30 වන දාට ප්‍රථම ගැටලු නොවිසඳුනොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් – ලංකා ගුරු සේවා සංගමය

Spread the love

පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දී සිටින ප්‍රශ්න සහ ගැටලු සඳහා මේ මස 30 වන දිනට ප්‍රථම යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් එදිනෙන් පසුව වෘත්තීය සම්ති ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමය කියා සිටියි.

මේ වන විට බරපතල වැටුප් විෂමතාවන් මතුවී ඇතැයි පෙන්වා දෙන සංගමය 2008 වසරින් පසුව උසස් වීම් ලැබිය යුතු ලෂයකට ආසන්න ගුරු පිරිසකට උසස්වීම් අහිමිවී ඇතැයිද සඳහන් කරයි.

දකුණ, සබරගමුව, වයඹ, ඌව, සහ මධ්‍යම යන පළාත්වල ගුරුවරුන්ට කෝටි 300 කට ආසන්න මුදලක් හිඟ වැටුප් ලෙස රජයෙන් ලබිය යුතු බව පෙන්වාදෙන සංගමය මෙම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර නොලදහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයට අනතුරු හඟවයි.

මෙම හෙළි කිරීම් සිදුවූයේ ඊයේ (9 අගෝ.) කොළඹ නිපොන් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

RSL

Related Posts