රු. බිලියන 48කි.
අපේ රටේ ඇති හැකිි අය වුවද මෙසේ ඩොලර්වලට වැය කර පිට රටට යවමින් සිටින්නේ දුප්පත් ගම්වල අසරණ අහිංසක කාන්තාවන් මැද පෙරදිග රැුකියාවල නිරත වෙමින් ලේ දහඩිය කඳුළු මුසුකර මේ රටට එවනු ලබන විදේශ විනිමය හා ඇඟලූම් කම්හල්වල දහඩිය වගුරන කාන්තා සොහොයුරියන් රටට උපයාදෙන විදේශ විනිමය බව බොල් වාමාංශික සටන්පාඨ කරුවන් නොදන්නවා නොවේ. එක් වෛද්‍ය සිසුවෙකුට පිටරට වෛද්‍ය අධ්‍යාපනය සඳහා ලක්‍ෂ 300 කට වැඩි මුදලක් වැයවෙන බව කියැවේ. කොතරම් පාරේ ඩෙගා නැටුවත් සයිටම් තිබුනත් නැතත් තම දරුවන්ට ඉගැන්වීම දෙමව්පියන් නතර කරන්නේ නැත.
අඩුපාඩු සහිතව වුවද දේශීය නියෝජිතයෙක-ුගේ මැදහත් වීමෙන් මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ ”සයිටම්” ආයතනය (මාලඹේ පෞද්ගලික වෛද්‍යලය* බිහි වන්නේ මෙවන් පසුබිමකය. එහි වෛද්‍ය උපාධිය හාදාරන්න සිසුවෙකුට වැය වන මුදල විදේශ රටකදී එ් සඳහා වැය කරණු ලබන මුදලින් 1/3 ක් පමණ වේ යැයි පැවසේ. මේ නිසා සයිටම් ආයතනයට මහින්ද රාජපක්ෂ රජය මඟින් අනුග‍්‍රහය දැක්වීම ප‍්‍රතිපත්තියක් වශයෙන් කාලෝචිත යහපත් කි‍්‍රයාවකි. ලෝක යථාර්තයට එකඟ වීමකි. වත්මන් රජය එය රාජපක්ෂ රජයෙන් ලැබුණු විකෘර්ති දරුවෙක-ු ලෙසින් සැලකීම වුවද බෙලහීන කමකි.
ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් පොදු එක`ගතා පිළිවෙතක් නොමැති වත්මන් ආණ්ඩුව තුළ ෙදාස්තර රාජිත සේනාරත්න, ලක්‍ෂ්මන් කිරිඇල්ල, එස්. බී. දිසානායක වැනි ඇමතිවරු පවා ”සයිටම්” ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අපහසුතාවයකට පත්ව ඇති අතර සමහරු ලාබ සටන් පාඨවල බොරු වීරයෝ වෙමින් සිටිති. මේ අතර එල්. ටී. ටී. ඊ. ය සමඟ වුවද සාකච්ඡුා කිරීම නිවැරැුදි යැයි හැඳින්වෙන්නේ නම් ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංඟමය සමඟ සාකච්ඡුා කිරීමේ වරදක් නොපෙනේ. ඔවුන් සමඟද නිරතුරුව සාකච්ඡුාවකට දොරටුවක් විවෘත වීම වැදගත්ය.
හෙට දිනයේ සයිටම් ආයතනය වසා දැමුව ද රජයට පවරා ගනු ලැබුවද එය ලෝක හා දේශීය යථාර්තයට මුහුණ දීමට නොහැකි කොන්ද පන නැති ආණ්ඩුවක අදක්ෂකමක් මිස වෙනයම් අරුතක් ඇති බවක් නම් නොපෙනේ. 2009 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ රජය යටතේ බිහි වී පවත්වාගෙන ”සයිටම්” හදිස්සියේම රජයට පවරා ගැනීමේ උද්ඝෝෂණ මතුවන්නේ ඇයි? උසාවි තීන්දුවක එල්ලී සිටන වත්මන් රජය ජනතාව සම`ග කටයුතු නොකිරීම ය. දේශපාලන නි්‍යාය පත‍්‍රයකට අනුවය. එසේම යහ පාලනය දුර්වල ඉඩකඩ ප‍්‍රයෝජනයට ගැනීමය. නූතන අධ්‍යාපනයේ යථාර්තය රටට පැහැදිලි කිරීමේ නොහැකියාව කරන කොටගෙනය. පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ වෛද්‍ය අධ්‍යාපනය උදෙසා නියාමනයත් සකස් කිරීමට වසර 03ක් ගත වී ඇති නමුත් මේ ආණ්ඩුවට නොහැකි වීම ද තවත් හේතුවකි. නිදහස් සෞඛ්‍ය සේවාවේ හා රෝගී ජනතාවගේ අයිතීන් වෙනුවෙන් 250 රෝහලක් ඉදිරිපිටට ගෙන එ්මට ශක්තියක් නොමැති ආණ්ඩු පාලනයක් තුල නිතර නිතර සිදු වන වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය ගැන ද පුදුම විය යුතු නැත.
”සයිටම්” ආරම්භයේ දී අඩුපාඩු සහිතව ඇරඹි ආයතනයකි. එ් නිසා මුලදී ඊට හොර උපාධි කඩයක් ලෙසින් හැඳින්වීමේ අතිධාවනකාරී සටන් පාඨයයේ වුවද සාධාරන බවක් පෙනේ. එහෙත් මේ වන විට ”සයිටම්” සිය අඩුපාඩුකම් සියල්ලම සපුරා ගෙන තිබෙන බව එහි හා රජයේ විශ්ව විද්‍යාලවල උගන්වනු ලබන ආචාර්ය මහාචාර්ය වරුන්ම සඳහන් කරති.
”එම්. බී. බී. එස් වෛද්‍යවරයෙකුට උත්පත්තිය දීමේ හැකියාව මාලබේ වෛද්‍ය විද්‍යාලයට තිබේ.” ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීප් ද සිල්වා (4.7.2017*
එසේ නම් මේ වන විට වරද ඇත්තේ කොතැනද? රටක රාජ්‍ය හෝ පෞද්ගලික අංශය මඟින් කි‍්‍රයාත්මක කරණු ලබන වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ”නියාමනයන්” පැවැතිය යුතුය. එය සකස් කර රජයට බාරදීමේ බලධාරී ආයතනය වන්නේ රජයේ වෛද්‍ය සභාවයි. එසේ නොමැතිව ආයතනයක් ස්ථාපිත කිරීමේදී විශ්වවිද්‍යාල කොමිෂම මඟින් කරණු ලබන පිළිගැනීම පමණක් විධිමත් වන්නේ නැත. එහෙත් අපේ රටේ තවමත් එවන් ”නිර්නායකයන්” සැකසී නොමැත. ඊට මූලික වශයෙන් වගකිව යුත්තේ රජයේ වෛද්‍ය සභාවයි.
”සයිටම්” ආයතනය ආරම්භක අවධියේ 2009 දී පමණ ෙදාස්තර නෙවිල් ප‍්‍රනාන්දු අප මෙවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට යන බවත්, එ් සඳහා රජයේ වෛද්‍ය සභාවේ නිර්නායකයන් කවරේ ද දැයි ලිඛිතවම විමසා ඇත. එහෙත් එම ලිපිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ එවකට සිටි ප‍්‍රධානියාගේ පිළිතුර වී තිබෙන්නේ එවන් ”නියාමනයක්” අප සතුව නොමැති බවයි. මේ නිසා ෙදාස්තර නෙවිල් තමන්ට දැනුම් තේරුම් ඇති ”නියාමනයන්” යටතේ ”සයිටම්” අරඹා තිබේ. මීලඟට ඔහු දෙවැනි ලිපිය වෛද්‍ය සභාවට යොමු කරන්නේ එසේ නම් අපට රුසියානු විශ්ව විද්‍යාලයක් හා සම්බන්ධ වී වෛද්‍ය උපාධිය පිරිනැමීමට අවසර දෙන ලෙසයි. ඊට පිළිතුර සපයන රජයේ වෛද්‍ය සභාවේ ප‍්‍රධානියා එවැන්නක් අවශ්‍ය නොවන බවත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිශම යටතේ ලියා පදිංචියක් ලබා ගන්නා ලෙසත් දන්වා යවමින් එම ලිපියේ පිටපතක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිශමට යවයි.
අවසානේ මාලඹේ ”සයිටම්” උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙසින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිශමේ පරීක්ෂණයන්ට හා කොන්දේසිවලට යටත්ව අවසර ලැබේ. ඊට විශ්වවිද්‍යාලවල මංඩපාධිපති වරුන්ගේ ද අනුමැතිය ලබාගැනීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම සමත්ව ඇත. රජයේ වෛද්‍ය සභාවේ බලධාරීහු අද මේ අතීතය අමතක කර තොත්ත බබාලා ලෙසින් රැුල්ල යන අත බලා හැසිරෙති. තමන්ගෙන් විමසීමක් කර තිබිය දී ඇවැසි නියාමනයන් ලබා නොදීමට සමත් වූ ආයතනයකට (රජයේ වෛද්‍ය සභාවට* පසු කලෙක මාලඹේ සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමේ සදාචාරාත්මක අයිතියක් තිබේ දැයි ප‍්‍රශ්න කිරීමට අපට සිදුවේ.
රජයේ වෛද්‍ය සභාව යනු ජනතාවගේ මුදලින් නඩත්තු- වන ආයතනයකි. මේ වන විට රජය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල සිසුන් හා සයිටම් ආයතනයේ සිසුන් මෙතරම් බරපතල අර්බුදයකට ඇද දමා තිබෙන්නේ රජයේ වෛද්‍ය සභාව බව පැහැදිලිය. ඊට එහි වත්මන් සභාපතිවරයා වගකිව යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මීට වසර 6කට පෙර එහි සභාපති ලෙසින් පත්කරන්නේ මේ සියලූ ප‍්‍රශ්න විසඳා, රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ නියාමනයක් සකසා, සයිටම් ප‍්‍රශ්නය විසඳීමටය. ඔහු නොකරන්නේ ද එ් ටිකමය.
මහාචාර්ය කාලෝ කීර්තිමත් උගතෙකි. හොඳ ගුරුවරයෙකි. කලාකාමී පරිචයක් ඇති වියතෙකි. එ් පිළිබ`ද විවාදයක් නැත. එහෙත් ඔහු මේ ආයතනය තුල පසුගිය සමයේ කටයුතු- කර තිබෙන්නේ විටින් වට එකිනෙකට පටහැනි ප‍්‍රකාශ නිකුත් කරන වගකීම විරහිත හුදු කතා කාරයෙකු ලෙසිනි. විටෙක ඔහුට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙනුනේ එල්. ටී. ටී. ඊ මෙන් ත‍්‍රස්ත සංවධානයක් ලෙසිනි. මේ මහාචාර්යවරයා වත්මන් රජය යටතේද නැවත පත්වී විශ‍්‍රාම යන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ”නියාමනයක්” සැකසීමට නොහැකි වූ වත්මන් ගැටලූවේ එක් පාර්ශව කරුවෙකු වන අසාර්ථක සභාපතිිවරයෙකු- ලෙසිනි.
මේ වන විටත් අපේ රටේ වුවද පෞද්ගලික අංශයේ උපාධි පිරිනමන ආයතන 27ක් පමණ කි‍්‍රයාත්මක වේ. වෛද්‍යවරයෙකුට වැර දුනොත් මිය යන්නේ එක් රෝගියෙකි. පෞද්ගලික උපාධිධාරී ඉංජිනේරුවරයෙකුට වැරදි ගොඩනැගිල්ලක් කඩා වැටුනොත් සියගනනක් මිය යා හැකිය. අද අවැසි වන්නේ උපාධිය ලබා ගන්නා ආයතනය රජයේ ද, පෞද්ගලික අංශයේද කියන කාරනය නොව එය කුමන ”නියාමනයකට” ”ප‍්‍රමිතියකට” යටත්ද යන්නය. මේ බව දේශපාලන නි්‍යාය පත‍්‍රයන්ට අනුව ඩෙගානටන වත්මන් වෛද්‍ය උගතුන් වටහා ගැනීම රටේ උන්නතියට වැදගත් වේ. මේ නිසා අප සටන් කළ යුත්තේ යම් ආයතනයක නියාමයන් හා ප‍්‍රමිතිය ස්ථාපිත කිරීමට, රැුක ගැනිමට කටයුතු කිරීම මිස විනාශ කිරීම උදෙසා නොවේ.
-වසන්ත පි‍්‍රය රාමනායක-